IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘ආරක්ෂක නිලධාරීන් සම්බන්ධ සිද්ධිය ගැන දැඩි ලෙස කණගාටු වෙනවා’

(චමිල් රූපසිංහ)
 
තම ආරක්ෂක භටයන් සහ තරුණයන් දෙදෙනෙකු අතර ඊයේ(06) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටු වන බවත්, මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් හා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා අද (7) පැවසීය.
 
එස්. බී. දිසානායක මහතා මෙසේ පැවසූයේ තම ආරක්ෂක අංශ භටයන් සමඟ බීමත් පිරිසක් ගමන් ගත් මාර්ගයකදී, ඇතිවූ සිද්ධිය සම්බන්ධව කිවුල්ළිඳ පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
 
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා මෙසේ ද කීය.
 
“ඊයේ සහ පෙරේදා මස්කෙළිය ආසනයේ රැස්වීම් 30ක් විතර තිබුණා. අවසන් රැස්වීම තිබුණේ ලක්ෂපාන පෙදෙසේ. එහි යාමට තිබුණු පොල්පිටියේ මාර්ගය ඉතාම දුෂ්කර අබලන් වෙච්ච පටු මාර්ගයක්. අපි ගිය වාහන 6 ක් 7 ක් ඒ පාරෙ එනකොට තමා මේ සිද්ධිය ඇතිවෙලා තියෙන්නෙ.
 
මගේ ආරක්ෂක අංශයේ නිලධාරින් ගමන් කළේ කුලියට ගත්තු වෑන් රථයක.  මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ බීමත් පිරිසක් ආ වාහනයක් හා ආරක්ෂක අංශයේ නිලධාරියෙක් අතරයි. ඒ දුෂ්කර මාර්ගයේ වාහන දෙක මාරුවෙද්දි බීමත්ව ආ පිරිස ආරක්ෂක භටයන් ගමන් ගත් වෑන් රථයට පහර දීලා. ආරක්ෂක භටයෙකුගේ ගිනි අවිය උදුරගන්න තැත් කරපු වෙලාවෙ ඔහු පොළොවට වෙඩි තියලා.
 
මම ඊළඟ රැස්වීමට ගිහිල්ල ඉන්න අවස්ථාවේයි ඔවුන් මේ සිද්ධිය සම්බන්ධව මාව දැනුවත් කළේ. මගේ ආරක්ෂක භටයන් විස්වාස කරල නැහැ බිමට තිබ්බ වෙඩිදෙකෙන් කිසි කෙනෙකුට තුවාලයක් වෙලා කියලා. පසුව ආරංචි වුණා එක ළමයකුට තුවාල වෙලා ඔහු රෝහල් ගත වෙලා කියලා.
 
මම ඒ අවස්ථාවේදිම ඒ ආරක්ෂක භටයින් තලාතුඔය පොලිසියට යොමු කළා. ඊයේ රාත්‍රියේම ඒ පෙදෙසේ පොලිසියවත් යොමු කළා. සිද්ධිය සම්බන්ධව පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා. ඉතාමත් අපක්ෂපාතීව පොලිසිය පරීක්ෂණ පවත්වයි කියලා බලාපොරාත්තු වෙනවා.


මෙම සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා මේ වෙද්දි පොලිසිය බාරයේ. ඉතාම සුළු සීරීමක් තියෙනවා කියලායි දැනගන්න ලැබුණේ. මෙය ඉතා කනගාටුදායක සිද්ධියක්. පොලිස් නිලධාරීන් පොළවට හෝ වෙඩි නොතිබ්බා නම් හොඳයි.
 
මැතිවරණ ව්‍යාපාරයේ ගෞරවය ආරක්ෂා කිරීමට අපි සියලුදෙනා බැඳී සිටිනවා. මේ සිද්ධිය මගේ පොලිස් නිලධාරීන් අතින් සිදුවීම සම්බන්ධව ඉතාම කණගාටුවනවා” යැයිද එස්. බී. දිසානායක මහතා පැවැසීය.



අදහස් (31)

‘ආරක්ෂක නිලධාරීන් සම්බන්ධ සිද්ධිය ගැන දැඩි ලෙස කණගාටු වෙනවා’

sena Thursday, 07 November 2019 02:17 PM

ගණන් ගන්න දෙයක් නැහැ සර්. තව සුමාන දෙකකින් පස්සේ අරක්කු නෙවෙයි කුඩු ගහලා හිටියත් ඔබතුමාගේ ආරක්ෂකයින්ට අත තියන්න කාටවත් බැහැ.

:       28       4

kumara Thursday, 07 November 2019 02:25 PM

මහත්තයෝ.. අපි මේවගේ දේවල් අනුමත කරන්නේ නෑ. අපි හදන්න දගලන්නේ කාටත් සතුටින් ඉන්න පුළුවන් වට පිටාවක්. මේ වගේ වැඩ වලින් පෙනෙන්නේ අපි හදන්න උත්සාහ කරන රට නැවතත් අඳුරු යුගයකට තල්ලු කරන්න ඔබලා උත්සාහ කරන බවයි.

