(යොහාන් භාසුර)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආබාධිත රණවිරුවන්ට සහ ආබාධිත වැඩිහිටියන්ට ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාදීමේ ජංගම සේවයක් ආරම්භ කරන බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.

වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥා වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාගේ යෝජනාවකට අනුව මෙහිදී ආබාධිත පුද්ගලයන්ගේ නිවසට ගොස් එන්නත ලබාදෙන අතර රිදීගම සහ ගොකරැල්ල රෝහල්වල කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන්ට ප්‍රතිකාර කරන බවත් වයඹ සෞඛ්‍ය කාර්යාලය කියයි.