ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු සඟවමින් සිටින බවත් කිසිවකුත් වගකීම් සහගත ලෙස ක්‍රියා නොකරන බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රෝමයේ දී පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ හමුවීමට පෙර එරට මාධ්‍යවේදීන් අමතමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඒ බව පවසා ඇත.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වනු ඇතැයි ලැබුණු බුද්ධි තොරතුරු වාර්තා නොසළකා හැරියේ ඇයිද යන්න සම්බන්ධයෙන් සෙවීමට කිසිදු උනන්දුවක් කිසිවකුටත් නැතැයි ද කාදිනල් හිමිපාණන් පවසා ඇත.
“ආණ්ඩුව කිසිදු වගකීමක් ගන්නේ නැහැ. එය බරපතළ තත්ත්වයක්. දැන් විවිධ කමිටු කොමිසම් පත් කරලා. එකිනෙකාට චෝදනා එල්ල කරගන්නවා. කවුද වගකියන්න ඕනේ කියලා ඔබ දන්නවා” කාදිනල් හිමිපාණෝ කීහ.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වන බවට ඉන්දීය බුද්ධි අංශ මුලින්ම දැනුම් දුන්නේ අප්‍රේල් 4 වැනිදා . ඉන්පසුව අවස්ථා කිහිපයකදීත් ප්‍රහාර එල්ල වූ දිනයේ උදෑසන 6.45 ටත් දුරකතන ඇමතුමක් දෙමින් එම තොරතුරු ලබා දී ඇති බවත් කාදිනල් හිමිපාණන් පවසා ඇත.
“කවුරුවත් ඒ ගැන හිතුවේ නැහැ. සැළකිල්ලට ගත්තේ නැහැ. මේ ව්‍යවසනය වළක්වා ගන්න තිබ්බා. මට මේ තොරතුරු කලින් ලැබුණා නම් මම පල්ලි වහල දාලා මිනිස්සුන්ට ගෙදර යන්න කියනවා” යැයි කාදිනල් හිමිපාණෝ පැවැසූහ.
“හැමෝම අනෙක් අයට බනිනවා. තොරතුරු සඟවන්න උත්සහායක් තියෙනවා. ජනාධිපතිවරයාගේ වරදකාරී බවත් ප්‍රශ්නකාරීයි. ඒ නිසා ඔවුන් මෙය සඟවන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ උනන්දුවක් නැති බව පෙනේනේ. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන අනෙකුත් ආයතනවලටත් මේ ගැන හොයන්න උනන්දුවක් නෑ වගේ” යැයි කාදිනල් හිමිපාණෝ කීහ.
මේ අතර කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට බෝම්බ ප්‍රහාරවලට පෙර සහ පසු සිදුවීම් දැක්වෙන වීඩියෝ පටයක් ද එහිදි පෙන්වා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති උතුම් කාදිනල්තුමනි..! , ලංකාවේ වැඩිදෙනා දන්නා කරුණක් තමා " ගලේ පාහරපු බළලා ගැන කතාව". ඔබ වහන්සේට බාර කරනවා බළලා කවුදැයි හඳුනාගැනීම... මෙරට දියුණු වෙන්න නම් දේශපාලකයන් ටික තුරන් විය යුතුමයි...
අති උතුම් කාදිනල්තුමනි !!!!! ඔබ වහන්සේගේ නිරීක්ෂණය ඉතාමත්ම නිවැරදිය. මෙම හිවලුන් 225 කෙසේ හෝ බලන්නේ දියවන්නා ඔය කැලේ කෙසේ හෝ ඉදිරි ජිවිත කාලයටත් ලැග තම ජිවිත කිසිදු කරදරයකින් තොරව ගත කිරීමටය. මෙම පව්කාරයන් 225 ම එම කැලයෙන් සදහටම පන්නා දැමිය යුතුයි. මෙම 225ට රටේ අහිංසක ජනතාවගේ ජිවිත ශතෙකට වැදගත් නැත. එවන් රැලක් තමා අප සියල්ලෝම අපගේ වියදමින් නඩත්තු කරන්නේ. ඒ ගැන අප අවංකව කනගාටු වන්නෙමු.
කාර්දිනල් තුමෝ, ඔබ දේශපාලනය කරන්න හදන්න එපා. මීට පෙර කතෝලික පූජකයෝ නොකරපු. ඔයා මහින්දගේ යාලුවෙක් වුණාට කතෝලික ආගම පාවාදෙන්න එපා. යක්ෂයා ඔයාව ස්වර්ගස්ත වෙන්න ඉස්සර අපායට ඇදගන යයි. අපිට පල්ලි යන්න හිතෙන්නෙත් නෑ කඩේයන හැටි දැක්කම...
