(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 21 වැනි සභාපතිවරයා ලෙස සංජය මොහොට්ටාල මහතා පත්කර තිබේ.
කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී අද(09) ඔහු සිය ධුරයේ වැඩ බාර බාර ගනු ලැබීය.
මොහොට්ටාල මහතා මෙයට පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළේය.
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු වරයෙකු වන ඔහු බොස්ටන් උපදේශක සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මෙන්ම හිමිකාරිත්ව සහකරු ලෙස ද කටයුතු කරයි.
සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙළ අනුව යමින් මෙරට ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් කැපවෙන බව ඔහු සිය ධුරයේ වැඩ ආරම්භ කරමින් සඳහන් කළේය.
නව ක්ෂේත්‍ර කිහිපයක් නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීමට කටයුතු යොදන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර කාලෙකටද.?
මුලින්ම කරන්න තියෙන්නෙ හෝමාගම cricket ground එක හදන්න සල්ලි දෙන එක.