
(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක් ඉස්සන් කොටු වගා කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අද(09) පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය සී. බී රත්නායක මහතා මේ බව සඳහන් කළේය.
එම භූමිය ඩෝසර් කිරීම සම්බන්ධයෙන් ඉකුත් 26 දින විමර්ෂණ කටයුතු ඇරඹූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාළ ප්‍රදේශයේ ඩෝසර කිරීම සඳහා යොදා ගත් බැකෝ යන්ත්‍රය අත්අඩංගුවට ගත් බවත් එම පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
කුරුණෑගල දෙවෙනි බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය පිහිටි පුරාවිද්‍යා භූමියේ ගොඩනැගිල්ලක් ඩෝසර් කිරීම ගැන ජූලි 23 වෙනිදා වෙනකොට දෙන්න කියලා අගමැතිතුමා ඉල්ලපු වාර්තාව තවමත් නැහැ. රටම බලා ඉන්න ඒ වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. රෑ කාලයේ කුරුණෑගල සහ ආනවිළුන්දාව කරපු විනාශයන් දෙකම නැවතිලා තියෙන්නේ ඒ ඩෝසර් දෙකම ක්‍රියාවිරහිත වීම නිසා. එහෙම නොවෙන්න විනාශය මීට වඩා බොහෝ වැඩිවෙන්න තිබුණා. එතකොට වනාතවිල්ලුවේ අක්කර සිය ගණනක් ගිනි තැබීම ගැන වාර්තාවක් ඉල්ලන්නේ නැත්ද? අඩු ගානේ ගිනි තියපු ගිනි පන්දමවත් හොයා ගන්න බලන්න නේද? ඊට පස්සේ පන්දමට පාංකඩ ඔතපු මිනිහව හරි අත්අඩංගුවට ගන්න පුළුවන්නේ.
පහුගිය අවුරුදු 10-15දී පැවැති රජයන්ගේ අනුග්‍රහයෙන් වෙච්ච පරිසර හානිය කියලා නිමක් නැහැ. ඒ වගේම ඒක සාධාරණීකරණය කරන්න සෙට් වෙච්ච බයියන්ගේ කතා ඇහුවාම අපිට මැරෙන්නත් හිතුණා.
පහුගිය අවුරුදු 30ක් ඇතුළත පත්කළ කමිටුවල් අනුව රටේ අපරාධ නැත්තටම නැතිවිය යුතුයි. සිරිකොත පාර කාපට් කළ ඒවා පිළිබඳවත් වර්තමාන අගමැති කමිටුවක් පත්කළා. වාර්තාව හමස් පෙට්ටියේ...
දැන් අපේ රටේ පොලිසි, උසාවි ඕනෑ නැහැ. සේරම පාර්ලිමේන්තුවෙන්ම කරගන්න. ඉදිරි පරම්පරාවෙන් ඉල්ලන හෙණවලට මෙයාලගේ සොහොන්ගෙවල් වලටත් අකුණු ගහනවා. ඒක ස්ථිරයි.