IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ඇකිරියේ භූ චලනය ගැන සතියකින් තක්සේරුවක්


(විමුක්ති සංජය පෙරේරා)

 
බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඇකිරිය ගම්මානය ආශ්‍රිතව හටගත් භූ කම්පන තත්ව පිළිබඳව සොයාබලා, සතියක් ඇතුළත අනෙකුත් ආයතන හා එක්ව තක්සේරුවක් කරන බවත්, ඒ පිළිබඳව පර්යේෂණයක් ආරම්භ කර ඇති බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා පැවසීය.
 
ඇකිරිය ගම්මානයේ සිදුවුභූ කම්පනය සම්බන්ධයෙන්  නිරීක්ෂණ  කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.

ඉකුත් 22 වැනිදා සහ ඊයේ(31) යන දිනවදී ඇකිරිය ගම ආශ්‍රිතව භූ කම්පන හටගැනිණි.
 
ඇකිරිය ගම්මානයට පැමිණි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ නිලධාරීහු භූ චලනයත් සමග ප්‍රදේශයේ පාරිසරිකව ඇතිවී ඇති වෙනස්කම් නිරීක්ෂණය කළහ. ඇකිරිය රාජමහා විහාරයේ බෝධිප්‍රාකාරයේ බැම්ම සහ ප්‍රදේශයේ  නිවාස කිහිපයක සුළු ඉරිතැලීම් ද ඔවුහු නිරීක්ෂණය කළහ. ඉදිරියේදි ඇතිවිය හැකි භූ චලන පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම සදහා  භූ කම්පන මාපකයක් නිවසක සවිකර  එය නැවත නිරීක්ෂණයට ලබන 3 වනදා එම පිරිස යළි පැමිණීමට නියමිතය.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද සෙනවිරත්න මහතා මෙසේද පැවසීය.
 
“ඊයේ අලුයම 2.59ට පමණ ඇකිරිය ගම්මානය ආශ්‍රිතව සුළු භූ චලනයක් ඇති වුණා. ඒ භූ චලනය අපේ කාර්‍යංශයට අයත් මාකන්දරාව, හක්මන, පල්ලේකැලේ සහ බුද්ධංගල යන භූ කම්පන මධ්‍යස්ථාන හතරේම සටහන්වෙලා තියෙනවා. ඒ අනුව අපි ගණනය කළාම, මෙහි විශාලත්වය රික්ටර් මාපක 2ක් වෙනවා. මීට සතියකට පෙරත් මේ ප්‍රදේශය ආශ්‍රිතවම එවැනි සුළු භූ කම්පනයක් ඇති වුණා. අපි ඒ පිළිබදව දැනටමත් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. මේ ප්‍රදේශය ආශ්‍රිතව අක්කර 64ක් පුරා විහිදිලා ගිය හුණුගල් ස්ථරයක් තියෙනවා. ඒ වගේම පතල් කර්මාන්ත රැසක් කරගෙන යනවා. අපිට පේන විදිහට මෙය සරල, සාමාන්‍ය භූ කම්පනයක්. ඒ භූ කම්පනයේ තියෙන බලපෑම  ප්‍රදේශයේ භූ විෂමතාවය අනුව කොහොමද ජන ජීවිතවලට බලපාන්නේ කියල අපි හොයාබලනවා. කඳු ආශ්‍රීතව ජීවත් වෙන අයට එයින් ඇති විය හැකි ආපදා ගැන, අපි ඉදිරි සතිය ඇතුලත අනෙකුත් ආයතනත් සමග සම්බන්ධ වෙලා  තක්සේරුවක් කරනවා. ඒ අනුව මීට අදාලව ආපදා කළමණාකරන කටයුතු සංවිධානය කරනවා. ඉදිරියෙදි ඇතිවිය හැකි කම්පන පිළිබදවත් අපි දිගින් දිගටම  අවධානයෙන් ඉන්නවා” යැයිද භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා පැවසීය.



අදහස් (0)

ඇකිරියේ භූ චලනය ගැන සතියකින් තක්සේරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 123 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 972 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2577 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site