

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ ගාමිණී සරත් ගුණවර්ධන)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව දිවයින පුරා පැළ දස ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ දුර්ලභ ඖෂධ පැළ සිටුවීමේ වැඩසටහනක් අද(01) නාවින්න ආයුර්වේද සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
ආයුර්වේද සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාගලා අභයවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
මීට සහභාගි වූවෝ රත්හඳුන්, සුදු හඳුන් ඇතුළු විවිධ ඖෂධීය පැළ සිටවූහ.
මෙම අවස්ථාවට ආයුර්වේද සංස්ථාවේ වැඩබලන සාමාන්‍යාධිකාරී අර්ජුන මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා...හා... බලාගෙන අත්වල පස් ගෑවෙයි.
ඕවා මිනිස්සුන්ට වතුවල හිටවන්න පුළුවන් විදියට මිලට ගන්න ක්‍රමයක් නැද්ද?
සුදු හඳුන්, රත් හඳුන් මේ ගස් ගන්න තැනක් කියන්න..
ඇත්තටම මේ රත්හඳුන් සහ සුදු හඳුන් පැල අනිත් මිනිස්සුන්ටත් බෙදා දුන්න නම් නේද හොඳ. අපිත් ඇත්තටම සුදු හඳුන් වගා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් සුදු හඳුන් අස්වැන්න නෙලන්නේ (ඉන්දියාව) අවුරුදු 30 කට පස්සේ කියලා තැනක තිබුනා. අපිට රත් හඳුනුත් ඒ විදහට වගා කරන්න පුළුවන්. අක්කරේකට සාමාන්‍යයෙන් පැල 400ක් විතර වවන්න පුළුවන්. ඇත්තම කියනවා නම් අපේ රටේ තව කරන්න බොහෝ දේවල් තියෙනවා.
ඇත්ත වශයෙන්ම මේවා ප්‍රදර්ශනාත්මක වැඩ විතරයි. කෝ පහුගිය කාලේ හිටවපු පැළ? නිකම් වියදම් කරලා සාත්තු නොකර මැරෙන්න අරිනවා. ඊළග අවුරුද්දෙත් එතනම පැලේ හිටවනවා.
ඇත්තටම මේවා පැල කරන්න ඕන ඒ ශාඛ වලට සුදුසු පරිසර තත්ත්ව ඇති වනාන්තර වල සහ පළාත් වල නේද ? විශේෂයෙන් මේ ඖෂධ ශාඛ අදාල වැසි වනාන්තර වල සුදුසු අධීක්ෂණ යටතේ හිටෙව්වා නම් මීට වඩා පලදායි වෙන්න තිබුනා කියලා මට නම් හිතෙන්නේ. දරුවෝ අනාත නිවාස වල හදනවා වගේ වැඩක් තමයි මේකෙන් වෙන්නේ. මෙහෙම හිටවපු ගස් වලින් කීයෙන් කීයද අද වෙනකොට අපිට දකින්න ඉතුරු වෙලා තියෙන්නේ ?