(අංජුල මහික වීරරත්න)


ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට වූ ශ්‍රී ලංකාව සීඝ්‍රයෙන් ඒකාධිපති රාජ්‍යයක් කරා පරිවර්තනය වෙමින් පවතින්නේ යැයිද ඒ සඳහා මූලිකවම වගකිව යුත්තේ ජනාධිපතිවරයා යැයිද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.


ජනාධිපතිවරයා ඔහු ලබා දුන් ප්‍රතිඥා සාහසික ලෙස උල්ලංඝණය කර ඇති බව පවසන මංගල සමරවීර මහතා ඒ සඳහා දෝෂාභියෝගයකින් පමණක් නොව රටේ සාමාන්‍ය නීතියෙන්ද දඬුවම් කළ යුතු බව සඳහන් කළේය.


තහනම් නියෝගය ලබාදී දින ගණනාවක් ගතවී ඇතත් රජයක් ස්ථාපිත කිරීමට කිසිදු පියවරක් ගෙන නැති පසුබිම යටතේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ රජයක් නොමැති ප්‍රථම රට බවට පත්ව ඇතැයි මංගල සමරවීර මහතා පැවැසීය.