(අංජුල මහික වීරරත්න)
ජනතාව පීඩාවට පත් කරමින් සිටින ආණ්ඩුව සමග"හැප්පිය" යුතුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සමගි ජන බලවේගය ඇතුළු සියලු බලවේග ඒකරාශී කරගෙන යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ මොහොතේ එම ප්‍රධාන අරමුණ කරා යන ගමන පසෙක තබා වෙනත් අය සමඟ හැප්පීමෙන් ඵලක් නොවන බව ද එයින් වන්නේ කාලය නාස්ති වීමක් පමණකි ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
වර්තමානයේ දී රට මුහුණ දී සිටින අභියෝග වලින් ජනතාව මුදාගැනීමට නම් සියලු බලවේග සහ ජන කොටස් ඒකරාශී කර ගනිමින් ජයග්‍රහණය කරා යායුතු බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන නවක මන්ත්‍රීවරුන් සඳහා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මන්ත්‍රී වැඩමුළුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
දිවයින පුරා දැන් තිරගත වේ... ‘‘ රෑ ඩැනියෙල්, දවල් මිගෙල්...!‘‘
ඔව් ඔව් ඒ සියලු බලවේග එකතුවෙලා මේ රනිල් මහත්තයා ඒ බලවේගේ නායකත්වයට පත් කරන්න... පහුවදාට මෙතුමා හොරෙන්ම ආණ්ඩුවේ ලොක්කන් හම්බවෙලා සියලු රහස් හෙළි කරලා පාවලා දෙන්නේ නෑ... මට හොඳටම විශ්වාසයි.
එතුමා කියන එක සහතික ඇත්ත, විපක්ෂය එකමුතු වෙලා ආණ්ඩුවට අභියෝග කරන්න ඕන.. හැබැයි මෙතුමා අතේ දුරින් තියාගන්න. මොකද මෙතුමා සටන් පාවලා දෙනවා... ආණ්ඩුවට නැටවෙන විපක්ෂයක් තිබුනේ කලින්...
යහපාලනය කාලේ මෙහෙම හිතුණේ නැතිව ඇති නේද?
ඕක අරයද කිව්වේ? බර්ත් ඩේ පාටි එකේ දී හම්බ වෙච්ච වෙලාවේ....
අපි පහුගිය යහපාලන ආණ්ඩුව පත් කලේ බොහෝ බලාපොරොත්තු තියාගෙනයි. මෙයා කලේ ආණ්ඩුවේ ඉඳගෙනත් මහින්දව අරක්ෂා කරපු එකයි...
ඔබතුමා 2015 ඩීල් නොදා පැත්තකට වෙලා හිටියා නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ. දැන්වත් කරුණාකර විශ්‍රාම යන්න. නව නායකයෙකුට පක්ෂය බාර දෙන්න. එවිට මිනිස්සු නැවතත් එජාපයට ඡන්දය දේවි...!!
ඉතාමත් හොඳ අදහසක්. රෑ කෑමක දී හමුවෙලා කලු කෝපි බීලා දෙන්නා එක්ක අදින්න හොඳ සැලැස්මක්... රට නොවේ ඔයගොල්ලන් ගොඩ යන්න.
ආණ්ඩු එක්ක හැප්පෙන්නේ නැතිව එකතු වෙලා රට ගොඩදාන්න.
මෙයා විශවාස කරනන බැ
පෙර "ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" වර්තමානයේ " ශ්‍රීලංකා මැදමුලන රාජපක්ෂ රාජකීය පවුල් ආණ්ඩුව" පලවාහැරීමට කොල්ලුපිටිය වලව්වේ අපේ හිටපු අගමැතිතුමා කරන ආරාධනයයි.
සූත්තර පුංචා කියන්නේ ඒකනේ...
රනිල් මහත්තයෝ, ඔයා දැන් දේශපාලනේට සුදුසු නැහැ. හරියට අවලංගු වෙච්ච කාසියක් වගේ... දැන්වත් ඕක තරුණ නායකයෙකුට බාර දීලා පිනක්, දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්න...
රැවටී ඇති රටක අද නැත සංගතය කපටින් මිස රජුන් මෙහි නැත නින්දිතය දැවටී සිහින මවමින් දින දින සැටිය නොවැටී සිටීමට බලපන් රටවැසිය .
එන්නම්.., හැබැයි තමුන් නැති තැනකට, දැක්කා ලස්සන පින්තූර ටිකක්, එහෙම කරන හැටි...