IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආණ්ඩුකාරවරයා තහනම් කළ නගර සභාපති ධූරය උසාවියෙන් දෙයි

 

(අජිත්ලාල් ශාන්තඋදය සහ එස්.වීරවංශ)

තනතුරෙන් ඉවත් කළ බළන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා යළි එම තනතුරේ පිහිටුවන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාට නියෝග කළ රත්නපුර අංක එක මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නගර සභාපතිවරයා තනතුරින් ඉවත් කිරිමට නිකුත් කළ ගැසට් නිවේදනය නඩු කටයුතු අවසන් වනතෙක් තහනම් කරන ලෙස අද (3) නියම  කළේය.

බළන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස කටයුතු කළ සේවය අත්හිටවු  බළන්ගොඩ, මහ විදියේ අංක 53 දරණ ලිපිනයේ පදිංචි චමික ජයමිණී විමලසේන මහතා විසින් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, බළන්ගොඩ නගර සභාවේ උපසභාපති එම්.ටී.එම්.රූමි, බළන්ගොඩ නගර සභාව, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු හේරත් මුදියන්සේලාගේ රෝහණ අනුර කුමාර සහ සබරගමු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරයා වගඋත්තරකරුවන් කරමින් ඉදිරිපත් කළ සර්ටියෝරාරි රිට් ආඥාවක් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්තමක් විභාගයට ගත් අවස්ථාවේ මෙම තහනම නිකුත් කෙරිණී.

නීතීඥ නෙවිල් කරුනාරත්න මහතා මගින් පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.පෙත්සම්කාර චමික ජයමිණී විමලසේන මහතා තමන් 2018 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් බළන්ගොඩ නගර සභාවට කුමාරගම කොට්ඨාසයෙන් සභිකයකු ලෙස එක්සත් ජාතික පක්‍ෂයෙන් තේරීපත්වු බව සඳහන් කර ඇත.

පසුව තමන් බළන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස පත්වූ බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් සඳහන් කර තිබුණි. පත්වු දින සිට සිය තනතුරේ රාජකාරී නීත්‍යනුකූලව කරගෙන යද්දී 2021 ජනවාරි 15 දින නිකුත් කරන ලද අංක 2210/50 දරණ ගැසට් පත්‍රයෙන් තමන්ට එරෙහිව මාස තුනක් ඇතුළත පරීක්‍ෂණයක් කරන ලෙස හතරවන වගඋත්තරකරුට නියෝග කරමින් පළමුවන වගඋත්තරකරු විසින් ඔහුට ලැබී ඇති බලතල අනුව තමන්ගේ සභාපති ධූරය දැරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවද සඳහන් කර ඇත.

එය තමන්ගෙන් කරුණු විමසිමකින් තොරව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පළමුවන වගඋත්තරකරු කළ නියෝගයක් බවද පෙත්සමේ සඳහන් වෙයි.

එසේම තමන් දැරූ බළන්ගොඩ නගර සභාවේ සභාපතිධූරයේ බලතල සහ කටයුතු ක්‍රියාත්මක කිරිමට පළමුවග උත්තරකරු විසින් දෙවන වගඋත්තරකරු වෙත පවරා ඇති බවද පෙත්සමේ සඳහන් කර ඇත.

පළමුවන වගඋත්තරකාර පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් තම සභාපතිත්වය තාවකාලිකව අත්හිටුවමින් සහ ඒ බලතල දෙවන වගඋත්තරකරුට පවරමින්, පරීක්‍ෂණයක් පැවැත්වීමට විශ්‍රාමික විනිසුරුවරයෙක් පත්කිරීමේ තීරණය අත්හිටුවමින් සර්ටියෝරාරි ස්වභාවයේ පරමාධිකාරී විධි නියෝගයක් මගින් ශුන්‍ය හා බලරහිත කරවා ගැනීමට පෙත්සම්කරුට හිමිකම් ඇති බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් දන්වා සිටී.

නීතීඥ දමිත අතුකෝරළ මහතා ද පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය. මෙම නඩුව ඉක්මණින් අවසන් කළ යුතු නිසා වැඩිදුර විභාගය මාර්තු 17 දිනට කල් තැබිණි.

 



අදහස් (2)

ආණ්ඩුකාරවරයා තහනම් කළ නගර සභාපති ධූරය උසාවියෙන් දෙයි

tilak Wednesday, 03 March 2021 10:58 AM

දීපල්ලකෝ උත්තර...!!!

:       0       2

lanka Wednesday, 03 March 2021 01:34 PM

අවුලක් වගේ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site