(තිළිණි ද සිල්වා)
 
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හි නව අධ්‍යක්ෂක ජනරල් ලෙස නීතීඥ  පසන් වනිගසේකර මහතා අද  (07) දිනයෙහි රාජකාරී ආරම්භ කරන ලදී.

පර්යේෂණ පාදක කරගත්, ඉලක්කගත අලෙවිකරණයෙහි වැදගත්කම ඉස්මතුකරමින්, පාරිභෝගික කේන්ද්‍රීය සහ ක්‍රියාශීලී සේවයන්ගෙන් සමන්විත ඒකකයක් බිහිකිරීමේ ක්‍රියාන්විතයට කාර්ය මණ්ඩලයෙහි සියලු දෙනාගේ නොමද සහයෝගය අත්‍යවශ්‍ය බවද ඔහු මෙහිදී ප්‍රකාශ කලේය.

ගෝලීය ආයෝජන සංචිතය සදහා තරග වදින අනෙකුත් සියළුම රටවල් සමග ජාත්‍යන්ර තරග කිරීමට හැකියාව ඇති කාර්යක්ෂම ඵලදායි හා ශක්තිමත් ආයතනයක් වනු දැක්ම

තමාගේ දැක්ම හා අපේක්ෂාව බව ආයෝජන මණ්ඩලයේ නිළධාරීන් අමතමින් වනිගසේකර මහතා පැවසීය.

ගෝලීය ප්‍රධාන පෙලේ ආයතන 500 න් එකක් වන මූඩිස් (MOODY'S) සමාගමට අනුබද්ධව ද අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර ඇත.

මොරටු විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයෙකුද වන ඔහු, වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු, වරලත් මූල්‍ය ගණකාධිකාරීයෙකු මෙන්ම වරලත් අලෙවිකරුවෙක් ද වේ.