:       187       763

BamunuarachchiFriday, 08 November 2019 03:02 AM

මන්ත්‍රීන්ට ආරක්ෂකන් තියාගන්න අවසර දීලා රජයෙන් පිස්තොලත් දෙන්නේ කොස් කොටන්නද? ඇයි ඒ ආරක්ෂකයින්ට අවහිර කරන්න පැමිණි මිනිසුන් ගැන කතා නොකරන්නේ.

:       406       94

තිලක්Friday, 08 November 2019 03:59 AM

ඇමති ආරක්‍ෂකයෝ ඇමැති නැතිව කුලී වාහනයක අවි ආයුධ අරන් යන්න පුළුවන්ද?

:       24       12

AmilaFriday, 08 November 2019 05:48 AM

ඔව් ඔව් වෙඩි තියලා මරලා හරි දාන්න තමා තියෙන්නේ කොස් කොට කොට ඉන්නේ නැතුව......ඉස්සර කෙනෙක් කරෙත් එහෙමනේ. මාධ්‍යවේදීන් පේන්න බෑනේ.

:       0       19

BamunuarachchiFriday, 08 November 2019 03:05 AM

පාරේ යන මිනිසුන්ට අවහිර කරන අය රට අඳුරු යුගයකට ගෙනයනවා කියා පෙනෙන්නේ නැද්ද? අනික දිසානායක මේ සිද්දියට සම්බන්ද නැහැ ඔහු සිට ඇත්තේ රැස්වීමක. ඉතින් ඔහුට ඇගිල්ල දික්කිරීමෙන් පලක් නැහැ.

:       427       14

SugathFriday, 08 November 2019 04:13 AM

අනේ බමුණෝ , එස් බී ට කඩේ යන එකද ප්‍රතිපත්තිය. මේ මනුස්සය රටට කර ඇති හොඳ දේ කියන්න බලන්න. පැත්තෙන් පැත්තට පනින එක ඇරෙන්න රටට කර ඇති කිසිම දෙයක් නැහැ .

:       12       227

BamunuarachchiFriday, 08 November 2019 06:58 AM

නැතුව බීගෙන පාරෙයන මිනිසුන්ට අවහිර කරන අයට කඩේ යන්නද කියන්නේ?

:       36       0

ලසන්තFriday, 08 November 2019 03:47 AM

ඊලඟ පාරත් ලිස්ට් එකෙන් යන්න විධියක් ගැන සොයා බලන්න

:       0       50

Hafeel Thursday, 07 November 2019 02:42 PM

කියන්න බොරුවත් හරියට කියන්න එපායි. පොළවට තිබ්බ වෙඩි කොහොමද ශරීරයට වදින්නේ?

:       89       668

Don Thursday, 07 November 2019 02:56 PM

අනේ පව්

:       32       150

ශ්‍රී Thursday, 07 November 2019 04:11 PM

කණගාටුයි, නිවටයින්ගේ ශබ්දකෝෂයෙහි පළමු වදන...

:       0       1

wije Thursday, 07 November 2019 04:34 PM

මේ රටේ ඉන්න සේරම ඔබ වගේ ගොන් හරක් කියලද හිතන් ඉන්නේ? පොළොවට වෙඩි තිබ්බනම් මිනිස්සුන්ට වැදුනේ මිනිස්සු ඒ වෙලාවේ බිම දිගා වෙලාද හිටියේ? ඕවා ගිහින් කියන්න කොණ්ඩේ බැදපු චීන්නුන්නට. මේ වගේ කාළකණ්නි තමා ඉතිහාසේ ඉදන් රට විනාශ කරේ.

:       0       13

Done Thursday, 07 November 2019 05:14 PM

ගිලෙන මිනිහා පිදුරු ගහේ හරි එල්ලෙන්නයි බලන්නෙ. එජාපේ අයත් දැන් හරියට ඒ වගෙයි.

:       1       0

Amila Thursday, 07 November 2019 05:38 PM

බොරුවක් වුනත් හරියට කියැවෙන්නේ නෑ නේද? මහල්ලන්ට කඩේ යන්නේත් ඒ වගේම ඉවසීමක් නැති කුඩු මුදලාලිලා, ගංජා මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, යන එන මන් නැතිවුණු දේශපාලන අනාථයින් සහ මානසික රෝගීන් විතරයි..