එ්ත් ඉතින් මේ හිවලුන් පන්නාදමා වෙනත් හිවලුන් පිරිසක් බලයට පත්කරනවා විනා අපට කළ හැක්කේ කුමක්ද? බාහිර කිසිවෙකුත් අප වෙනුවෙන් තවමත් ඉදිරිපත් වී නැහැනේ?
මෙයා මහින්දට කඩේ යනවා හෝ ගාලා.., කාලයක් කිව්වා ඉස්කෝල අරින්න එපා ආරක්ෂාව නෑ කියලා. ආමි එකෙන් හිටියත් ආරක්ෂාව නෑ කිව්වා. තමන්ව දෙවියන් වහන්සේ ආරක්ෂා කරයි කියලා මේන් මේ මනුස්සයා එස්.ටී.එෆ් වට කරගෙන පල්ලි යනවා.. කොහෙන් කතා කරනවද කියල හිතාගන්න බෑ වෙලාවකට...
රටේ මිනිස්සු ගොනාට අන්දවලා දේශපාලන වාසි ගන්න තරම් පහත් තත්වයකට වැටිලයි ඉන්නේ.. රාජපක්ෂලාගේ පාලන කාලයේ මෙහෙම නැටුවා නම් සුදු වෑන් එකකින් තමයි යන්න වෙන්නේ.
බල්ලෝ හිතන්නේ, මනුස්සයොත් බල්ලෝ හිතන හැටියට ක්‍රියා කරනවා ඇති කියලා වෙන්න ඇති... සමහර බල්ලන්ට බුරන්න හේතුවක් අවශ්‍යම නැහැ. කරුවලට විතරක් නෙමේ, හොඳට හඳ පායපු දවසටත් සද්දෙට බුරනවා. ටිකක් හෝ මෙල්ල කර ගන්න ඕනෑ නම් ඉතින් මස් කට්ටක්ම ඕනෑ. කොහොමත් ඉතින් කාදිනල්තුමාට නම්, බල්ලන්ට මස්කටු විසි කරන්න වෙලාවක් නැතිව ඇති. අනික ඉතින් බල්ලන්ට වගේ කාගෙවත් මස් කටු කන්න අවශ්‍යතාවයකුත් නැහැ. එතුමා ලංකාවේ කතෝලික සභාවේ නායකයා ලෙස විශිෂ්ඨ කාර්ය භාරයක් ඉටු කරමින් සිටිනවා. තේරුණාද මන්දා?
මෙයාගෙ මේ වැඩේ රටපාවා දෙනවා වගේ දෙයක්නේ... ලෝකෙට අපේ රටේ කේලම් කියලා වාසි ගන්න හදන්නේ. රටේ අාණ්ඩුවක් තියෙනවා නම් අසාධාරණයක් වෙනවා නම් කාරනා දන්නවා නම් උසාවියේ නඩුවක් දාන්න. ජනපති, අගමැති, මහින්ද අාවම බදාගෙන පල්ලියට අරන්ගිහින් පූජාව කරා. දැන්බයිලා කියවනවා
භද්‍රානිට තේරෙන එක... මෙයාට තේරෙන්නේ නැහැ.
රවින් කියලා තියන " ගලේ පහරපු බළලා" ගැන නම් මේ මුළු රටම දන්නවා. එත්, බද්රානි ලියා තිබෙන බල්ලා නම් මෙහි අදහස් පලකොට තියන නිමල්ගේ ගෙදර ඇතිකරන බල්ලා හෝ මාධවගේ ගෙදර බල්ලා ගැන වෙන්න ඇති නේද?
නිමල්, ඔයා ඇදේ අනිත් පැත්තෙන් නැගිට්ටද? නැතිනම් ඔලුව ගලකවත් වැදුනද?ඔයා කඩේ යන්න ඕනේ කෙනෙකුට. ඒත් මෙතුමා ඇත්ත කතා කරනකොට අමාරුයි නේද? ඇත්ත මොකද ඔයා කඩේ යන කට්ටිය තවමත් කරන්නේ බොරුවනේ. හැබැයි බොරුවට වැඩි ආයුෂ නැහැ.
ලංකාවේ අය ගොඩක් දේ දන්නවා... එ්කනේ කෙලවෙලා තියෙද්දීත් මෝඩයෝ වගේ හරිදේ කතාකරද්දීත් බූරුවෝ වගේ කතා කරන්නේ.. මෝඩයින් පත්කරපු අය මෝඩයින්ම තමයි... මේ අයව හදන්න බෑ... එ්කනේ පිට රටවල් වලට බැන බැන මුහුදෙන් යන්නේ..
