IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


ඇත්ත පැවසීම නිසා දිල්රුක්ෂිගේ වැඩ තහනම් වුණා යැයි මහින්ද කියයි

(නාලක සංජීව දහනායක)

සොලිස්ටර් ජෙනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනමට ඇත්තම හේතුව වත්මන් ආණ්ඩුවේ බලපෑම් සම්බන්ධයෙන් ඇත්ත ප‍්‍රකාශ කිරීම යැයි විපක්‍ෂානයක මහින්ද රාජපක්‍ෂ මහතා අද (29) පැවසීය.

වත්මන් ආණ්ඩුව කළ වැඩ පිළිබඳව එකිනෙක එළිවෙමින් තිබෙන බවත් ඒ අනුව ඉදිරියේ දී තවත් බොහෝ දේවල් හෙළිවේ යැයි ද ඔහු කීය.

එහිදී විපක්‍ෂනායකවරයා මෙසේද පැවැසීය.

"වසර විසි ගාණකට පසුව අපිට සියලූ මැතිවරණ උතුරු හා නැගෙනහිර පළාත්වල පැවැත්වීමේ හැකියාව ලැබුණා. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුන්නේ අපි. මේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවභාවිතා කළා. නමුත් මේ අය මැතිවරණ කල් දැම්මා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් චෝදනා නැතුව තමන්ගේ විරුද්ධවාදීන්ට නඩු පැවරූ ආකාරය ගැන සොලිස්ටර් ජනරාල්වරිය දැන් කියනවා. ඇත්ත කියන්න යෑම නිසා දැන් ඇයගේ වැඩ තහනම් වෙලා. මේ ආණ්ඩුව කරපු වැඩ ගැන දැන් එකිනෙක එළිවෙමින් තිබෙනවා. තවත් ඒවා ඉස්සරහදි එළිවේවි.

පහුගිය කාලේ නියඟය තිබුණා. දැන් වැස්ස වැඩිවෙලා ගංවතුර ගලලා. යුද්ධය නිම කරලා අපිට අවුරුදු දහයක් නිදහසේ ඉන්න ලැබුනේ නැහැ. මරාගෙන මැරෙන බෝම්බ පිපුරුණා. ජාතික ආරක්‍ෂාව විනාශ කළා. එතැනින් නැවතුණේ නැහැ. දැන් අලි මරා දමන්නත් පටන්ගෙන. කැලේ ඉන්න අලින්ට විස කවලා මරාදමනවා. කකුල් දෙකේ අලිනම් පන්නන්න ඕනෑ. මේ තත්ත්වයන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි" යැයි ඔහු කීය.

කොළඹ, ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (29) පැවැති ලංකා සමසමාජ පක්‍ෂයේ විශේෂ මහ සමුළුවට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



අදහස් (22)

ඇත්ත පැවසීම නිසා දිල්රුක්ෂිගේ වැඩ තහනම් වුණා යැයි මහින්ද කියයි

Nissanka Sunday, 29 September 2019 10:26 AM

කිඹුල් කඳුළු...

:       549       785

kule Sunday, 29 September 2019 10:36 AM

ඕවට මෙහෙමත් කියනවා.. බල්ලොත් එක්ක ලැග්ගම මැක්කොත් එක්ක නැගිටින්න කියලා. ඒ වගේම කුම්බලා මාළු කෑවා නම් විඳවපන් කියලා.

:       0       208

ලක්ශාන් Sunday, 29 September 2019 10:57 AM

ශිරාණි බණ්ඩාරනායක කියලා කෙනෙක් හිටියා මතකද දන්නෑ..

:       132       445

රවින් Sunday, 29 September 2019 11:09 AM

ඇත්ත කියූ නිසා දිල්රුක්ෂි ගෙදර ඇරියා කියමුකෝ... බොරු කියකියා ජනතාව රවට්ටන කුහක දේශපාලකලාට මොකද කරන්න ඕනේ?

:       1       226

kap Sunday, 29 September 2019 11:38 AM

දැන් දිල්රුක්ෂි සීදේවි.... හොර හොයන කාලේ කව්ද එතකොට?

:       30       156

ශ්‍රී Sunday, 29 September 2019 11:56 AM

ඇත්ත කියලා සමහරු මහපාරේ වෙඩි කෑවා.. අමතක වෙන ලෙඩේට බෙහෙත්ගන්න.

:       26       265

Buddika Sunday, 29 September 2019 12:28 PM

අම්මපා කටින්ද කතා කරන්නේ? මේ වගේ අවස්ථාවාදී, බලලෝභී අය තවත් නැතිව ඇති. එතකොට හිටපු අගවිනිසුරුතුමියට මොකද වුණේ?

