(ආරියරත්න රණාබාහු සහ සුජිත් හේවාජූලිගේ)
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කළේ ඒවායේ අක්‍රමිකතාවයන් හා දූෂණ නිසා බැවින් ඒ පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කොමිසමක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් නගමින් ඒ බව විමසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් විමසා සිටියේ එම බැංකු දෙක යම් යෝග්‍ය බවකට පත්කිරීමට රජය ගන්නා පියවර පැහැදිලි කරන ලෙසය.
රුපියල බාල්දු වෙන වේගය අනුව රටේ විදේශ විනිමයට අවාසියක් සිදුවන බව කී ගුණවර්ධන මහතා මෙම අර්බුදකාරී තත්ත්වයට පිළියම් යෙදීමට රජය අපොහොසත් වී ඇති බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසන් සභා කොමිසන් සභා කියමින් මහජන මුදල් නාස්ති වෙන්නෙක තමා වෙන්නේ. ඒ කොමිසන් සභා සාමාජිකයන්ටත් විශාල මුදල් ගෙවනවා. නමුත් දෙකපු ප්‍රයෝජන මොකුත්ම නැහැ. දඬුවම් දීපු කෙනකුත් නැහැ, රටේ දුෂණ වංචා අඩු වෙලාත් නැහැ.
මෙහෙම ගියාම ළමයෙක් ලැබුණත් කොමිසමක් ඉල්ලයි හැබැයි එහම ඉල්ලුවොත් සාධාරණයි