IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ආණ්ඩුව නිරෝධායන නීති පෙන්නා විරුද්ධවාදීන් මර්දනය කරනවා ‘

(ඩයනා උදයංගනී)

වත්මන් රජය කොරෝනා වසංගතය හා නිරෝධායන ක්‍රියාවලිය රාජ්‍ය මර්දනයේ උපකරණයක් ලෙස යොදාගෙන ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

බොරුවෙන් පාලන බලය ගත්තත් ආර්ථික අර්බුදය බොරුවෙන් ජයගත නොහැකි බව ආණ්ඩුව දවසින් දවස ඔප්පු කරමින් සිටින බව කී මන්ත්‍රීවරයා රජයේ අවනීතිය ක්‍රියාත්මක නොකරන්නැයි අපි යුක්තිගරුක රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ ජන දුක වෙනුවෙන් ඉදිරියට එන මහජනතාව, සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍ය ආයතන මර්දනය කිරීම සඳහා රජය නිරෝධායන නීතිත්, පොලීසියත් යොදාගෙන බරපතල වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි.

වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා ආණ්ඩුව නිදහසින් පසු ඉතිහාසයේ පළමු වතාවට මූල්‍ය බංකොලොත්භාවයේ පළමු අඩිය තබා ඇතැයි කී මන්ත්‍රීවරයා වර්තමානයේදී ඩොලර් සොයාගැනීමට කළුකඩ පසුපසයාමට සිදුවීමෙන් ඉතිහාසයේ පළමු වතාවට බැංකු ක්‍රමය පරදවා ඩොලර් කළුකඩය ඉදිරියට එමින් තිබෙන බව ද කීවේය.

රටේ අරමුදල්, විදේශ මුදල් පිටරට යවන ප්‍රධාන මාධ්‍යය බවට නීති විරෝධී උණ්ඩියල් ක්‍රමය පත්වෙමින් ඇතැයි ද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ආණ්ඩුව ඉන්නේ තමන් විසින්ම නිර්මාණය කරගත් බරපතල මූල්‍ය අර්බුදයක බව කී රණවක මහතා ඩොලර් නැතිවීම හමුවේ රසායනික පොහොර, කෘමිනාශක ගෙන්වීම නැවැත්වීමෙන් ගොවි ජනතාවත්, වැටුප් වර්ධක නැවැත්වීමෙන් වැඩකරන ජනයා අරගලයකට පිවිසී ඇතැයි ද කීවේය.

නව කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත හරහා ඉදිරියේදී ධනයට පමණක් නොව දේශපාලන පන්දමටත් විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමේ වටපිටාව නිර්මාණය වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආණ්ඩුවට සම්බන්ධ ජාවාරම්කරුවන් සහ විදේශීය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් මේ රාජ්‍යයම තමන් යටතට ගෙන ඇතැයි කී මන්ත්‍රීවරයා එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් බංකොලොත් වෙමින් පවතින රාජ්‍යයේ දංකුඩ ටිකත් හූරා කමින් සිටින බව පැවසීය.



අදහස් (14)

‘ආණ්ඩුව නිරෝධායන නීති පෙන්නා විරුද්ධවාදීන් මර්දනය කරනවා ‘

SUNIL MILANO Friday, 09 July 2021 06:49 PM

යහපාලනයේ විපක්ෂය මර්ධනය කළ විදිහ මතක නැද්ද? අනේ පවු අනේ මෙයා..

:       1659       1822

samanFriday, 09 July 2021 10:18 PM

පාඨලී චම්පික රණවක ජනාධිපති කරමු... රට දිනවමු...

:       349       229

suranimalSaturday, 10 July 2021 05:13 AM

අන්තවාදී, ජාතිවාදී මානසිකත්වයෙන් පෙලෙන ප්‍රතිපත්තියක් නොමැති මෙවැනි කෙනෙකුට ලංකාවේ අනාගත ජනාධිපති තනතුරට පත්කිරීමට ජනතාව කැමති නැත...

:       1       0

ශන්කSaturday, 10 July 2021 08:17 AM

යහපාලනය කාලේ රටේ මහජනතාව හිතුවේ ඒ කාලේ විපක්ෂය ආණ්ඩු කරනවා කියලා. මොකද යහපාලනය ආණ්ඩුව දෝරේ ඇරලා තිබුනේ රුපවාහිනී සහ ITN නාලිකා වලට විපක්ෂයට ඇවිල්ලා ඇතිතරම් දේවල් කියලා ආණ්ඩුව විවේචනය කරන්න. එ්ත් අද ආණ්ඩුවේ කිසිම TV නාලිකාවක විපක්ෂයට කතාකරන්නවත් දෙනවද? නිකම් බොරු කියන්න එපා...

