IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘ආසියාන්’ සංවිධානයට 52යි

(හර්ෂණ තුෂාර සිල්වා)

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානය(ආසියාන්) ආරම්භ කර වසර 52ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාල පරිශ්‍රයේදී අද (8) පෙරවරුවේ පැවැත්විණි. 

මෙහිදී ආසියාන් සංවිධානයේ ධජය ඔසවන ලද අතර ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ගුස්ති  න්ගුරා ආර්ඩියාසා මහතා පිළිගැනීමේ කතාව කළේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චුලමනී චාර්ට්සුවාන් මහත්මිය අදහස් දැක්වූවාය. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉන් අනතුරුව අදහස් දැක්වීය.

තායිලන්තය ආසියාන් සංවිධානයේ වත්මන් සභාපතීත්වය හොබවයි.

1967 වසරේ අගෝස්තු 8 වැනිදා තායිලන්තයේ බැංකොක් අගනුවරදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානය (ආසියාන්) සංවිධානය ආරම්භ කරන ලදි. අග්නිදිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන් පස් දෙනකුගේ සහභාගීත්වයෙන් ආසියාන් සංවිධානයේ පළමු හමුව පැවැති අතර එහිදි බැංකොක් ප්‍රකාශනයට ද අත්සන් තබන ලදි. කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා කැපවීම කෙරෙහි එහිදි අවධානය යොමු කරන ලදි.

ආසියාන් සංවිධානය අද වනවිට කලාපයේ රටවල් අතර ආර්ථික, දේශපාලන, හමුදා සහ ආරක්ෂක, අධ්‍යාපන සහ සමාජ හා සංස්කෘතික අංශ අතර සහයෝගීතාව වැඩි කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ටැන් යැන්ග් තායි,  මියන්මාර තානාපති හන් තු යන මහත්වරුන් වියට්නාම තානාපතිනි පන් කියු තු හා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් යන මහත්මීහු, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)  



අදහස් (0)

‘ආසියාන්’ සංවිධානයට 52යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site