(නිමල කොඩිතුවක්කු)
මහපොළ භාරකාර අරමුදලින්, නිල ඇඳුම් වවුචර සහ සුරක්ෂා රක්ෂණය ආදී වැඩසටහන් මගින් සිදුව ඇති පාඩුව මෙන්ම රජය යටතේ සිදුව ඇති වංචා දූෂණ රැසක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමර්ශන කොමිසමට සහ ආණ්ඩුවේ දූෂණ හොයන්න ජනාධිපතිවරයා පත් කළ කොමිසමටත් අද (28) දිනයේදී පැමිණිලි ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
එම පැමිණිලි සම්බන්ධයෙන් මාස දෙකක් තුළ විමර්ශන පවත්වා අවසන් නොකළහොත් අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමර්ශන කොමිසමට එරෙහිව රිට් ආඥාවක් ලබා ගැනීමට කටයුතු කරන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ පදනම් ආයතනයේදී අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවැසීය.
මහපොළ භාරකාර අරමුදලින් රුපියල් බිලියන 28ක අලාභයකුත් , නිල ඇදුම් වවුචර මගින් රුපියල් මිලියන 500කට අධික පාඩුවකුත් , සුරක්ෂා රක්ෂණය මගින් රුපියල් මිලියන 2000කට අධික පාඩුවකුත් සිදුව ඇතැයි සඳහන් කරමින් ඔහු මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.
මෙයට අමතරව පෙලපොත් මුද්‍රණයේදී සිදුව ඇති අක‍්‍රමිකතා ඇතුලු තවත් දූෂණ සහ අක‍්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන්ද තමන් අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමර්ශන කොමිසමටත්, වත්මන් ආණ්ඩුවේ දූෂණ හොයන්න ජනාධිපතිවරයා පත් කළ කොමිසමටත් පැමිණිලි කළ බවද විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආණ්ඩුවේ දූෂණ හොයන්නැයි විජයදාසගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
pathirana Thursday, 28 February 2019 02:58 PM
ඔක්කොටම කලින් මොහු ගැන වෙනම හොයලා ඉම්මු.. නේද?
Nishantha Thursday, 28 February 2019 03:21 PM
අපරාදේ ඇයි ඒ කාලේ හෙව්වේ නැත්තේ.. මොලේ එනකොට බලේ නැහැ නේද?
Sriyal Thursday, 28 February 2019 03:45 PM
හෙව්වට දඬුවම් දෙන්න බෑ. රටේ නීතිය යල්පැන ඇත. සෙවීමත් මහජන මුදල් අපතේ යාමක් විය හැක.
Mahee Thursday, 28 February 2019 05:40 PM
වැඩේ නම් හොඳයි. හැබැයි මන්ත්‍රීතුමා පරීක්ෂණ හරියට කලේ නැහැ කියල දුෂණ කොමිසමට එරෙහිව රිට් ආඥාවල් නම් ගන්න බැරිවෙයි. නාගානන්දත් ඔය දේම ඉල්ලලා පහුගිය සඳුදා අධිකරණය කිව්වනේ දෙන්න බැහැ කියල. දුෂණ කොමිසම කියන්නේ නින්දෙන් ඇහැරවන්න බැරි ආයතනයක්. අනික් ආයතනත් එහෙම තමයි.
vidya Thursday, 28 February 2019 07:11 PM
අනේ මගේ කට කොහෙද මෙච්චරකල් හිටියේ.
Saththaya Friday, 01 March 2019 02:04 AM
මොහුගේ වත්කම් බැරකම් ප්‍රකාශන තවමත් ලබා දීලද දන්නේ නැහැ .
Wasudewa Friday, 01 March 2019 02:27 AM
මෙයා නිකම් සුදාන වගේ දැන් කතා කරන්නේ.ආණ්ඩුවේ දූෂණ හොයන්න ඉස්සෙල්ල අර අවන්ගාඩ් එකෙන් දොළ පිදේනි අරගෙන අමෙරිකා සවාරි ගිය ඒවා හොයල බෙලුවොත් හොදා නේද? අනේද කියන්නේ.ලජ්ජා නැති කම.
Bamunuarachchi Friday, 01 March 2019 04:40 AM
ඔබගේ ඉල්ලීම සාදාරනයි ඔබෙන් දූෂණ උනානම් ඔබත් අසුවෙනවා. ඒ කයි මම සාදාරනයි කියන්නේ. නමුත් එහෙම හොයයිද?
RanilFriday, 01 March 2019 12:21 PM
හලෝ අන්කල් පහුගිය කාලේ හැන්ගිලා හිටියනේ. අර හප්පපු කේස් එක ගැන මුකුත් කිව්වේ නැහැනේ. බන්දුගෙ කේස් එක ගැනත්..?
Rata Perata Friday, 01 March 2019 07:12 AM
තමන්ගේ දුෂණ වහගන්න බොරු බයිලා කර කර ඉන්නවා.
tommy Friday, 01 March 2019 12:00 PM
රටේ මිනිසුන්ට මෙයාව අමතක වෙයි කියලා මොහුට බයක් තියෙනවා. එ්කයි ඔය ඉඳලා හිටලා ප්‍රකාශන නිකුත් කරන්නේ...
Hafeel Friday, 01 March 2019 03:25 PM
අල්ලස් කොමිසමට යන්න තරම් මෙයා අවංකද?