IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආසාදිත සා.පෙළ අපේක්ෂකයෝ දෙදෙනෙක් රෝහලේදීම විභාග ලියන්න යති

(සුමතිපාල දියගහගේ)

 
කොරෝනා වයිරසය ආසාදනයවීම නිසා ප්‍රතිකාර සදහා රෝහල්ගතව සිටින දකුණු පළාතේ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් දෙදෙනෙකුට  හෙට (1)    ආරම්භවන අපොස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටිම සදහා ඔවුන් ප්‍රතිකාර ලබන රෝහල්වලම සියලු පහසුකම් සලසා ඇතැයි දකුණු පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) ශාන්ති සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.

 
කරන්දෙනිය  සහ හික්කඩුව ආරච්චිකන්ද යන රෝහලේවල ප්‍රතිකාර ලබමින් සිටින සිසුවියන් දෙදෙනෙකුට එම රෝහල් තුලදිම අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වීමට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පහසුකම් සලසා ඇත. මෙහිදි එම රෝහල්වල විභාග මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මකවන අතර ඒ සදහා විභාග මධ්‍යස්ථානාධිපතිවරුන් දෙදෙනෙක් ඇතුලු නිරීක්ෂණ නිලධාරින් දෙදෙනක්ද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් යොදවා ඇත.
 
කොරෝනා වෛරසය ආසාදනයවීම නිසා ගාල්ල නගරයේ ජනප්‍රිය බාලිකා විදුහලක සහ අහංගම ප්‍රදේශයේ මහ විදුහලක සිසුවියෝ දෙදෙනෙක්  රෝහල්වල සිට මෙසේ අපොස සාමාන්‍ය පෙල විභාගයට ඉදිරිපත් වෙති.



අදහස් (0)

ආසාදිත සා.පෙළ අපේක්ෂකයෝ දෙදෙනෙක් රෝහලේදීම විභාග ලියන්න යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site