:       178       237

Ratne Friday, 09 July 2021 06:54 PM

ඔබ 100%ක්ම හරි..

:       743       908

SENA Friday, 09 July 2021 07:17 PM

මෙයාට දැන් රාජපක්ෂලා පේන්න බැහැ. නමුත් එයාලත් එක්ක තමයි හිටියේ. පසුව යහපාලනයට සෙට්වෙලා අවසාන කාලයේ බනින්න පටන් ගත්තා. එහෙට මෙහෙට පනින තණකොළ පෙත්තෝ වාසිය ඕනම කණ්ඩායමක් සමග එක්වේවි..!!!

:       288       213

Sri Lanka Friday, 09 July 2021 08:26 PM

කොරෝනා ඉවර කරන්න ආණ්ඩුව අකැමැති ඔන්න ඕකට තමයි. කොරෝනා වුණත් තමන්ගේ වැඩේ කෙරෙනවා නම් මොකටද ඉවර කරන්නේ?

:       819       632

kamal Friday, 09 July 2021 09:13 PM

නිකම් බොර දියේ මාළු බාන්නට එපා. මේ තත්වය යටතේ කාගේ රජයක් තිබුණත් ඔච්චරයි. මිනිසුන් ඒකරාශි වීමෙන් වසංගතය ව්‍යාප්ත වීම පසුගිය සිංහල අවුරුදු සමයේ සිදුවුණා. වසංගතය ව්‍යාප්ත වී රට වැසීමට සිදුවූ විට, මිනිසුන් දොස් පවරන්නේ රජයටයි.

:       608       718

NuwanSaturday, 10 July 2021 12:01 AM

ඕක කියන්න බැසිල් දිවුරුම් දුන්නාම පාරේ රංචු ගැහිලා කිරිබත් කාපු අයට...

:       0       1

සමන්Saturday, 10 July 2021 11:49 AM

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ තත්ත්වය බලන්න. නිරෝධායන සහ සංචරණ නීති අඩුකිරීම මිනිසුන් බාරගත්තේ සියල්ලම හරි කියලා. දැන් ඩෙල්ටා ප්‍රභේදය බැටකන්න අරන්. සිඩ්නි මහනගර පළාතේ ගිනිකොණ දිග ප්‍රදේශයත්.., පොලිසියෙන් පාරවල් දිගේ දාන තත්ත්වයක් අද තියෙන්නේ... පාඨලී ඇතුලු පිරිසට ඕනෑ ලංකාවේත් තවදුරටත් කොරෝනා පතුරා මිනී මරන්නද? උද්ඝෝෂණ අවශ්‍ය තැන් තියනවා. නමුත් මේ වෙලාවේ ප්‍රායෝගික නොවේ...

:       135       12

Gamini Friday, 09 July 2021 11:33 PM

මේ අය පුදුම මිනිස්සු... මේක වසංගත කාලයක්. ඒකත් දඩමීමා කරගන්න එපා...

:       1       0

rocky Saturday, 10 July 2021 04:35 AM

උද්ඝෝෂණකාරයින් මෙල්ල කරලා ඔවුන්ව බලෙන් බස්වලට පටවන පොලිස් කාරයින්වත් නිරෝධායනයට නොයවන්නේ ඇයි? පොලිස් කාරයින්ට කොරෝනා හැදෙන්නේ නැද්ද?

:       0       68

SUNIL MILANO Saturday, 10 July 2021 11:52 AM

ඇත්ත දැන දැනත් කොලේ වහලා ගහන මේ වගේ අඳ බාලයින් සමග වැඩ කිරීම නිෂ්ඵල දෙයක්.

:       65       105

Bamunuarachchi Saturday, 10 July 2021 05:08 PM

ඔව්, ඒ ගොල්ලන්ට අවස්ථාවක් තිබෙනවා. ඔවුන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවා ඔබලා මාධ්‍ය නිදහසෙන් ප්‍රයෝජනය ගන්නවා වගේ. ඇයි තරහද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28568 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18199 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11045 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 204 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site