(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආයතන රැසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දෙදහස් පනස් දෙකකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම වාර්තාවක සඳහන් වේ.
ගෙවීම පැහැර හැර ඇති ආයතන අතර වැඩි සංඛ්‍යාවක් රජයේ ආයතන බවද එම වාර්තාවේ දැක්වේ.
මෙම හිඟ බදු ප්‍රමාණය පසුගිය වසරේ නොවැම්බර් මාසය වනවිට වාර්තා වී තිබූ බවත් හිඟ බදු මුදලට අදාළ දඩ මුදල ලෙස රුපියල් කෝටි එක් දහස් අනූ නමයක්ද සඳහන්ව ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි කෝපා කමිටුව පවසයි.
හිඟ බදු වාරික වශයෙන් ගෙවන ලෙස බදු ගෙවීම් පැහැර හැරි එම ආයතනවලට දැනුම් දී ඇතැයිද දෙපාර්තමේන්තුව කෝපා කමිටුවට වැඩිදුරටත් පවසා ඇත.
මේ අතර හිඟ බදු අය කර ගැනීම සඳහා යෝජනා ඇතුළත් වාර්තාවක් මසක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත .
මේ අතර කැසිනෝ ව්‍යාපාර හිඟ බදු වාරික වශයෙන් අයකර ගැනීම වෙනුවට සම්පූර්ණයෙන්ම කරගැනීමට ගන්නා ලද තීරණය හේතුවෙන් හිඟ බදු අය කර ගැනීමේ කාර්යය මන්දගාමී වී ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කෝපා කමිටුවට දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
නියමිත දිනට බදු වාර්තා ගෙන්වා ගැනීමේ ප්‍රතිශතයද අඩුවෙමින් පවතින බව කෝපා කමිටුව නිරීක්ෂණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයතන රැසක් රජයට කෝටි දෙදහසක් පොලු තියලා