IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


ආයතන 3 කදී අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අඩුවෙන්

අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල වෙළඳපොළ මිල ගණන්වලට වඩා අඩුවෙන්, සතොස, සමූපකාර හා කිව් ෂොප් හරහා ඉදිරි මාස තුනකදී ලබාදීමට රජය තීරණය කර තිබේ.

වෙළඳ අමාත්‍යංශයේ අද(05) පැවති දැනුවත් කිරීමේ හමුවේදී, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී, අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27හි දැනට වෙළඳපොළෙහි පවතින මිල ගණන් හා භාණ්ඩ ස්ථායීකරණ ව්‍යාපෘතිය යටතේ සතොස, සමූපකාරය හරහා පාරිභෝගිකයාට නිකුත් කරන මිල ගණන් යන දෙකෙහි වෙනස මගින් ජනතාවට ලැබෙන සහනය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

පවත්නා ගෝලීය වසංගත තත්වය හමුවේ ජනතාවට උපරිම සහන ලබාදීම සඳහා ලබන සඳුදා සිට මෙය ක්‍රියාත්මක කෙරෙන බවද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම භාණ්ඩ ලබාගැනීමේදී යම් ගැටලුවක් වෙතොත්, ඒ පිළිබඳව විමසීම සඳහා 1998 සෘජු දුරකතන අංකයත්, යම් ස්ථානයක මිල ගණන් වංචා සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා 1977 සෘජු දුරකතන අංකයත් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



අදහස් (17)

ආයතන 3 කදී අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අඩුවෙන්

Nuwan Friday, 05 February 2021 10:16 AM

අතීසාරෙට අමුඩේ ගැසීම කලාවක් නම් වත්මන් පාලකයන් එහි පිකාසෝය..!

:       3       59

thushara Friday, 05 February 2021 10:35 AM

මරු සහනය. අවුරුද්දක් වෙද්දි භාණ්ඩ මිල දෙගුණයක් වෙලා. එහෙම නැත්නම් වෙළෙඳපලේ හොයා ගන්නත් නෑ. ලංකාවේ අසාර්ථකම රජය...

:       4       51

saman Friday, 05 February 2021 10:51 AM

මහත්තයෝ සම්බා කිලෝව 93ට දෙන්න ගහපු ගැසට් එකට මොකද වුනේ?...

:       3       47

Hafeel Friday, 05 February 2021 02:22 PM

මෙයා තමයි දඹුල්ල්දී කිව්වේ ගැසට් පත්‍රයේ මිලට බත් කන්න නම්, ඊළඟ යල කන්න වෙනකම් ඉන්න වෙනවා කියලා...

:       2       36

thushara Friday, 05 February 2021 11:17 AM

රනිල් ආව ගමන් වැඩි කළ 10000... නැත්නම් අද රාජ්‍ය සේවකයාට හිඟා කන්න තමයි වෙන්නේ ...

:       2       48

isurundiSaturday, 06 February 2021 07:27 PM

අපේ රටේ බොහෝ රාජ්‍ය සේවකයින් මෝඩයි. බොරු විභාග සහතික දීලා රස්සාව අරන් තියෙන්නේ. නැතිනම් රනිල් දුන්න 10000 ත් අරගෙන මේ මෝඩයින් රැලකට ඡන්දය දේවිද? රජයේ සේවක මොඩයිනේ, දැන් ඉතින් ඉල්ලන් (හිඟා) කාපල්ලා. නුඹලාට ඔහොම වෙන්නම ඕනෑ... කාලගුණ දන්නේ නැතිනම්...

:       0       0

ranjith Friday, 05 February 2021 11:45 AM

මිනිස්සු කබලෙන් ලිපට වැටිලා වගේ බඩු ගණන් ගිහින් මේ වගේ විහිළු සපයලා ජනතාව සනසන්න පුළුවන්ද?

:       1       35

ජගත් Friday, 05 February 2021 12:17 PM

1948 න් පස්සේ පිහිටවනු ලැබූ අසාර්ථකම රජය තමයි දැන් තියෙන්නේ... කරන කරන වැඩේ අනා ගන්නවා.

:       2       38

dasun Friday, 05 February 2021 12:39 PM

ඇමැතිතුමා වැස්සකටවත් සුපර් මාකට් එකට ගිහිල්ලා නැද්ද? මේ ලැයිස්තුවේ 90%ක් භාණ්ඩ සතොස දෙනවැයි කියන මිලට අඩුවෙන් ගන්න පුළුවන්...

