IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘ආණ්ඩු වෙනස පිළිබඳ මතයක් ප්‍රකාශ කරන්න බැහැ‘- නීතීපති

අගමැති ධුරය වෙනස් වීම  රජයේ වෙනස් වීම සම්බන්ධ නිත්‍යනුකූලභාවය පිළිබඳ  මතයක්  ප්‍රකාශ කිරීමට නොහැකි බව  නීතිපති ජයන්ත ජයසුරිය මහතා  කතානායක කරුජයසුරිය මහතා  වෙත අද (31)  දැනුම් දී තිබේ.

මෙම තත්ත්වයෙහි  නිත්‍යනුකූල භාවය පිළිබඳ  විමසමින්  පසුගිය 27 වැනිදා කතානායකවරයා  විසින්  නීතිපතිවරයාට යොමු කළ  ලිපියට පිළිතුරු දෙමින්  නීතීපතිවරයා අද  මේ බව දැනුම්දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතීපතිවරයාගේ භූමිකාවට අනුකූලව  ඒ සම්බන්ධයෙන්  මතයක්  ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව තමාගේ අදහස බවද නීතීපතිවරයා කථානායකවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

 ( නීතීපති විසින් කතානායකවරයා වෙත යොමු කළ ලිපිය පහත දැක්වේ)

(36698)

 



අදහස් (16)

‘ආණ්ඩු වෙනස පිළිබඳ මතයක් ප්‍රකාශ කරන්න බැහැ‘- නීතීපති

ඉතියෝපියාවට එන්න Wednesday, 31 October 2018 08:39 AM

නීතිපති යනු ලංකාවේ ප්‍රධාන නීති නිලධාරියාය. ඔහු ජනපතිගේ ක්‍රියාව අනුමත නොකර මතයක් ප්‍රකාශ කිරීමට නොහැකි බව නැතිනම්, යෝග්‍ය නොවන බව කියයි. පැත්තක් නොගන්න හොඳ නිලධාරියෙකි. ලංකාව යනු නීතිය හැම පැත්තටම නවන රටකි. ජනපතිට එහෙයි සර් කියනවා නම් ඔහු නිල් පාටයි. නැතිනම් කොළ පාටයි. සුපිරිමාධිකරණයද එලෙසම වේ. දැයි උරගා බලන් නැත්තේ ඇයි?

:       21       417

Perera Wednesday, 31 October 2018 08:56 AM

මෙවැනි අවස්ථාවකදී කරුණ නිරාකරණය කල හැක්කේ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලකට පමණක් බව ව්‍යවස්ථා නීතිය පිළිබඳ අවබෝධයක් ඇති ඕනෑම කෙනෙක් දන්නවා.

:       3       273

Lankan77 Wednesday, 31 October 2018 08:57 AM

කරන්න බැරිද..? කරන්න නොදෙනවද?

:       8       57

saliya Wednesday, 31 October 2018 08:58 AM

මතයක් ප්‍රකාශ කිරීම ශරීර සෞඛ්‍යයට යෝග්‍ය නොවේ.

:       51       546

Ranjan Wednesday, 31 October 2018 09:17 AM

නියම කතාව අපිට ඔහුගේ මතය අවශ්‍ය නැහැ. අපට වුවමනා වන්නේ නීත්‍යානුකූලව හරිද වැරදිද කියන එක පමණයි.

:       0       171

ටොනාඩෝ Wednesday, 31 October 2018 09:19 AM

රට සහ පවුල: සැමියා සිය බිරිඳ දික්කසාද නොකළ යුතුය. දික්කසාද කිරීමට පෙර බිරිඳගේ වැරදි ඇයට පෙන්වා දිය යුතුය. රටේ ලොක්ක හොර රහසේ වෙනත් බිරියක් " උපරිම විශ්වාසය තිබේ " යයි පවසා සරණ පාවා ගැනීමට පසු ඇයගේ බොරු වැරදි රටට කීම හරිද? මෙය මුළුරටම අවීචි මහා නරකාදියට යාමට මගකි. සාපයක් ලෙස, ලංකාවේ දික්කසාද අනුපාතය ඉහළ යනු ඇත.

:       283       269

ලුම්බිණි Wednesday, 31 October 2018 09:21 AM

නරකද ඔය ජොබ් එක වෙන කෙනෙකුට දුන්නානම්...?

:       17       101

Sam Wednesday, 31 October 2018 09:33 AM

මාව පත්කළ එකට කෙලවන්න බැහැනේ... නේද?

:       146       84

sirimal Wednesday, 31 October 2018 09:40 AM

ජයසූරිය මහත්තයා මේ බණ කතා කරනවාද මන්දා? මත ප්‍රකාශ කරන්නේ කොහොමද අප්පා පංචස්කන්ධයම හීන් දාඩියෙන් නෑවිලා තියෙද්දී...?

:       1       104

roshan Wednesday, 31 October 2018 10:02 AM

ඒ කියන්නේ වැරදිවෙන්න පුළුවන්නේ කරපු දේ... හරි ලේසියිනේ කියන්න..