:       0       17

chamari dhanapala - valapane Thursday, 07 November 2019 05:49 PM

ප්‍රශ්නයක් නැහැ.. ඔබට ඡන්දෙකින් දිනලා පාර්ලිමේන්තු එන්න බැහැ. ඒ බව නුවරඑළියේ අපි ගිය සැරේ හොඳින්ම පෙන්නුවා. ඔබව අපි පරාද කළා. නමුත් ජනාධිපතිතුමා නිසා පත් කළ ඇමතිකෙනෙක් වගේ ලැජ්ජා නැතිව පාර්ලිමේන්තුවට ආවා. නමුත් සදාචාරාත්මකව ඔබට අයිතියක් නැහැ එහෙම එන්න. රටේ මිනිස්සු එපා කියපු මිනිහාව පාර්ලිමේන්තු ගෙනාවා. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධියි. ඒ නිසා පරදින්න ආසා නම් මේ පාරත් ඉල්ලන්න. අනිවාර්යයෙන්ම ගිය සැරේටත් වඩා වැඩි ඡන්ද ගණනකින් ඔබව පරද්දනවා. ඔබ රටට කලේ කුමක්ද...? කිසිවක් නැත. සමෘධියට විද්ද එක පමණයි...!!!

:       0       12

nishantha Thursday, 07 November 2019 05:53 PM

අනේ අපොයි... ඡන්දෙනුන් පැරදිලා ලැබුණු පින් මන්ත්‍රීකමත් පාවලා දීලා දැන් එනවා පම්පෝරි ගහන්න. අනාගත ඇමතිලාවීමට දැන්ම රස්නේ පිට කරනවා. හොඳ වෙලාවට තව දවස් කීපයකින් මේ ගොල්ලන්ගේ අපේක්ෂකයා පැරදිලා තමන්ගේ රටට යනවා. මේ අය ආයෙත් කාටහරි හේත්තු වෙනවා...

:       0       2

leel gunawardena Thursday, 07 November 2019 06:51 PM

බොරුකීම දේශපාලනයේ පළවෙනිම දිවුරුම් දීමයි. දේශපාලකයන් අකුසල් කරන්න වෙන බව දන්නවා.

:       0       0

සුදු බංඩා Thursday, 07 November 2019 10:04 PM

ඒ සිද්ධිය වෙන වෙලාවේ මෙයා එතන හිටියා කියලා ඒ තරුණයෝ කියනවා. මෙයා සමතයකට පත් කරල ගියාට පසුව වෙඩි තිබ්බා කියල ආයෙත් කිවුවා. දැන් වෙනම කතාවක්. රටේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියල හිතාගෙන ඉන්නේ. අනික ආරක්ෂාවට වෙඩි තියෙන්නෙ බිමට නෙවෙයි උඩට .

:       0       105

gayan Thursday, 07 November 2019 10:21 PM

බබාගේ සිඟිති කථාවට දුකත් හිතුන පපුව හෝස්ගාලා යනවා.

:       0       41

Buddika Friday, 08 November 2019 12:16 AM

කණගාටු වෙලා වැඩක් නැහැ. මිනිසුන්ට වන්දි ගෙවිය යුතුයි.

:       0       5

BamunuarachchiFriday, 08 November 2019 03:08 AM

ඒක උසාවිය තීරණය කරාවි. අනික ආරක්ෂක නිලධාරියා පොලිස් නිලදාරියෙක් මොවුන්ට අවහිර කරලා තිබෙන්නේ ගමේ අය.

:       182       23

upulFriday, 08 November 2019 03:34 AM

ආයුද දෙන්නේ නිරායුද මිනිස්සුන්ට වෙඩි තියන්නද මහත්තයෝ....?

:       0       137

SamanFriday, 08 November 2019 04:39 AM

පුදුම වහලෙක්.

:       0       94

BamunuarachchiFriday, 08 November 2019 07:01 AM

හරිදේට වහලෙක් වෙන එක හොඳ නැද්ද? එක්කෙනෙක්වත් ඇයි පාරේ යන මිනිසුන්ට අවහිර කළේ ඇයි කියලා කතාකලේ නැහැ නේද ?

:       12       0

BamunuarachchiFriday, 08 November 2019 07:03 AM

ආයුධ දෙන්නේ තම ආත්මාරක්ෂාවට. එහිදී ප්‍රතිවාදියාට ආයුධ තිබුනත් එකයි නැතත් එකයි.

:       3       0

BamunuarachchiFriday, 08 November 2019 07:06 AM

පොලිස් ආරක්ෂකයා පමණක් නොව මම උනත් කරන්නේ වෙඩි තියන එක.

:       3       0

Chanak los angelesFriday, 08 November 2019 09:27 AM

සාටකයන් කාල විසිකරන කටු කන මෙහෙමත් වහල්ලු ..

:       0       11

Saman Friday, 08 November 2019 03:56 AM

රංගේ ...... එන්නේ නැද්ද ?

:       0       179

Api Friday, 08 November 2019 07:26 AM

පොළවට වෙඩි තිබ්බා..... ඒ මොකක්ද ඒ ?

:       0       25

ටි ඉන්දික Friday, 08 November 2019 09:14 AM

පව් මෙයා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 93 0

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 217 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මන්ත්‍රී විශ්‍රාම වැටුපට තට්ටු වන පනත ළඟ ළඟ එයි
2025 මැයි මස 09 265 0

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි


මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 2280 1

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩසටහනක්
2025 මැයි මස 09 305 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 243 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1253 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site