:       1       32

WCA Friday, 05 February 2021 01:25 PM

ඔයගානට බඩු ගන්න 50000ක බඩු ගන්න ඕනේ කියයිද දන්නේ නෑ. ආ අමතක වුණා ඔය බඩු ආයේ වගා කරනකල්, හදනකල් ඉන්න ඕනේ කියයිද දන්නේ නෑ..

:       1       23

Hafeel Friday, 05 February 2021 02:24 PM

හාල්, පොල්වලට ගෙස්ට් පත්‍ර නිකුත් කරන ආණ්ඩුව...

:       1       26

saman Friday, 05 February 2021 02:58 PM

විශාල ශබ්දයක් එක්ක ගඟ දෙබෑ කරගෙන නාගරාජයා ආවා ඊට පස්සේ රටටම කිරි ඉතිරුණා!

:       1       31

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 February 2021 04:02 PM

මේ ඇමතිවරයා කවදත් කීවේ කළේ බොහෝවිට ප්‍රායෝගික නොවන දේය. පසුගිය කාලේ මෙවැනි දේ කළ නිසා වෙළෙඳපළේ පාරිභෝගික භාණ්ඩ සොයාගැනීමට හෝ මොහු පවසන මිලගණන් වලට ගත නොහැකි විය. මිල පාලන අංශලවා වැටලීම් සිදුකරවීය. වෙළෙඳුන් පැවසූ ප්‍රායෝගික සත්‍යය හමුවේ අසරණ වූ මිලපාලන අංශ අකුලාගෙන යනු පෙනුණි. මෙවන් විකට වැඩ කරන දේශපාලකයන් සිටිනා ලොව එකම රට සිරි ලංකාව පමණක් බව නොකියා නොහැක්කේය.

:       1       29

Raveendra Friday, 05 February 2021 05:50 PM

කන්න එපා. අපිට රට තියෙනවා. අපි යක්ඛයෝ බොලව්...

:       1       9

banda , Friday, 05 February 2021 09:53 PM

මහත්තයෝ, ඔය කියන ගණන් වලට ගන්න බඩු ලංකාවේ නැහැ. සතොසේ රැක්ක හැමදේම හිස්...

:       1       11

[email protected] Saturday, 06 February 2021 10:32 AM

වයිමා මැජික් පෙන්වනවා...!!! 

:       1       6

Nandalal DE SILVA - France Saturday, 06 February 2021 06:30 PM

ඇති යාන්තම්... ආචාර්ය බන්දුල කාලෙකට පෙර කියපු දේවල් දැන් ඉෂ්ඨ වේගෙන යනවා වගේ. ළඟදීම දරුවෝ දෙන්නටයි, පවුලටයි මාසයක් කන්න රුපියල් 2500ක් ඇතිවෙන ලකුණු පහළ වේගෙන එනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දින 19යි දේශබන්දු ආගිය අතක් නෑ
2025 මාර්තු මස 19 2 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සොයා ගැනීම සදහා රහස් පොලිස් විශේෂ කණ්ඩායමක් 15 ක් මේ වනවිට යොදා ඇති බව ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර


ට්‍රම්ප්ගේ සටන් විරාමයට රුසියන් ජනපතිගේ කැමැත්ත
2025 මාර්තු මස 19 93 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකතන කතාබහෙන් පසු, රුසියනු යුක්රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක ස


සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට
2025 මාර්තු මස 19 173 0

දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැ


පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරුට
2025 මාර්තු මස 18 1367 0

සිය පෙම්වතියට පිහියකින් ඇණ ඝාතනය කළ බව කියන සැකකරුවකු වෙන්නප්පුව පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව එම පෙම්වතා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසය කියයි


දුම්වැටි ගල් කළ පොලිසියේ දෙකකගේ වැඩ තහනම් කරයි
2025 මාර්තු මස 18 308 0

වැටලීමකදී පොලිස් බාරයට ගත් විදේශීය දුම්වැටි තොගයකින් අඩක් බාහිර පාර්ශවයකට ලබා දි අසත්‍ය සටහන් තොරතුරු පොතේ ඇතුළත් කළැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර


ලංකාදීපය 19 වැනි වරටත් මහජන කිරුළ පළදියි
2025 මාර්තු මස 18 149 2

ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 398 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 909 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 331 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site