:       0       209

Nandalal DE SILVA - France Sunday, 29 September 2019 02:33 PM

මේ වෙලාවේදී සොලිස්ටර් ජෙනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ පිටින් ලකුණු දමාගන්න එන්න එපා..! ඒ කාලේ කරපු වැඩ ගැනත් හිතන්න. ඒවා ගැණත් පසුතැවිලි වෙනවා වගේ කතා කියන්න මොකද බය? මිනිහෙක් සුදනා වෙන කතා කියන්නේ එයාගේ බලය පහවී ගියාට පස්සේ බව මහින්ද රාජපක්ෂ මීට පෙර කිහිප පාරක් කියා තිබේ. කරලා ඔප්පු කරලත් තිබෙනවා. ඕවා කියලා අපේ කාලේ කන්න එපා!!!

:       43       157

සම්පත් Sunday, 29 September 2019 04:49 PM

සිත නිවන කතා අංක 01..

:       0       25

Perera Sunday, 29 September 2019 06:18 PM

අපේ මහරජතුමාට විරුද්ධව කොමෙන්ට් දාන එවුන් රාජ ද්‍රෝහියෝ...

:       39       85

ChathuriSunday, 29 September 2019 09:34 PM

අපිට නම් තවම මහ රජෙක් පහළ වෙලා නැහැ. ඉස්සර කාලේ හිටපු සේරම නම්බුකාර විදියට රට වෙනුවෙන් සටන් කරලා මියගිහින් ගොඩක් කල්. මේ කියන රජ්ජුරුවෝ රජ වෙන්න කියලා එක රජ කෙනෙක්ගේ කඩුවක් හෙව්වා කියලා ආරංචියි. ඔබද හොයන්න. උදව් කෙරුවේ? මම දන්නවා කම්බ හොරු කියලා කට්ටියක්. රට විනාස කෙරුවා. රජ කෙනෙක් කරන වැඩ නෙමේ කෙරුවේ.දැන් කියන කතා ඇහුවම අමතක වීමේ රෝගය ජනතාවට තියෙනවා වගේ කතා කරන්නේ. අලි මැරුණා කියලා කකුල් දෙකේ අලි ගහල එලවන්න ඕනලු. එහෙම බැලුවොත් මිනිස්සු පැහැරගෙන ගිහින් මරපු අයව උල තියන්න ඕන.පුත්තු විවාහ වෙලා ගැණු ගේනවා. රැකියා නැහැ. මගුල් කන්නේ ලෝකයට පේන්න ජනතාවගේ හොරා කාපු මුදලින්.රැකියා නැති පුත්තුන්ට,අඹුවට රටේ වටිනා කියන ආයතන බාරදෙන්න.අද මේ නිලධාරිනියගේ රැකියාව අහිමි වුනේ ඇත්ත කියපු නිසා. අද කම්බ හොරු එළියේ ඉන්නේ බොරු කියපු නිසා.

:       0       0

Nandalal DE SILVA - FranceMonday, 30 September 2019 12:38 AM

එයාට දුම් අල්ලා වන්දනාකරමින් කොමෙන්ට්ස් දමන පෙරේරා මල්ලිලාට අපි කියන්නේ "රාජපක්ෂලා" කියලයි.

:       52       53

samwilMonday, 30 September 2019 06:27 AM

ඉස්සර කිව්වේ බත් ගොට්ටෝ කියලා .දැන් කියන්නේ පුන්නක්කු ලෝලියෝ කියලා. රජිත, චම්පික, අනුරලගේ ගේම් අතේ මාට්ටු වෙලත් මේ අයට තේරෙන්නේ නැහැ .

:       0       0

Mahinda Sunday, 29 September 2019 10:36 PM

හොඳ ආදර්ශයක්.., සෑම සියලු දෙනාම ඇත්ත කියනවා නම් සියල්ල යහපත්...

:       0       0

සත්‍යපාල Sunday, 29 September 2019 11:51 PM

තමුන් බලයේ ඉන්න කාලේ කරපුවා මතක නැහැ වගේ. සුදනා වෙන්න හදනවා. අපි මැරිලා, ඉපදුණා කියලා හිතාගෙන ඇති...

:       0       0

Mahee Monday, 30 September 2019 02:19 AM

දේශපාලනයට අත්‍යවශ්‍යම සුදුසුකම තමන්ට ඇති බව මෙතුමා නැවත නැවතත් පෙන්නුම් කරනවා. එ්කට කියන්නේ ලැජ්ජා නැතිකම කියලයි. හැබැයි, ඕකේ වටිනාකම කියන්නේ, වහලුන් ඔය කරන කතා ඇහුවාම හිතන්නේ මේ කියන්නේ ඇත්ත නේද කියලා...

:       0       27

Chanak los angeles Monday, 30 September 2019 05:19 AM

සාටකයෝ අන්න යහපාල කියනවා අද ඔබ ඔය විපක්ෂ නායකකමේ ඉන්නේ එයාගේ ලියවිල්ලක් උඩයි කියා.මේ වගේ කතා අහගෙන තවත් ලැජ්ජා තියනවනම් ඔහොම ජනතාව අතරට එන්නේ නැහැ .

