IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආචාර්ය ගයානිට හාවඩ් සරසවියෙන් ඉහළම සම්මානයක්

(සුජිත් හේවාජුලිගේ )

හාවඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනෙවිරත්න මහත්මිය නව සොයාගැනීම් ගණනාවක් සිදු කරමින් ජෛව වෛද්‍ය විද්‍යාවට කර ඇති විශිෂ්ට සේවය වෙනුවෙන් හෙලන් හේ විට්නි ෆෙලෝෂිප්( Helen Hay Whitney fellowship) සම්මානය පසුගියදා දිනාගත්තාය.

ඇයට මෙම සම්මානය පිරිනැමීමට විශේෂතම හේතුව වන්නේ මිනිසාගේ ශ්‍රෝණි පටිය (pelvic girdle) වර්ධනය වන ආකාරය සහ ඒ ආශ්‍රිත රෝග පිළිබඳව නව සොයාගැනීම්ය.

ලෝකය පුරා පිළිගත් මෙම සුවිශේෂවූ සම්මානය මෙයට පෙර දිනාගෙන ඇත්තේ නොබෙල් ත්‍යාගලාභීන් කීහිපදෙනකු පමණි.

සෙනෙවිරත්න මහත්මිය ඇගේ පරීක්ෂණ වෙනුවෙන් මෙරටදී ජනාධිපති සම්මානය දෙවතාවක්ම හිමි කර ගත්තාය. මෙයට අමතරව ඇය ශ්‍රී ලංකා පර්යේෂණායතනය විසින් පිරිනමන ලද වසරේ විශිෂ්ටතම පර්යේෂණ සම්බන්ධයෙන්වූ සම්මානයද හිමිකර ගෙන ඇත.

අය විසින් ජෛව වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනය සඳහා දැනට ඉදිරිපත් කරනු ලැබ ඇති පර්යේෂණ ප්‍රකාශන සංඛ්‍යාව විශාලය.

සෙනෙවිරත්න මහත්මිය චිකාගෝ විශ්ව විද්‍යාලයේදී ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කළ අවස්ථාවේදී, ගෙම්බන්ගේ ශරීරයන්හි වර්ධනය වන මිනිස් කලලයන්හි අක්ෂි තීරුවේ දක්නට ලැබෙන අසාමාන්‍යතාවයකට ප්‍රතිකාර කිරීමට භාවිතා කළ හැකි ජානයක්ද සොයා ගන්නා ලදී. මෙම සොයා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ අවධානයක් හිමිවූ අතර එරට පළවන ප්‍රධාන පෙළේ සඟරාවක් වන proceedings of the national sciences හිද ඊට වැඩි ඉඩකඩක් වෙන් කරමින් ඒ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කර තිබිණ.

ගයානි සෙනවිරත්න මහත්මිය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි. ඇය විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ හදාරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට 2009 වසරේදී ඇතුළත් වූවාය.

ශ්‍රී ලංකාවේ විද්‍යාව හදාරන දරුවන්ට තමා මතු මතුදිනක මෙරටට පැමිණ ඔවුන්ගේ සිහින සැබෑ කර දීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ආචාර්ය සෙනෙවිරත්න මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

එසේම පෘෂ්ඨවංශික පරිණාමයේ විද්‍යාත්මක පර්යේෂණ ප්‍රශ්න නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් විසඳීමට හැකි තමන්ගේම විද්‍යාගාරයක් මතු දිනෙක පවත්වාගෙන යෑමද තමාගේ ප්‍රධාන බලාපොරොත්තුවක් බව ඇය සඳහන් කළාය.

ගයානි සෙනෙවිරත්න මහත්මිය සුරාබදු කොමසාරිස් ( මධ්‍යම පළාත්) උපුල් සෙනවිරත්න මහතාගේ දියණියකි.



අදහස් (4)

ආචාර්ය ගයානිට හාවඩ් සරසවියෙන් ඉහළම සම්මානයක්

sanjeewa liyanage Sunday, 26 December 2021 03:45 PM

උණුසුම් සුබපැතුම්...!

:       0       41

gamunu Sunday, 26 December 2021 07:32 PM

ලෝකයේ දියුණු රටවලට ගොස් ඉහළ තාක්ෂණයෙන් යුත් විශ්ව විද්‍යාලයන් මගින් උසස් අධ්‍යාපනය වැඩි දියුණුකර නව අද්දැකීම් ලබා තරුණ කාලයේදීම ශ්‍රී ලංකාවට පැමිණ සේවය කිරීමට බලාපොරොත්තු වීම අගයකොට සලකමු.

:       0       17

Priyngani Sunday, 26 December 2021 09:37 PM

අපේ රටේ ලමයි දක්ෂයි. නමුත් ඔවුන්ගේ දක්ෂතා පෙන්වා ඔවුන් ට සාර්ථක වීමට අපේ රටේ ඇයි ඔවුන් ට පහුසුකම් ලබා නොදෙන්නේ. ගොඩක් ලමයි ලංකාවේ විශ්ව විද්‍යාල වලට නොගිහින් පිටරට යනවා ඉගෙනගන්න.ඒ ඇයි ඔවුන් ගේ ජීවිතේ වටිනාම කලේ කැම්පස් එකේ අනවශ්‍ය ලෙස කල්මරලා, උද්ඝෝෂණ කරනවා .

:       0       2

Bunny Preena Wednesday, 29 December 2021 10:06 AM

රටකට යම් කීර්තියක් ලැබෙන්නේ ද ,එය ඔබ වැනි දක්ෂ දරුවන් නිසාය .ඉදිරියේදී කරන ඔබගේ පර්යේෂණ සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 378 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site