
(ඔගස්ටින් ප්‍රනාන්දු)
ඉස්සන් කොටු සෑදීම සඳහා ආනවිලුන්දාව අභය භූමිය ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගය අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 100ක බැගින් වූ ශරීර ඇප මුදා හැරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළේය.
2020 වසරේ අගොස්තු මස 25 වන දින රාත්‍රියේ, රැම්සා තෙත්බිම් කලාපයක් ලෙසින් නම් කර ඇති ආනවිලුන්දාව කුරුලු අභය භූමියට ඩෝසර් යන්ත්‍රයක් රැගෙනවිත් ඇතුළු වී නීතිවිරෝධී ලෙසින් ඉස්සන් කොටු සකස් කර ඇති බවට වන ජීවි කාර්යාලය ආරච්චිකට්ටුව පොලිසියට දැනුම් දී ඇත. ආරච්චි කට්ටුව පොලිසිය විසින් ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු වන බත්තුළුඔය කිරියන්කල්ලියේ පදිංචි පෝරුතොටගේ සුජිත් කුමාර නිශාන්ත ප්‍රනාන්දු (43) සහ ඉස්සන් ව්‍යාපාරිකයෙකු බව කියන බත්තුළුඔය පිංකට්ටියේ පදිංචි වර්ණකුලසුරිය නිශාන්ත ප්‍රනාන්දු (35) යන දෙදෙනාව අත්අඩංගුවට ගෙන හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එම සැකකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අද (18) දහවල් යළි දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කළ පසු සැකකරුවන් ඇප මත මුදා හල අතර වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 26 දක්වා කල්තැබිණි.
කුරුලු අභය භුමියට ඇතුළු වි ඉස්සන් පොකුණක් සකස් කිරිමේ මෙම සිද්දිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට සිටින ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා වත්මන් මන්ත්‍රි කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවට බාර වෙන බවය තොරතුරු පැතිර තිබුණද ඔහු අද (18) අධිකරණය හමුවට බාර වුයේ නැත.
එහෙත් මෙදින නඩු විභාගයේ දි ජගත් සමන්ත පෙරේරා කුරුලු අභය භුමියේ එළි පෙහෙළි කිරීමට සම්බන්ධදැයි පරීක්ෂණයක් කර එසේ සම්බන්ධ බවට තොරතුරු ලබා ගත හැකි වුවහොත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරණ ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නැයි දිසා විනිසුරුවරයා පොලිසියට දැන්වීය.
පැමිණිල්ල ආරච්චිකට්ටුව පොලිසිය ඉදිරිපත් කළ අතර නීතිඥවරුන් වන තරංග දිසානායක, රුවන් ප්‍රනාන්දු සහ චින්තක කරුණාසේකර මහත්වරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
COMMENTS
එක රටක්.. එක නීතියක් ...
ලෝකයා රවටන්න මේ නඩු තව දිගට ගෙනියන්නේ නැතිව දාහක දෙදාහක දඩයක් ගහලා නිදහස් කරලා දැම්මා නම් ඉවරයිනේ... නිකන් කාලය නාස්ති නොකර...
අති විශිෂ්ඨයි.. රෙස්පෙක්ට් සර්.. අන්න අර ඩෝසරේ අල්ලලා හිරේ දැම්මා නම් ඉවරයිනේ..
ආයේ ඉතින් ඒ කථාවත් ඉවරයි. දැන් බදුර්දීන් ගස් කපන්නේත් නෑනේ, සාෆි වඳ සැත්කම් කරන්නෙත් නෑ. අපේ අයට මේවා ගාණකුත් නෑ.
නන්නාඳුනන තුවක්කුකරුවාණෙනි, පාලකයින් විසින් කොන්ද කඩා ඇති නීතියට කොකා පෙන්වන මේ නරුමයින්ට ඔබේ කොකා ගස්සන්න. පව් නැහැ. දෙවියෝත් ඔබව රකිවි.
රටේ විනාශයත් පොහොට්ටුවේ විනාශයත් අත ළඟ. පොහොට්ටුවේ අයට ළඟදීම ලැබෙන්නේ දේව දඬුවම්..
ඔතන ඉස්සර හිටපු සිංහල රජතුමෙක්ගේ ගොඩනැගිල්ලක් අපේ හාමුදුරුවනේ...
දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.
කමක් නැහැ. ඩෝසරේ හිරේ යවමු.
වියත් මග නිලවශයෙන් ආරම්භ වූ බව සතුටින් දන්වා සිටිමු.
බලාපොරොත්තු වුණු ආකාරයටම සියල්ල සිදුවෙමින් පවතියි.
අනේ, ඒ උත්තමයින්ට ඇප විතරක් දීලා කොහොමද? එතුමන්ලාට දේශප්‍රේමී රාජ්‍ය සම්මාන ලබෙනකනුයි අපි මේ නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ...