
(ඉන්දිකා රාමනායක)
මුලතිව් කල්ලපාඩු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට කඩා වැදී පහර දී එහි පුද්ගලයින් දෙදෙනෙකුට කැපුම් තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය "ආවා ".කල්ලියේ සාමාජිකයන් හය දෙනකු යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අද (8) අලුයම අත්අඩංගුවට ගත් පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මනිපායි සහ කෝපාලි යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 20- 24යන වයස්වල පසුවන්නන් බව ද පොලීසිය පවසයි .
මුදල් ආරවුලක් මත මොවුන් මෙම ප්‍රහාරය සිදු කර ඇති අතර ප්‍රංශයේ වෙසෙන ආවා කල්ලි ප්‍රබලයකු ගෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවක් මත සැකකරුවන් මෙම ප්‍රහාරය එල්ල කොට ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
මේ අපරාධය සඳහා පුද්ගලයන් භාවිතා කළ යතුරු පැදි පැදි තුනක් සහ තියුණු ආයුධ පොලිසිය මගින් සොයාගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd