
(ඩයනා උදයංගනී, ඩී.ජී. සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංහය පවසයි.
මෙම ආසාදිතයින් අතරින් 78 දෙනෙක් අද වාර්තා විය. දිවුලපිටියෙන් හමුවූ කාන්තාව හා ඇගේ දියණිය අනෙක් ආසාදිතයින් දෙදෙනා වේ.
එම කාන්තාවගේ සැමියා හා පිරිමි දරුවන් දෙදෙනාට මෙම වයිරසය ආසාදනය වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තවගේ සමිපතමයින් නිරෝධායනයට යොමුකර සිටින හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින පිරිසගේ සිදු කරන ලද පී.සි.ආර්. පරික්ෂණවලදී ඇඟලුම් කම්හලේ අට දෙනෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට අද (05) තහවුරුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම අට දෙනා හපුවලාන මරඳගහමුල, අලුත්පිල්ල වෑගොව්ව, දුනගහසෙවණ දූනගහ, මඩුල්තැන්න අපරගම, දෙල්වගුර, දොළගැට්ටපාර උඩුගම්පල සහ කපුවත්ත ජාඇල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ඇඟලුම් කම්හලේ කාන්තාවන් 18 දෙනෙකු ඊයේ මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබු අතර එම පිරිසෙන් අට දෙනෙකුට මෙසේ කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවි තිබේ.
මෙම අට දෙනා අද මෙයට ටික වේලාවකට පෙර මිනුවන්ගොඩ සහ ඉරණවිල රෝහල් වෙත රැගෙන ගිය බවද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

COMMENTS
පෙර දිනවල කොරෝනා මර්දනයට රජය නිසි ක්‍රමවේද යෙදුවා. ඒත් ටික කලක් ගොස් සියලු නීති අමතක කොට දැමුවා. මිනිසුන්ට මුඛ ආවරණ නොමැතිව සිත් සේ සැරිසරන්නට ඉඩ හැරියා. බස්වල, කෝච්චිවල පොල් පටවන්නා සේ ආපසු සෙනඟ අරගෙන ගියා... පෙරයුගයේ තිබූ උණුසුම ගැන කිසිඳු තැකීමක් කළේ නෑ. මේ නිසා නැවතත් පැමිණියා. දැන් ඉතින් ආයෙමත් තියෙන්නේ පුදුම කරදරයක්... මුලසිටම මේවා දිගටම පාලනය කළා නම් අද මේ දේ වෙන්නේ නැහැ.
ආණ්ඩුව උඩපැන්නා වැඩියි.