(යොහාන් භාසුර)
ආණ්ඩුවට එරෙහිව ශක්තිමත් බලවේගයක් නිර්මාණය කරන බව සමඟි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය.
ආණ්ඩුවට එරෙහිව ශක්තිමත් බලවේගයක් නිර්මාණය කිරීම යුගයේ අවශ්‍යතාවක් බව කී කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයන් බලයට කෑදර නිසා ආණ්ඩුවේ රැදී සිටින බව සඳහන් කළේය.
නාවල, කොස්වත්ත ප්‍රදේශයේ තවත් පක්‍ෂ කීපයක් සමඟ අද (02) පැවැති සාකච්ඡාවකින් පසුව වෙල්ගම මහතා එසේ පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නායකත්වය දරන ‘නව ලංකා නිදහස් පක්ෂය’ සහ ප්‍රමුඛ ආණ්ඩු විරෝධී පක්‍ෂ අටක් ‘අපි ශ්‍රී ලංකා’ ලෙස සංවිධානයක් පිහිටුවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට දැං අඩු නැතිව බලවේග තිබෙනවා . ඔක්කොම තමන්ගේ බඩ වඩා ගැනමේ ක්‍රම ගැන හිතනව.
බලවේග නිර්මාණය කලත් ක්‍රමවේදය වෙනස් නොවන්නේනම් සහ අලුත් කණ්ඩායමකට අවස්ථාව නොදෙන්නේනම් කුමන බලවේග නිර්මාණය කලද එම බලවේගවලින් පලක් නොවනු ඇත
බලවේගයක් හදන්න පෙර රටට ගැලපෙන අපේම කියලා නීතියක්, අධ්‍යාපන, ආර්ථික, දේශපාලන.. වගේම අධිරාජ්‍යවාදීන් තහනම් කරපු අපේ දේශීය කෑමබීම..., වෙදකම ඇතුළු සෑමදේම නැවත අපිට ලබාදෙන ක්‍රමයක් හැදුවොත් හොඳයි. ජයවේවා..!!!
වැඩක් නෑ. මනා හැදියාවක් ඇති දේශපාලන විද්‍යාව පිළිබඳව පිටරට ගිහින් උපාධි ඇරගෙන ඉංග්‍රීසි කතාකර අනෙකුත් රටවල් සමග සුහද සම්බන්දතාවයන් පවත්වාගෙන යා හැකි, සහ තමන් නොදත් දේ නොදන්නවා යැයි පිළිගන්න සහ නොදත් දේ ඉගෙනගෙන, මල පෙරේත දෝෂයන් නොමැති, ප්‍රසන්න, දේශපාලන විද්‍යාවට අත්දැකීම් ලත් තරුණ වයසේවුන් , එනම් අවුරුදු හතලිහ සහ හැටට අඩු, ගමේ සිට ඇවිත් කොලඹ එවුන්ට පාඩමක් උගන්වන්න හීන මාන කාර විශ්ව විද්‍යාල අධ්‍යාපන ලැබූ වැදගත් කණ්ඩායමකට පමණක් රට භාර දිය යුතුය. එහෙම නැත්තන් , නැවත එංගලන්තයට රට බාරදෙන්න හදල දෙන්න කියල. රට ආක්‍රමණය කරපු එවුන් රටට හදල දුන්න තේ රබර් පොල් කර්මාන්ත, දුම්රිය පීලි , පාරවල්, බලකොටු සහ වාස්තු විද්‍යාත්මක වටිනාකමින් යුක්ත වූ පැරණි මන්දිර නොහැරෙන්නට අපෙයි කියන්න පාරම්බාන්න දෙයක් අපි රටට ලබාදුන්නේ කුමක්ද? අපට කියා එකම ඉතුරුව ඇත්තේ ඉතිහාසය සහ ඒ සමග අනුගත වූ ආගමික සිද්ධස්ථාන සහ නටඹුන් පමණි.
අනේ මේ මහත්තයෝ ඔයාට නගරසභාවක් දෙන්නම් උපරිම
මෙතන තමයි ලංකාවේ දේශපාලනයට වැරදුනු තැන. පවතින ආණ්ඩුවට විරුද්ධ වීම නොවෙයි , පවතින ආණ්ඩුවට වඩා හොඳ වැඩ පිළිවෙලක් පෙන්වා රට නගා සිටුවන හැටි පෙන්විය යුතුයි. මේ මිනිසුන් ට තියෙන්නෙ පෞද්ගලික න්‍යාය පත්‍ර
ආයෙත් අපිව දක්කන්න වගේ යන්නේ ?
දැන් ඔය අලුත් පක්ෂයක් හදන්න යන්නේ බල පෙරේතකමට නෙමෙයිද? දැන් ඔය හදන පක්ෂය කවදාහරි ලොකු පක්ෂ දෙකට මුක්කු ගහන්න වෙනවනේ අනිවාර්යයෙන්...
වැඩ බැරි ටාසන්ලා....!!!
හරි හරි කරන්නකෝ...!