IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


‘‘ආනයනික ආහාර ගැන පරීක්ෂණයක් කරන්න‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොල්තෙල් ඇතුළු මෙරටට ආනයනය කරන ආහාරවල හානිකර ද්‍රව්‍ය තිබෙිදැයි වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (16) දැනුම් දුන්නේය.

ආහාර පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බැවින් ඒ සඳහා රසායනාගාර පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ආහාර සුරක්ෂිතතාවයට අදාළ නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවත් රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී දැනුම් දුන්නේය. ආහාර පරීක්ෂා කරන රසායනාගාර අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් පවතින ගැටලුකාරී තත්ත්වය උග්‍රවී ඇති බව ගිණුම් කාරක සභාවේ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

2017සහ2018 වසරවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙි පිළිබඳව අවධානය යොමු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී පැවසූයේ ආනයනය කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය වල ශරීරයට ඉතාම අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව තහවුරු වී ඇති බවයි . රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ දී නිසි නියාමන ක්‍රමවේදයක් සැකසීම ඉතා වැදගත් බව කාරක සභාවේ මතය වූ අතර, ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ආහාර සඳහා බලාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති රීති බැවින් ආහාර වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා මෙහිදි අවධාරණය කළේය.

මෙම කාරක සභාවට තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සහභාගී වූහ.

 



අදහස් (10)

‘‘ආනයනික ආහාර ගැන පරීක්ෂණයක් කරන්න‘‘

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 17 April 2021 03:35 AM

මෙපමණ කල් පිටරටින් ගෙනා වස විස කෑවා. දැන්වත් එය නැවැත්වීමට පියවර ගැනීම වැදගත් දෙයක්... තවත් කෙවිටිලි කරනකන් ඉන්නේ නැතිව රට ඇතුළේ කෑම බීමවලට වස විස දමන එකත් නවත්වා දැමීමට වහාම පියවර ගන්න. කහකුඩු වලට ඩයි හා පාන්පිටි, කිතුල්පැණි වලට පැණි ටිකක් හා දහ ජරාව, මස් මාළු වලට ෆෝමලින්, හාල් වලට ඩයි, රස කැවිලි වලට හා පැණිබීම වලට සැකරින්, බයිට් වලට ප්ලාස්ටික් දමා බැදීම, ආප්ප වලට ප්ලාස්ට් ඔෆ් පැරිස් (පැරිස් බදාම), ආදාහනාගාරවල කරෝල වේලීම ආදී බොහෝ දේ සඳහා වහාම නිසි පියවර ගත යුතුයි...

:       1       118

janahitha Saturday, 17 April 2021 04:42 AM

ඇමැතිවරු නැතිද? වහාම පියවර ගන්න... ඔවුන්ට දැනුමක් නැතිද? එසේ නම් ඔවුන් වහාම ඉවත්විය යුතුය.

:       1       30

gamageSaturday, 17 April 2021 09:53 AM

ඒ ගොල්ලන් ඉන්නේ රට බේරගන්නනේ... ඒ ගොල්ලන්ට ගොඩක් වැඩ තියෙනවා..

:       6       7

mathi amathi B G Saturday, 17 April 2021 07:01 AM

ආදාහනාගාරවල කරෝල ඉතා රසයිලු.. අලු කවලම් නැතිනම් අවුලක් නැහැ.

:       2       24

Rata Perata Saturday, 17 April 2021 07:16 AM

අද වෙනකම් නන්දසේන ඉක්මණට කරපු එකම වැඩේ 20වැනි සංශෝධනය සම්මත කරගත්ත එක විතරයි.

:       31       19

සෝමදාස Saturday, 17 April 2021 08:03 AM

ඉතාමත් හොඳ වැඩක්... මේවා කරන්න තිබුනේ බොහොම ඉස්සර...

:       0       21

විපරමා Saturday, 17 April 2021 10:36 AM

කියන්න නම් ලේසියි. කෙරුවාවල් කෙසේ වෙතත්.... බල්ලෝ මරලා හරි කමක් නැහැ.. තමුන්ගේ මඩිය තරකර ගන්න හදන අය ගැන අපි නොදන්නවා නෙවෙයිනේ...

:       0       6

Sriyal Saturday, 17 April 2021 10:37 AM

නීති වෙනස් කරලා PHIට බලය දෙන්න වගකීම දෙන්න වෙනත් රටවල් ආදර්ශයට ගන්න.

:       7       1

Vipula Saturday, 17 April 2021 11:26 AM

ආනයනය කරන ආහාර පමණක් නොවේ.. සැකසුම් හා බහාළුම් ආයතන වලින් වෙළඳපලට පිටවෙන ආහාරයි පර්‍රික්‍ෂා කළයුත්තේ...

:       0       3

mathi amathi BG Sunday, 18 April 2021 05:28 PM

ආනයනික ආහාර ගැන පරීක්ෂණයක් කරන්න?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලංකාවට අලුත් සීනි දෙන්න වැඩ අරඹයි
2025 ජනවාරි මස 16 94 0

හිඟුරාන සීනි කර්මාන්ත භූමියේ අලුතින් ඉදි කළ සීනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වටයේ කටයුතු අද දහවල් සුභ මොහොතින් ආරම්භ කළේය.


බදුල්ලෙන් සියයට 66 අවධානම්ලු
2025 ජනවාරි මස 16 98 0

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමියෙන් 66 % ක් පමණ කුමන හෝ අවධානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂනි පෙර


සෙල්ලම් කළ සිසුවා හදිසියේ මියගිහින්
2025 ජනවාරි මස 16 329 0

බෙන්තොට ප්‍රදේශයේ පාසලක දිවා විවේක කාලයේ කාලයේ සෙල්ලම් කරමින් සිටි සිසුවකු බිම ඇද වැටී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බැව් පොලිසිය පවසයි.


දුම්රිය සේවක යහසාධක සංගමය දුන් චෙක්පත් මුදල් කරන්න බෑලු
2025 ජනවාරි මස 16 373 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් සාමාජිකත්වය දරණ ශ්‍රී ලංකා දුම්රිය සේවක යහසාධක සංගමය සාමාජිකයන්ට ණය වෙනුවෙන් නිකුත් කළ චෙක්පත් මුදල් කර


ලංකාවේ ස්වාධීනත්වයට චීනය කැපවෙනවා
2025 ජනවාරි මස 16 402 1

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී (Zhao Leji) මහතා


කළුබෝවිල වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 16 955 1

කළුබෝවිල වෙළදසලකට මීට සුළුවේලාවක පෙර පැමිණි වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 287 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 570 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 315 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site