(සුජිත් හේවාජුලිගේ)
වයස අවුරුදු 12 ත් 19 ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමයින් සඳහා ෆයිසර් එන්නත් ලබන 24 වැනිදා ලබාදීමට සැලසුම් කර ඇති බව ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එම එන්නත් ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර වයස 12 ට වැඩි සෙසු දරුවන් සඳහාද ෆයිසර් එන්නත ළඟදීම ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.
දරුවන්ට ෆයිසර් එන්නත කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාද සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකානු සහ චීන එන්නත් තරගෙට අලෙවි කරනවා. කෝ පාසල් විවෘත කරන්නේ කවද්ද? 3 වැනි එකත් ගහලාද? කොරෝනා ව්‍යාපාරයට ජයවේවා..!!