(බන්ධුල ඉලේපෙරුම)
බදු සහ දඩ මුදල් රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනය සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් එළැඹෙන මාර්තු 10 වැනිදා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට කැදවා තිබේ.
පසුගිය ජනවාරි 06 වන දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවත් එලෙස බඳු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙසත් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
ඒඅනුව බදු එකතු කිරීම සම්බන්ධව ආදායම්බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර හා සැලසුම් මෙහිදී කෝපා කමිටුවේ සාමාජිකයන්ගේ විමර්ශනයට ලක්වනු ඇත.
මීට අමතරව මාර්තු 09 වන දින ශ්‍රී ලංකා රේගුව කෝපා කමිටුවට කැදවා ඇති අතර මාර්තු 23 වන දින කලා විෂයයන් හැදෑරීමේ ප්‍රවණතාවය සහ කලා උපාධිධාරීන්ගේ විරැකියාව පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතය.
එසේම මාර්තු 24 වන දින වන දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නැවත කැදවීමට නියමිත අතර මාර්තු 25 වන දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවට කැදවා ඇත.
2025 දෙසැම්බර් මස 18
339
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආදායම් බදු දෙපාර්තමේන්තුව යළිත් කෝපා කමිටුවට කැඳවයි