IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ - වෘත්තීය සමිති සාකච්ඡාවක්

(අජන්ත කුමාර අගලකඩ)

යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් ඇමෙරිකානු සමාගමකට දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් සහ විදුලි බල ,ඛනිජ තෙල් හා වරාය වෘතීය සමිති කීපයක් අතර සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ පැවැත්විණි .

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ,වාසුදේව නානායක්කාර,උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, දයාසිරි ජයසේකර ,දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ,ජයන්ත සමරවීර , විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ටිරාන් අලස් යන මහත්වරු සහ අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වූහ .

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු, විදුලි බල, ඛනිජ තෙල් හා වරාය යන ආයතනවල වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් ද ඊට සහභාගි වූහ .

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය නැවැත්විය යුතු බව වෘත්තීය සංගම් නියෝජිතයින් එහිදී පෙන්වා දී ඇති අතර, ඒ සඳහා වෘත්තිය ක්‍රියාමාර්ගවලට පවා යාමට සූදානම් බවද ඔවුන් සඳහන් කර ඇත .

වෘත්තීය සමිති නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කර ,හවුල්කාර පක්ෂ 11 නායකයන්ගේ සහභාගීත්වයෙන් වෘත්තීය සමිති යළි හමු වන බව පක්ෂ නායකයන් දැනුම් දී ඇත .

දේශපාලන පක්ෂ නායකයන් හා වෘත්තීය සමිති අතර එම සාකච්ඡාව පැය දෙක හමාරකට අධික කාලයක් පැවති බව වාර්තා වේ .

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (2)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ - වෘත්තීය සමිති සාකච්ඡාවක්

Sussdewa Thursday, 07 October 2021 07:57 PM

බොරු විරෝධතා

:       1       5

Demuni Uduwara Friday, 08 October 2021 03:30 AM

දේශපාලන පක්ෂ ගැන නම් මට සැකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site