
(මහින්ද නිශ්ශංක)
ආනයනය සහල් කිලෝවක තොග මිල රුපියල් 20කින් අඩුවී ඇතැයි සහල් ආනයන කරුවෝ පවසති.
ඉන්දියාවෙන් ආනයනය කරන පොන්නි සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 120 දක්වා ද, නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 110 දක්වා ද,සුදු කැකුළු සහල් කිලෝවක තොග මිල රුපියල් 98 දක්වා ද පහළ බැස ඇත.
ඉන්දියාවේ සහල් මිල අඩු වීම මෙම තත්ත්වයට හේතුව බව ද ඉන්දියාවේ නාඩු මෙට්‍රික් ටෝන් එකක මිල ඩොලර් 400ක්ද, සිදු කැකුළු මෙට්‍රික් ටෝන් එකක මිල 390 දක්වා ද අඩුවී ඇත.
සහල් ආනයනය අඛන්ඩව සිදු කරන බවත් ඇති තරම් තොග පිටකොටුවේ ගබඩා කර ඇතැයි ද ආනයන කරුවෝ කියා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. දැන් ජනතාවට විකල්ප තියෙනවා. කාබනික හාල් වැඩි මිලටත් කොහෙන් ආවත් රසායනික පොහොර ගහපු හාල් අඩු මිලටත් ගන්න තියෙනවා
සහෝ හරියටම බලලා ගන්ඩ .. මෙව්වා වලට අකාබනික බඩු .. ගහලා තියෙන්න පුළුවන් ..., අපි සිංහල ... කාබනික ජාතියක් හරිය ..
ලංකාවේ වී ගොවිතැන තුරන් කිරීමේ රාජ්‍ය අභිලාෂයට කොමිස් කාක්කන් සහ රජ පවුලේ අනුග්‍රහය ලබන බව හොඳින්ම පැහැදිලියි.
දැන් මේ අය සහල් වලට ගහපු පොහොර සොයනවා. මෙච්චර කල් මොර දුන්නේ සහල් මිල වැඩී කියලා.
දැං ඉතිං ඩඩ්ලි මොකක්ද කියන්නේ .
දේශීය ගොවීන්ගේ අවාසනාවට ඇමති මහින්දානන්ද අද අපි අතර නැහැ. නැත් නම් හාල් ඇටයක්වත් රටතුලට ගෙන්න දෙන්න නැහැ.