IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ආබාධිත රණවිරුවා විදුලි කණුවට නගී

(ඉන්දිකා රාමනායක)

කොටුව දුම්රිය ස්ථානය අසළ  විරෝධතාවේ නිරතව  සිටින ආබාධිත රණවිරුවන් අතර සිටි   එක් රණවිරුවකු අද (19) එහි තිබූ විදුලි කණුවක නැග ගත් අතර,   ගිනි නිවන හමුදාව විසින් පසුව ඔහුව බේරාගන්නා ලදී.
 
මේ සිද්ධිය හේතුවෙන් ඊයේ පස්වරුවේ කොටුව  දුමිරිය ස්ථානය අසළ උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
 
ඔහුට බිමට බහින ලෙසට අවට පිරිස  කෑ ගසා ඉල්ලීම කළ ද ඔහු එම ඉල්ලීමට  කන් නොදී   විදුලි පහන් කණුවේ  ඉහළට  නැග  එහි එල්ලී සිටියේය. ඔහුට  විදුලි සැර වැදීම වළක්වා ගැනීමට කොටුව පොලිසිය   වහාම සිද්ධිය කොළඹ නගර සභාවේ  ගිනි නිවීමේ ඒකක වෙත දැනුම් දුන්නේය.
 
ඒ අනුව එම ස්ථානයට 163  නැමැති ගිනි නිවන රථය හා  බටයන්  කිහිප දෙනෙක් පැමිණි අතර, දොඹකරය ආධාරයෙන්  විදුලි පහන් කණුව වෙත ගොස් එහි ඉහළ රැඳී සිටි  හමුදා සෙබළා   පහළට රැගෙන ඒමට කටයුතු කළහ.  පසුව ඔහුව එම ස්ථානයේ සිටි කොටුව පොලිස් නිලධාරීන් වෙත බාර දුන්හ.
 
පොලිසිය විසින් එම රණවිරුවාට අවවාද කරමින්  රණවිරුවන්  රැඳී සිටින අට්ටාලය  වෙත කැඳවාගෙන ගියහ.



අදහස් (7)

ආබාධිත රණවිරුවා විදුලි කණුවට නගී

ප්‍රීති Thursday, 19 September 2019 03:34 PM

යුද්දෙදී, කිසියම් මොළේ ආබාධයකට ලක්වුන පුද්ගලයෙක්ද? මම දන්නා මියගිය හමුදා නිලධාරීන්ගේ බිරින්දෑ වරු ඕනා තරම් ඉන්නවා. සමහර අයට නිවාස පවා හදාදී තිබෙනවා. පවුල නඩත්තු කිරීමට ප්‍රමාණවත් විශ්‍රාම වැටුපක් ලැබෙනවා. මෙතන තිබෙන්නේ පසුගිය රජය හෝ මේ රජය පිළිබද ප්‍රශ්නයක් නොවේ. දේශපාලකයින්ගේ කටු කන අය පිළිබද ප්‍රශ්නයක්.

:       0       0

chandima Thursday, 19 September 2019 06:13 PM

මොනවා, මේ මනුස්සයා ආබාධිත නැහැ වගේනේ..?

:       0       0

කමල් Friday, 20 September 2019 04:53 AM

දේශපාලන හෙන්චයියෝ. දන්නෝ දනිති.

:       0       0

asiri Friday, 20 September 2019 05:41 AM

අබාධිත නම් කණුවට නගින්නේ කොහොමද?

:       0       0

dilal Friday, 20 September 2019 05:42 AM

අබාධිතයෙක් වුනත් හොඳ දක්ෂයෙක්නේ .

:       0       0

vipula Friday, 20 September 2019 08:29 AM

ආසිරි, අසාමාන්‍ය දේවල් කරන්න හැමෝටම බෑ... ඒ නිසයි ඔබ අප සහ ඔවුන් අතර වෙනස..

:       0       0

sirimal Friday, 20 September 2019 08:35 AM

උපුටාගැනිමක්"සැබවින්ම රණවිරුවා සටන් කළේ සටන් බිමේ තමන්ට ජීවය ලබා දුන් සරත් ෆොන්සේකා,කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි අභීත සෙන්පතියන් දුන් නායකත්වය නිසාය. එම නායකත්වයෙන් ඔද වැඩුණු රණවිරුවෝ නිවැරදි සැලසුම් සහිතව තමන්ට හිමි රාජකාරිය අකුරටම ඉටු කළහ. මේ රට ත්‍රස්තවාදයෙන් අත් මිදුනේ රණවිරුවා තමන්ගේ රාජකාරිය නිවැරදිවම කළ නිසාය. රණවිරුවා කෙරෙහි රටේ ජනතාව තුළ පවතින්නේ ඉමහත් ගෞරවයකි. එහෙත් එම ගෞරවය විනාශ කර රණවිරුවා මිනීමරුවෙක් බවට පත් කළේ දේශපාලඥයින් විසිනි. ඔවුන් විසින් තම බලය යොදා තමන්ට එරෙහි පිරිස් මර්දනය කිරීම සඳහා හමුදා සෙබළුන් යොදා ගත්තේ බලහත්කාරයෙනි. ඒ දේශපාලුවෝ අද අව්වේ වේලෙන අබාධිත රණවිරුවන් බලන්නවත් එන්නේ නැත. ඒකයි තිත්ත ඇත්ත "

:       0       90

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site