







(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ලෝක තෙත්බිම් දිනය ආනවිලුන්දාව රැම්සා අභය භූමිය තුළ වනජීවි රාජ්‍ය ඇමැති විමලවිර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2) පැවැත්විණි.
තෙත් බිම් දිනය වෙනුවෙන් කඩොලාන සිටුවීම මෙවර තෙත් බිම් දිනයේ විශේෂිත සිදුවිමක් විය.
වනජීවි ඇමැතිවරයා මෙවර ලෝක තෙත් බිම් දිනයට ආනවිළුන්දාව රැම්සා අභය භූමියට පැමිණ තිබුණේ පසුගිය වසරේ ඉස්සන් ටැංකි ඉදිකිරිම් වෙනුවෙන් පිරිසක් එහි පරිසරය එළිපෙහෙළි කිරිමේ සිද්ධියකින් පසුවය.
හෙක්ටයාර් 1997 ක වපසරියකින් යුත් මෙම සුවිශේෂ පරිසර පද්ධතිය තුළ පොකුණු ඉස්සන් වගාව වෙනුවෙන් විනාශ කර තිබු අක්කර 40 කට ආසන්න භූමියක මේ වන විට කඩොලාන සිටුවීම කිරිමට වනජීවි දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබේ.
ලෝක තෙත් බිම් දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම පාරිසරික වැඩසටහනේ දී දේශපාලඥයින්ට අමතරව පාසල් දරුවන් රාජ්‍ය නිළධාරින් හා වනජීවී නිළධාරින් කඩොලාන සිටුවීමට එක්වූහ.
වනජිවි රාජ්‍ය ඇමැති විමලවිර දිසානායක මහතාට අමතරව පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතා සමඟ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති අශෝක ප්‍රියන්ත යන මහත්වරුන් එක්ව සිටියහ.
මෙම වැඩසටහන පුත්තලම දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්ෂ එරංද ගමගේ මහතා ඇතුළු වන ජිවි නිළධාරින් සංවිධානය කර තිබුණි.
2025 දෙසැම්බර් මස 04
637
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
433
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආනවිලුන්දාවේ කඩොලාන පැළ සිටුවයි
Asoka Priyanwada Naththandiya. Wednesday, 03 February 2021 03:46 AM
අනේද කියන්නේ? කැලෑ කපන්නෝ සමග හිටවන්නෝ දෙගොල්ලන්ම ඉන්නවා. අනේ කාලේ වනේ වාසේ... තව මොනවා හිටෙව්වද?
ටි. ඉන්දික Wednesday, 03 February 2021 04:17 AM
අම්මෝ අරයා ගිනිතියලා පැළත් හිටවනවා...
chinthana Wednesday, 03 February 2021 05:01 AM
සනත් කඩොලාන විරෝධියෙක්නේ. වනජීවී නිලධාරියෙක් එක්කත් පැටලුණේ කඩොලාන කපන්න ඕනෑ කියලා.
සිරි Wednesday, 03 February 2021 05:09 AM
දේශපාලකයෝ ආනවිලුන්දාවේ තෙත්බිම් විනාශ කළා මීට මාස කීපෙකට කලින්. දැන් නැවත හිටවනවා. මොනවද මේ විකාර වැඩ?
Nihal Wednesday, 03 February 2021 05:20 AM
එක්කෙනෙක් ඩෝසර් කරනවා. තව එක්කෙනෙක් හිටවනවා..