:       1       10

පොල් නොගසන්න. Wednesday, 31 October 2018 10:43 AM

රට අරාජික වී ඇත.සියලු දෙන එකතුවී රට හද ගන්නේ නැත්තේ ඇයි? වාසියට බෙදී ඇත. රට දෙවනුවට තබා ඇමතිකම ගැනීමට පෙරේත කම. පක්ෂ මාරු කරයි. සියලු දෙන එක්වී, මොවුන්ට දඩුවම් කරන ලෙස ස්වභාව ධර්මයෙන් ඉල්ලන්න.පොල් නොගසන්න. සියලු දෙන එක්වී එක රැයක, එකම වෙලාවේ, පහනක් හෝ ඉටි පහනක් දැල්විය හැකිනම්? රට වෙනුවෙන් සැවොම එක් වන්න.සර්ව පාක්ෂික රජයක් සඳහා හිතන්න. ජාතිවාදී නොවන්න . ආගමික නායකයින් ස්වාධීනව ඉදිරියට එන්න. මල්වතු, අස්ගිරි මහනායකහිමිවරුන් පසෙකට වී නිශ්සබ්දව සිටීමෙන් රට වැනසේ. කාදිනල්තුමා , අනෙක් අය එකතු වන්න.

:       0       0

ප්‍රියංක Wednesday, 31 October 2018 10:44 AM

නාමල් හා ජනාධිපතිතුමා විසින් වැටීමට ආසන්නව තිබුණ එජාපයට ඔක්සිජන් ලබාදීම නිසා ඉදිරියට යන්න අවකාශය ලැබුණ. මේ නිසා පොහොට්ටුවට හොඳ තරගයක් ඉදිරි ඡන්ද විමසීම් වලට දෙන්න වෙනවා. ජනතාව පැත්තෙන් බැලුවොත් ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක්.

:       0       0

සර්ව පාක්ෂික රජයක් ලගදීම Wednesday, 31 October 2018 11:01 AM

සර්වපාක්ෂික රජයක් ලඟදීම. පාටලී, රාජිත, කබීර්, බැසිල්, දුමින්ද, ගෝඨා, හකීම්, ටී.එන්.ඒ. එකතුවී රනිල් සහ මහින්ද දෙදෙනාම අගමැති නොව උපදේශකවරු වෙති.

:       28       14

sandy Wednesday, 31 October 2018 07:05 PM

ඔබට මතයක් ප්‍රකාශ කරන්න බැරිනම් ඔබ නීතිපති හැටියට සුදුසුම නැත. මේකෙන්ම පැහැදිලි වෙනවා රාජ්‍ය සේවකයන් පවා ජනාධිපති තුෂ්නිම්භූත කර ඇති වග... රටම නාරා වලකට ඇදලා දාලා. ඒ මදිවට තර්ජනාත්මකව අණ දෙනවා තමන්ගේ අයට රනිල් අගමැති වුනොත් තමන් ජනාධිපති පුටුවේ එක පැයක් ඉන්නේ නැහැ කියලා. බය කරන්න. ඒ වුනාට යූ.ඇන්.පී. අයව තමන්ගේ පැත්තට ගන්න ඕනෙම ජඩ වැඩක් කරනවා. අනේ මෙහෙමත් ජනාධිපති කෙනෙක්.

:       0       0

sandy Thursday, 01 November 2018 05:56 AM

ඔබට මතයක් ප්‍රකාශ කරන්න බැරිනම් ඔබ නීතිපති හැටියට සුදුසුම නැත. මේකෙන්ම පැහැදිලි වෙනවා රාජ්‍ය සේවකයන් පවා ජනාධිපති තුස්නිම්භූත කර ඇති වග. රටම නාරා වලකට ඇදලා දාලා. ඒ මදිවට තර්ජනාමකව අණ දෙනවා තමන්ගේ අයට රනිල් අගමැති වුනොත් තමන් ජනාධිපති පුටුවේ එක පැයක් ඉන්නේ නැහැ කියලා. භය කරන්න. ඒ වුනාට යු.ඇන්.පි අයව තමන්ගේ පැත්තට ගන්න ඕනෙම වැඩක් කරනවා. අනේ මෙහෙමත් ජනාධිපති කෙනෙක්.

:       0       6

ironi Thursday, 01 November 2018 07:37 AM

ඒ කතාව වැරදියි. නීතිපති ඉන්නේ යමක් ගැන විමසුවාම තමන් දන්නා විදිහට මතය ප්‍රකාශ කිරීමටයි. ඊට පස්සේ අවශ්‍ය නම් අධිකරණයට යන්න පුළුවන්. මේ මහත්තයා තමාගේ බෙල්ල පරිස්සම් කරගැනීම මිසක් රාජකාරිය නෙවෙයි කරලා තියෙන්නේ... මෙයට අගවිනිසුරුකම නොලැබීම වාසනාවක්. දින කීපයකට උඩදී රූපවාහිනියක මහින්ද සමරසිංහ උන්නැහේ දප්පුල මහත්තයාගේ ඊ මේල් එකක් ගැන වැරදි අර්ථකතනයක් දුන්නා. සමරසිංහ මහත්තයා ගැන තිබුණු පැහැදීම නැතුවම ගියා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site