IMG-LOGO

‘‘ආණ්ඩුකාර කාර්යාලයේ නැති අගමැතිගේ ඡායාරූපය හෙට වනවිට තිබිය යුතුයි‘‘

(චමිල් රූපසිංහ)

මහනායක හිමිවරුන්ගේ අනුදැනුමකින් තොරව කිසිදු කටයුත්තක් මධ්‍යම පළාත තුළ සිදු නොකරන බවත් මධ්‍යම පළාත් කාර්‍යාලය තුළ ජනාධිපතිවරයාගේ සහ හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ඡායාරූප ඇතත් අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපය හෙට වනවිට ආණ්ඩුකාර කාර්‍යාලය තුළ තිබීම අවශ්‍ය බවත් ආණ්ඩුකාර ධූරයේ අද (11) වැඩ භාරගත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය.

මධ්‍යම පළාතේ 12 වැනි ආණ්ඩුකාරවරයා ලෙස නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා  මහා සංඝරත්නයේ සහ ආගමික නායකයෝ ඉදිරියේ වැඩ භාරගත් අතර ආණ්ඩුකාර ලේඛම් බණ්ඩාර තෙන්නකොන් මහතා වෙත නිල වශයෛන් රාජකාරි ලිපිය භාර දුන්නේය.

වතුකරයේ ඇති මත් ද්‍රව්‍ය ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන බවත් ලංකාවේ හොඳම පොලිසිය මහනුවර පොලිසිය බවත් තමන් කොළඹ දක්වා පා ගමනකින් ගමන් කරමින් සිටියදී තමාවත් අත්අඩංගුවට ගත් පොලිසිය මහනුවර පොලිසිය බවත් එවන් පොලිසියකට මධ්‍යම පළාත තුළ මත් ද්‍රව්‍ය උවදුර නැති කිරීමට සහයෝගය දෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය.



අදහස් (19)

‘‘ආණ්ඩුකාර කාර්යාලයේ නැති අගමැතිගේ ඡායාරූපය හෙට වනවිට තිබිය යුතුයි‘‘

sirimal Friday, 11 January 2019 06:42 PM

අගමැතිතුමාගේ පින්තුරය එල්ලන්නද කියලා මහනායක ස්වාමින් වහන්සේලාගෙන් උපදෙස් අරගෙනද ඔය ප්‍රකාශය කරන්නේ?

:       56       380

පචරිකා කැකිරිහේනSaturday, 12 January 2019 04:09 AM

මෙයා ආණ්ඩුකාර වූනේ පින්තූර එල්ලන්නද? අපේ ඩැඩාගේ ජෝකර්ලා...

:       15       121

Sumith Friday, 11 January 2019 08:43 PM

ඕවා නෙමේ රටේ ජනතාව බලන්නේ වැඩ.. ෆොටෝ බලන්න මැතිවරණය ආවාම පුළුවන්...

:       9       80

prabha Friday, 11 January 2019 11:48 PM

මධ්‍යම පළාතට තියෙන ලොකුම අඩුව අගමැතිගේ පින්තූරය. මේ වගේ අය පත්කරන අයගේ මොලේ පරික්ෂා කරන්න ඕනේ...

:       5       161

BamunuarachchiSaturday, 12 January 2019 05:06 AM

මොලේ පරික්ෂා කරන්න කටුකම්බි අපි ළඟ තිබෙනවා.

:       2       75

Sunil Saturday, 12 January 2019 12:50 AM

තවත් පන්දම්කාරයෙක් වෙන්නැති...

:       1       77

ajith Saturday, 12 January 2019 03:04 AM

ආණ්ඩුකාරයෙක් පත් කරන්න ඡායාරූප බිත්තිවල එල්ලන්න නෙවෙයි. ඔබතුමාට ගොඩක් වැඩ තියනවා කරන්න...

:       0       120

Raveendra Saturday, 12 January 2019 03:32 AM

මෙමගින් අදහස් වන්නේ රජයේ ආයතනවල කවටයින්ගේ පින්තූර ප්‍රදර්ශනය කළ යුතුයි කියා නොවේද? එසේත් නැත්නම් අපායේ එල්ලා තිබෙන පින්තුර රැගෙන එන ලෙස විධානයක් නොවේද?

:       3       119

BamunuarachchiSaturday, 12 January 2019 05:08 AM

මම බැංකුවේදී කියලා තිබෙනවා අපි මෙතනට එන්නේ සතුටින් වැඩටික කරගෙන යන්නයි, නමුත් ඇතුල් වෙන කොටම මොවුන්ගේ පොටෝ දකින විට මාරයා නගිනවා කියලා.

:       10       100

Mahee Saturday, 12 January 2019 04:14 AM

බුදු අම්මෝ, ආණ්ඩුකාරයෙකුට තියෙන වැඩ කන්දරාව. පින්තුර එල්ලන්නයි, ඒවාට දුම් අල්ලන්නයි, දණින් වැටිලා වඳින්නයි, කප්පරක් වැඩ, පව් අප්පා...

