IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ආරක්ෂක උපකරණ ටෙන්ඩරය ගැන කොමිසමෙන් විමර්ශනයක්

(බිඟුන් මේනක ගමගේ) 

බිම් බෝම්බ ඉවත් කිරීමේ රාජකාරි සඳහා අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරයක් වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති විදේශීය කර්මාන්තකරුවකුට ලබාදීමට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් කටයුතු කරන බවට ලද පැමිණිල්ලක් අනුව ජාතික ප්‍රසම්පාදන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

බෝම්බ ඉවත් කිරීමේදී පළඳින ආරක්ෂිත කබා, බිම්බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ ආරක්ෂිත කබා හා ආරක්ෂිත හිස්වැසුම් තොගයක් සඳහා කැඳවා ඇති මෙම ටෙන්ඩරය මුළුමණින්ම පාරදෘශ්‍යභාවයෙන් තොර ගනුදෙනුවක් යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල කරනු ලැබ ඇත්තේ ඊට ඉදිරිපත් වූ දේශීය සමාගම වන ඩිනිමා හයිපර්ෆෝමන්ස් පෞද්ගලික සමාගම විසිනි.

ඊට අනුව බිම්බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ ආරක්ෂිත කබා  (JACKET DEMINER ) (PPE& WITH APRON)  300ක් ද බෝම්බ ඉවත් කිරීමේදී පලඳින ආරක්ෂිත කබා  (Jacket  team leader  (PPE)   100ක් හා ආරක්ෂිත හිස් වැසුම්  (WISOR With Helmet)  100 ක් වශයෙන් මිලදී ගැනීමට පුවත්පත් දැන්වීමක් මගින් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යාංශය මෙම ටෙන්ඩරය කැඳවා තිබූ අතර සමාගම් තුනක් මිල ගණන් ඉදිරිපත් කර තිබිණි.



අදහස් (5)

ආරක්ෂක උපකරණ ටෙන්ඩරය ගැන කොමිසමෙන් විමර්ශනයක්

එදිරිසිංහ Tuesday, 22 October 2019 01:28 PM

දේශීය සමාගමේ අයට එයාලගේ ආරක්ෂක ඇඳුම අන්දලා බෝමබයක් පුපුරවාගෙන පෙන්නන්න පුළුවන් කිව්වා නං හරිනේ. මෙතැනදී වැය කරන මුදල වාගේම ඇඳුමේ ගුණාත්මක භාවය බලනවා. දේශීය සමාගමක් කියලා බාල ඇඳුමක් අරං බෝම්බ නිෂ්ක්‍රීය කරන ජිවිත හෑල්ලුවට ලක්කරන්න බැහැනි.

:       41       117

අනුරWednesday, 23 October 2019 01:51 AM

ඇයි දේශීය සමාගමේ අයට විතරක් අනිත් අයටත් ඇඳුම අන්දලා බෝමබයක් පුපුරවාගෙන පෙන්නන්න කියන්න

:       107       31

අප්පුහාමි මාමාWednesday, 23 October 2019 04:30 AM

බෝම්බ පරීක්ෂා කරන වැඩේට යොදාගන්න හොඳම ඉතාම සුදුසු ඩමි දෙසිය විසිපහේ සෙට් එකක් කෝට්ටේ දියවන්නාව වැව මැද තියෙනවා

:       0       24

Akila Wednesday, 23 October 2019 02:49 AM

දේශීය සමාගම් ,නිෂ්පාදන කරුවන්ව නැතිකරලා පාගල දාන එකම රට ලංකාව මොකද අඩු මුදලට ගතහොත් ඇමතිගේ ඉඳල අදාල නිලධාරීන් දක්වා කොමිස් ගාන දෙන්න බැහැනේ .

:       0       101

Chathura Wednesday, 23 October 2019 03:55 AM

කොමිස් තමයි හේතුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1056 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site