(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ලලිත් නවරත්න)
ආනවිලුන්දාව රැම්සා අභය භූමියේ පැතිරි ගිය ගින්න යුද හමුදාව හා වනජිවී නිළධාරින් හා ගම්වාසින් එක්ව නිවා දැමු බව පුත්තලම ආපදා කළමණාකර ඒකකය පවසයි.
පවතින වියළි කාලගුණ තත්වය හමුවේ රැම්සා අභය තුළ පසුගිය 5 දින ද ගිනි ගැනීමක් සිදුව තිබු අතර එය ආනවිලුන්දාව වනජීවි නිළධාරින් මහත් වෙහෙසක් දරමින් නිවා දමා තිබිණි.
පරිසරවේදින් පවසන්නේ දේශීය හා විදේශීය පක්ෂීන්ගේ සුවිශේෂ තොතැන්නක් වන මෙම රැම්සා අභය භූමිය මේ ආකාරයට ගිනි දිගින් දිගටම ගිනි ගැනිමත් සමග මේ වන විට රැදී සිටින පක්ෂීන්ට හානිකර කටයුත්තක් බවයි.
එසේම ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම රැම්සා තෙත් බිම ආරක්ෂා කර ගැනිම සදහා නිරන්තර අවධානය යොමු කරන ලෙසය.
ආනවිලුන්දාව අභය භුමිය තුළ ඇතිවු ගිනි ගැනිම නිවා දැමිමට පුත්තලම 143 වන බල සේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් සේනක කස්තුරි මුදලිගේ මහතාගේ උපදෙස් මත යුද හමුදා කණ්ඩායමක් එක්ව තිබිණි.
ඒ සමගම ගින්න නිවා දැමිමට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ජල බවුසර් යොදා ගෙන තිබු අතර මේ සදහා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් හා වනජීවි නිළධාරින් හා ගම්වාසින් ගින්න නිවා දැමිමට එක්ව සිටි බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ගිනි ගැනිම නිසා අභය භුමියේ අක්කර 20 කට ආසන්න භුමි ප්‍රමාණයක් ගිනි ගෙන දැවි තිබිණි.
පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්. එන්.කේ.අලහකොන් මහතා පවසන්නේ පවතින වියළි කාලගුණ තත්වය හමුවේ කිසිවකු ගිනි තබා පලා යන්නට ඇති බවයි.






COMMENTS
බොහෝවිට සමහර මිනිසුන් වනාන්තර ගිනි තබන්නේ සතුන් දඩයම් කර ගැනීමටය. බොහෝ බිය සතෙකු වන හාවා ඇවිලෙන ගින්නට බියෙන් ගසක් මුලටම වී ගුලි ගැහී සිටියි. අවසානයේ හාවා ගින්නෙන් පිළිස්සී මැරි යයි. වෙනත් සතුන් ගින්නට බියෙන් අනෙක් පසට දුවන විට දඩයක්කරුවන් එම සතුන් විවිධ ක්‍රමවලින් දඩයම් කර ගනියි. මේ වනාන්තර ගිනි තියන්නන් ඇල්ලීමට දැඩි පියවර ගත යුතුය. මොවුන් මේ කරන පරිසර විනාශය සුළුපටු නොවේ.
හරිම සීතලයි.
කමනිට සීතලයිලු.. මගේ හිත ගිනිඅරන් ඉන්නේ. මගේ හිතට සිසිල් පැන් ටිකක්වත් කරන්න ඔබ එන්න. ඇයි තරහවෙලා..?
සමිත සේනක අලුත්ගේ, ඔබ වැරදියි. ඒ අය කැලේ ගිනි තියන්නේ ඉඩම් අල්ලා ගන්න...
මගෙ හිසත් ගිනි අරන් දැවෙනවා.. ඇවිලෙනවා...
හාවා බියගුළුයි. නමුත් විනාශකාරී සතෙක්... ඊට වඩා නරකයි ඉත්තෑවා... දරුණු විනාශකාරයෙක්... පොල්පැල වගේ සහමුලින් විනාශ කරනවා.