:       18       130

Raveendra Saturday, 12 January 2019 04:18 AM

මැදරට ලොක්කා " සැමදාටම " මෛත්‍රී මෙමාය.... ඉල්ලුවේ මොකද පින්තුරය සූත්තර පුංචාගේ... හිතුවද නැවත මිරිකන්නට සුත්තර පුංචාගේ... " ලැමිනේට්" කර ඇත සියල්ල සුත්තර පුංචාගේ...

:       146       83

sandy123 Saturday, 12 January 2019 08:07 AM

මීට දවස් කිහිපයකට පෙර අවස්ථාවක මම පැහැදිලිව ලිව්වා මේ වහල් මානසිකත්ව දේශපාලනය ගැන. මේ මජර දේශපාලනය තියෙන තුරාවට අපිටවත් රටටවත් කිසිම සෙතක් නැත. අපි නැවත පුද්ගලයෙක් බලයට ගෙනෙන විට ඔහුගේ හෝ ඇයගේ සමාජ බැදීම් ගැන පවා සිතන්නට වෙනවා. පුද්ගලයෙක් වශයෙන් ඔහු/ඇය හොද වුනත් (ඉතා කලාතුරකින්) වට පිටාව නොහොද නම් ඔහු/ඇය ද මේ තත්වයට පත්වෙනවා නොඅනුමානයි. උඩුගං බලා පිහිනන අය දේශපාලනයේ දකින්නට නැත.

:       0       107

RaveandraSunday, 13 January 2019 02:15 AM

සහතික ඇත්ත.

:       0       0

Maheshika Saturday, 12 January 2019 08:39 PM

අගමැතිගේ මූණත් තහඩුව දැක්කොත් මිනිස්සුන්ට දවසම කන්නත් නැහැ. ඔය මගුල් එල්ලන්නේ නැතුව ආයතනයක් පවත්වාගන යන්න බැරිද? ජන නායකයන්ගේ මූණත් තහඩුවලින් තොර රජයේ කාර්යාල ඇති රටක් බිහිකරමු. ඔය මගුල් පින්තූර එල්ලන්න, ගලවන්න ගිහින් කී දෙනෙක් මරා ගන්නවද?

:       37       4

Amila Sunday, 13 January 2019 04:55 AM

කුමන්ත්‍රණයට හවුල් වී (මේ ඉන්නේ අර නාමල් කුමරගේ නීතිවේදී මහතා) එය හබක් වූ විට එය වසා ගන්නට ගහන කදිම උප්පරවැට්ටියක් වගේ...

:       0       15

pohottuwa Sunday, 13 January 2019 06:24 AM

බ්ලොග්කරුවනි, කරුණාකරලා ඔබතුමා, උතුමා, අතිගරු වැනි වර්ණනාවන් නමට කලින් දාන්න එපා. එවැනි පදවලට මේ අය සුදුසු නැත. මේ අයට ගරු බුහුමන් කරන්න එපා. මෙවැන්නන්ට එවැනි වර්ණනා පද යෙදූවිට ඔබ නිතැතින්ම මොවුන්ගේ වහල්ලු බවට පත්වීම පිළිගැනීමකි. අයි බැරි ඔහු, මෙයා, එයා , මොහු වැනි වදන් යොදන්න. ඔබගේ පෞරුෂය පාවාදෙන්න එපා. ලෝකයේ බලවත්ම රටේ ජනාධිපති පවා අමතන්නේ "මිස්ටර් ප්‍රසිඩන්ට්" කියලයි. ඒ මිනිස්සු මේ වගේ සත්තු නෙවෙයි.

:       1       4

RaveendraSunday, 13 January 2019 01:45 PM

1200% අප ඔබගේ ඉතාමත්ම වැදගත් අදහස් ගරු කරන්නෙමු. මේ සියල්ලෝම ඔබේ, මගේ අපේ බදු මුදල් වලින් වැටුප් ලබමින් මිහිපිට සුර සැප විදින්නොය. කිසිවකු ගරු සේවයක් නොකරන්නෝය.

:       0       5

chamath Sunday, 13 January 2019 07:23 AM

රට ගැන නොදන්නා මෝඩයෝ මොනවා කීවත් මෙතුමා ඉතාමත් හොඳ කෙනෙක්... හොඳ තීරණයක්...

:       6       0

ajith Sunday, 13 January 2019 07:28 AM

රනිල් මහත්තයව පතුරු ඇරපු පිනට මෙයාටයි, අසාද් සාලිටයි, කැෆේ මුදලාලිටයි ආණ්ඩුකාරකම ලැබුනේ. එතකොට රනිල් අගමැතිතුමාගේ පින්තුරේ ඔතන තිබුණෙම නැද්ද?

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site