:       5       1

Chanak los angeles Monday, 30 September 2019 05:28 AM

මොහු දැන් ඉන්නේ ක්‍රෝධයෙන් මත්වෙලා . මොහු මේ ළඟදී රැස්වීමක කියා තිබෙනවා අපිට බලය ලැබුනාම අපිට හිරිහැර කරපු ඔක්කොම එවුන් නැති කරනවා කියලා.ඔව් ඇත්ත මේ එන්න හදන්නේ මේ දේ කරන්න තමයි. හැබැයි සාටකයන්ට දිනන්න නොහැකි නිසා ඒ දේ කරන්න ලැබෙන්නේ නැහැ.

:       18       12

thilakasiri Monday, 30 September 2019 05:34 AM

ලංකාවේ සියලු දේශපාලන පක්ෂවල ඉන්නේ ඒ ඒ පක්ෂවලට අදාල මත පිළිගන්න අය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක ප්‍රධාන ලක්ෂණය වන්නේ ඒ විවිධ මතධාරීන්ගේ මත ගැටුමේ සම්ප්‍රයුක්තය රාජ්‍ය යාන්ත්‍රණය බවට පත්කිරීමට නීති සම්පාදනය කරමින් උපාය උපක්‍රම දීමයි. විවිධ මත තිබීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අවශ්‍යම සාධකයක් වන අතර ඒ ඒ මත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින රටේ ප්‍රගතියට ඉවහල් වෙනවා. එවැනි විවිධ මත උත්පාදනය මෙන්ම ද්වේශයෙන් තොරව බුද්ධිමත්ව කරන ඒ ඒ මත ගැටීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නැතුවම බැරි සාධකයක් මිස ඒ ඒ මතධාරීන් එකිනෙකාට හතුරෝ නොවෙයි. යම් ජනපති අපේක්ෂකයෙකු වෙනුවෙන් කතා කරන අය තම ප්‍රතිවාදියා හතුරෙකු ලෙස හුවා දක්වමින් එම ප්‍රතිවාදියාට වෛරී දේශපාලනය නොකරන ලෙසට බණත් කියනවා රූපවාහිනිය නරඹතද්දි මට ඇහෙනවා. අනේ ඇත්තට මේ වගේ පුහු කතා කියන අයටත් ඡන්දේ දෙන මෝඩයොත් ඉන්නවනේ මේ රටේ.

:       0       0

Chanak los angeles Monday, 30 September 2019 05:35 AM

මෙහෙම අධික තණ්හාවෙන් පෙළෙන පුද්ගලයෙක් මුළු දේශපාලන ඉතිහාසයේම සිටියේ නැත.

:       31       152

suddaMonday, 30 September 2019 07:02 AM

අැයි රනිල්? කී පාරක් පැරදුණාද? මේ පාරත් සජිත්ලා බයකරේ නැත්නම් එනවනේ...

:       0       0

Rata perata Monday, 30 September 2019 06:16 AM

මේ වගේ කාලකන්නියන් පත්කරපු අපිටයි ගහන්න ඕනේ. ශිරාණි බණ්ඩාරනායකට මේ මනුස්සය කළදේ මතක නෑ වගේ දැන් කියවන්නේ...

:       0       57

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පොලිසිය අපකීර්තියට පත්කළ නිලධාරීන්ට දැඩි පියවර
2025 ජනවාරි මස 23 34 0

රාජකාරී කාලය අතරතුරදී පොලිස් සේවයට නොගැලපෙන අන්දමින් හැසිරෙමින් කිසියම් ස්ථානයක පොලිස් නිලධාරීන් පිරසක් නිදා සිටින වීඩීයෝවක් සම්බන්ධයෙන් විමර්ශන


වරාය අධිකාරියේ පර්යන්ත 2024දී වාර්තාවක් තබයි
2025 ජනවාරි මස 23 331 1

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බහලුම් පර්යන්ත පසුගිය වසර තුළ බහලුම් මිලියන 2.4කට අධික සංඛ්‍යාවක් මෙහෙයවමින් 2023 වසරට සාපේක්‍ෂව සියයට 23ක වර්ධනයක් ප්‍රදර්ශන


’’මින් ඉදිරියට, ඇමති ආයතනවලට නිතර එනවා’’
2025 ජනවාරි මස 23 998 2

නව රජයේ පත් කිරීම් සිදු කිරීමේ දී ඥාති සම්බන්ධතා හෝ හිතවත්කම් සැලකිල්ලට නොගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉක්මණින් දෙනවා
2025 ජනවාරි මස 23 263 0

ප්‍රශ්න කීපයක් පිටවීමෙන් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවූ ශිෂ්‍යත්ව විභාගයේ (2024) ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


කොළඹ - මහනුවර මාර්ගය නිට්ටඹුවෙන් අවහිර වියහැකියි
2025 ජනවාරි මස 23 509 1

නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථාන වාර්ෂිකව ‘දුරුතු නද’ මහ පෙරහැර හේතුවෙන් හෙට (24) රාත්‍රී කොළඹ - මහනුවර මාර්ගයේ නිට්ටඹුව නගරයේ සිට මල්වත්ත හන්දිය දක්


සියලු කොටස් මිල ඒකක 17,000 පනී
2025 ජනවාරි මස 23 268 2

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව අද (23) පසු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 7 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 505 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 633 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site