(බී.ජී. අමරසිංහ, ඞී.ජේ. විජේසිංහ)
ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු විසින් එහි රාජකාරියේ නියුක්තව සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු සපා කෑම නිසා තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.
බීමත්ව පැමිණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුල්වීමට උත්සාහ දැරූ පුද්ගලයාට කාර්යාල පරිශ‍්‍රයට ඇතුල්වීමට ආරක්ෂක නිලධාරියා ඉඩ නොදීමෙන් කුපිතවූ පුද්ගලයා එක්වරම ආරක්ෂක නිලධාරියාගේ ඇඟට කඩා පැන බිම පෙරළාගෙන සපාකෑමෙන් පසු පලාගොස් තිබේ.
තුවාලකරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
යතුරු පැදියකින් පැමිණ ඇතැයි කියන සැකකරු ආරක්ෂිත හිස් වැස්මක් පැළඳ සිටීම නිසා හඳුනා ගැනීමට නොහැකිවූ බව තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා පොලීසියට පවසා ඇත.
සැකකරු පැමිණි යතුරු පැදියේ අංකය හඳුනාගෙන ඇති අතර ඇල්පිටිය මූලස්ථාන පොලියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක අජිත් ප‍්‍රසන්න මහතාගේ උපදෙස් පරිදි නිලධාරීහු කණ්ඩායමක් විමර්ශන සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහලේදී මේ රෝගියාට කුමක් කළාද කියලා දන්නේ නැති නිසයි මේ ලියන්නේ... මා රැකියාව කරන රටේදී මේවගේ සිදුවීමක් වුණා. ඉංග්‍රීසි ජාතික ගැහැණු ළමයෙක් කැනේඩියානු මහත්මයෙක්ව හපා කෑවා. එ්ත් ආරක්ෂක ප්‍රශ්නයක් නිසා... ආරක්ෂක නිලධාරියාව වහාම රෝහල වෙත රැගෙන ගිය අතර පරීක්ෂාවන් 3 ක් සඳහා යොමු කළා. 1. පිස්සු බලු රෝගය. 2. H I V සහ 3. හෙපටයිටිස් බී රෝගයන් සඳහා. වාසනාවකට ඒ කෙල්ලට කිසිම ලෙඩක් තිබිලා නැහැ. නමුත් ආරක්ෂාව ප්‍රතිකාරයට වඩා හොඳයි කියනවානේ...
යතුරු පැදිය ආවේ ගේට්‍ටුවෙන් නම් ඒකේ අංකය ලියලා ඇතිනේ. අනික හෙල්මට් එකක් දාගෙන හිටියා නිසා අඳුන ගන්න බැරි වුනා නම් හපා කෑවේ කොහොමද? ඒ වගේම මූණ වහලා තියෙද්දි මත්පැන් ගඳ වහනය වෙන්න බීලාද නාලාද?
මරු කතාවක් නේ තුවාල කාරය කියන්නේ. කොහොමද ෆුල් හෙල්මට් දාපු මිනිසෙක් සපා කන්නේ.