රොශාන් අනිවාර්යයෙන්ම
අනේ මන්දා මම බෞද්ධ අයෙක්... එ්ත් මට නම් තේරුම් ගන්න පුළුවන් අතිඋතුම් කාදිනල් තුමාගේ සිත් වේදනාව. මේ අපරාධය කලින් දැනගෙනත් කිසිම දෙයක් නොකර ඊළඟට කරපු අය හොයන්නත් හරියට පියවර නොගෙන ඔහේ කමිටු දා ගෙන ඇද ඇද ඉන්න කොට විපතට පත් වුණු ජනතාවට වූ අසාධාරණය කොතරම්ද කියල හිතෙන්නේ නැද්ද? මේ කීප දෙනකු හදන්නේ උන්වහන්සේ දේශපාලන කතා කියනවා කියලා අපහාස කරන්න. එහෙම චෝදනා කරන එක හරිම අසාධාරණයි. ඇයි මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ ආණ්ඩුව තවමත් මේ අපරාධය ඇතුලේ ඉන්න මහා මාළුවෝ ටික කවුද කියල දන්නේ නැති විදියට ඔහේ පොඩි පොඩි උන් ටිකක් කූඩුවල දමාගෙන කාලේ මරණ විත්තිය. අන්තිමේදී මේ මහා අපරාධයටත් සිද්ධ වෙන්නේ අර මහා බැංකු කොල්ලය වගේ නිකම්ම නිකම් අමතක කරවීමක් වගේ කියලා පේන්නේ නැද්ද?
අැත්ත තිත්තයි.. එජාප වහලුන් කිහිපදෙනෙක් සිටිනා බවනම් පෙනේ. මිනිසාගේ බුද්ධිමත්භාවය සමග සීග්‍රයෙන් වඳවීයන මෙම කොට්ටාශය ගැන අවංකවම දුකයි. රටට මෙතරම් විනාශයක් කරලත් ඔවුන්ට කඩේ යාමට තරම් අමුම අමු වහලුන් සිටියි. රටේ සිදුකළ විනාශය දැනෙන්නේ අවංකවම මනසින් උසස් අනුන්ගේ දුක තේරෙන මිනිසුන්ට හා වින්දිත පිරිසටයි. දේශපාලන වහලුන් යනු මොනතරම් කුහක, මෝඩ, මන්ද, මානසික පිරිසක්දැයි මෙම කිහිපදෙනා මනාව ඔප්පුකර ඇත. ඔබලාට අනුකම්පා කරනවා විනා කුමක් කරන්නද? මේ රටේ මහා සිවිල් යුද්ධයක් වලකපු මෙතරම් උතුම් මනුස්සයෙකුට තමන්ගේ ගොන්කමට කඩේ යන පක්ෂයක් බදාගෙන චෝදනා කිරීමට තරම් මොනතරම් නම මෝඩයිද?
මෙතුමා කෙලින්ම කව්ද වගකීම් ගන්න ඕනේ කියලා කියන්නේ නැහැ... වටේ කැරකෙන්නේ නැතුව වග කියන්න ඕනෑ අයගේ නම සඳහන් කරන්න.
ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් දෙතුන්දෙනා සුළු පක්ෂ නායකයන් ටික සහ පාර්ලිමේන්තුවේ ඉන්න 225 පිරිවරාගෙන රටේ සාරය උරාබොමින් රට විනාශ කරන එක ජයටම කරගෙන යනවා , මෙම දේශපාලකයන්ගේ පවුල් වල අයගේ සහ ඔවුන්ගේ වත්කම් දිහා බැලුවම මේක හොඳට පෙනෙනවා ,කාදිනල් තුමාගේ ප්‍රකාශය සහතික ඇත්ත . ලබන ජනාධිපතිවරණයේදී මෙම මහපක්ෂ වලට සම්බන්ධයක් නැති කොඩිතුවක්කු මහත්මය හෝ කාදිනල් තුමා හෝ වෙන උගත් අවංක බුද්ධිමත් ස්වාධින අපේක්ෂකයෙකුට ඡන්දෙ දෙන්න ඕනේ .
මෙතන කතා කරන අයගෙන් සමහරු උදේ නැගිටලා තියෙන්නේ ඇඳේ අනිත් පැත්තෙන්ද කොහෙද? එහෙමත් නැතිනම් ඔලුව කොහේ හරි ගහගෙනද කොහෙද? කාදිනල්තුමාගේ කතාව මම අතිශයින්ම ගරු කරනවා. ඒවගේ කෙලින් කතාකරන මෙතුමටත් ඒ වගේ අවලාද නගන්න තරම් කුහක වෙන්න එපා. තමුන්ට ඕනේ කඩේකට යන්න පුළුවන්... නමුත් ඒ හැම දෙයක්ම සීමාවක් තියාගන්න.
බද්රානි බල්ලොත් එක්ක ලගින්නේ නැතිව මිනිස්සු ඉන්න තැනකට ඇවිත් කතා කරන්න. නැතිනම් ඔබට නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්කයි. ඔබට වඩා හොඳට හිත හොඳ වර්ගයේ බල්ලෝ ඉන්නවා. උන් විසිකරන කටු කන්නේ නැත. ඒ බල්ලන්ට ආදරය කරන මිනිසුන්ට ඔබව වටින්නේ නැත.