(යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)
‘දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳුදා ඉඳලා අපට නැහැ. එතුමා මාරුකරන්න එපා කියා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලිමක් කළා..‘ යැයි ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි. සංධානයේ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
අද (03) මන්ත්‍රිවරයාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය. මේ පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද කිවේය.
‘දකුණු පළාතේ ආණ්ඩුකාරවරයාගේ ග්‍රහයා නිච වෙලා.. මහවිශාල ශබ්දයක් දාගෙන ඇවිත් විශාල වැඩ කොටසක් කළා. නිදිමරාගෙන වැඩ කළා. ඒ වෙනුවෙන් කැපවුණා. මහ ඇමැතිවරු, ඇමතිවරු හිටියත් නොකරපු වැඩ කොටසක් කළා. නමුත් එතුමා සඳුදා ඉඳලා අපට නැහැ.. ජනාධිපතිතුමාගෙන් ඉල්ලිමක් කළා එතුමා මාරුකරන්න එපා කියලා.
ජනාධිපතිතුමා එයට ඇහුම්කන් දුන්නා. තවත් අයගේ බලපෑම් තියෙනවලු හොරකම්, වංචා, දුෂණ තියෙනවා නම් ඕනෑම තීන්දුවක් ගන්න කියා... අපි කිව්වා රැකියා දීපු එවා ගැන ගැටළුවක් තියෙනවා නම් කියන්න කියලා.
හිටපු ඇමතිවරු රැකියා දීපු විදියයි, මෙතුමා රැකියා දිපු විදියයි බලා තීන්දුවක් ගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට සාධාරණ විදියට ඒ කටයුත්ත ඉෂ්ඨ කරලා තියෙනවා. දකුණේ ආණ්ඩුකාරයා වෙනුවෙන් අපි කොළඹට යනවා.
ජනාධිපතිතුමාගේ නිල නිවසට ගිහින් කියනවා මේක කරන්න එපා කියලා. මේ තරම් කැපවූ ආණ්ඩුකාරයෙක් නැහැ. මේ ඡන්ද පෙනිපෙනී මාස කිහිපයක් ගොඩනගාගත්තු දේවල් සියල්ල විනාශ කරලා... මම වත්, ජනාධිපතිතුමාවත් නෙවෙයි ඒ මිනිසුන් ටික හසුරුවා ගත්තේ අලුතෙන් බඳවාගත්තේ, බැඳීමක් ඇතිකරගත්තේ ආණ්ඩුකාරතුමා.. එතුමා ගියාට පසු මේ පැත්ත පාළුවෙලා යාවි... හිටපු ආණ්ඩුකාරවරු ගොඩක් දකුණේ හිටියා සත පහක වැඩක් කළේ නැහැ. වැඩක් කරපු එකම මිනිහාගෙන් පළිගන්න හදන එකට අපි විරුද්ධයි. ඇමතිවරු නොකරපු වැඩ මෙතුමා ඉතා කෙටිකාලයකින් ඉටු කළා. දකුණේ ආණ්ඩුකාරයා ඉවත් කරන්න එපා. ඒ විදියටම අපට ලබාදෙන්න කියලා ඉල්ලිමක් කරනවා. ඉල්ලා අස්වෙන්න කියන නියෝගය ජනාධිපති ලේකම් භාරදිලා... මා දන්නේ නැහැ උත්තර යැව්වාද කියලා? අපි ඉල්ලීමක් කළා සඳුදා වනතෙක් යන්න එපා කියලා.. කැපිලි කෙටිලා හැම තැනම අපේ පක්ෂයෙත් ඒක කරනවාට අපි කැමති නැහැ..‘‘ යැයි මන්ත්‍රීවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුකාරවරයා මාරු කරන්න එපා’යි මුතුහෙට්ටිගම ඉල්ලයි
Bamunuarachchi Saturday, 03 August 2019 10:47 AM
ඔය එන්නේ කතාව එළියට... පසුව අදහස් ලියන්නම්.
අසන්ක Saturday, 03 August 2019 01:23 PM
වැඩක් කරන්න කැපවුණු මිනිහෙක් අයින් කරනවා කියන්නේ හෙන ගහන අපරාධයක්....
MDSaturday, 03 August 2019 05:05 PM
එයාලා කරන පව් එයාලා ගෙනියයි. ඔබතුමා නිරපරාදේ හෙනගහන කතා කියලා පව් නොකර ගන්න. මෙය කාරුණික ඉල්ලීමකි. ස්තුතියි...!!!
රවින් Sunday, 04 August 2019 11:15 AM
මොකෝ සිංහරාජේ වන සතුන් ඉවරද?