
(නිමන්ති රණසිංහ)
එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අතැර දමා ගොස් තිබූ බවට සැක කෙරෙන පුද්ගල නාශක ජීව බෝම්බ හතරක් සහ මෝටර් උණ්ඩයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වාලච්චේන පුලන්කාඩු සහ ත්‍රිකුණාමලය ආලංකුලම යන ප්‍රදේශවලින් සොයා ගනු ලැබ ඇත .
වාලච්චේන පූලන්කාඩු ප්‍රදේශයේ තිබී සොයාගත් ජීව බෝම්බ හතර අධිකරණ නියෝග මත පුපුරවා විනාශ කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
එමෙන්ම ත්‍රිකුණාමලය සාම්පූර්ණ ආලංකුලම ප්‍රදේශයෙන් සොයාගත් මිලිමීටර් 81 වර්ගයේ මෝටර් උණ්ඩය මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා සාම්පූර් පොලිසියට භාරදී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS