(ඩී.කේ.රත්න)
ආගරපතන වැවිලි සමාගමට අයත් හපුතලේ කහගල සහ බෝව ඉදල්ගස්හින්න වතු දෙකෙහි වතු කම්කරුවන් 729 දෙනෙකු අද (11) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
වතුකම්කරුවන්ට ලබාදීමට නියමිත පෙබරවාරි මාසයේ වැටුප මෙතෙක් ලබා නොදීම නිසා ඊට විරෝධය දක්වමින් ඔවුහු වර්ජනයේ නිරත වෙති.
සෑම මාසයකම 10වන දින වතු කම්කරු වැටුප් ගෙවීමට නියමිත අතර අද (11) වනතුරුත් වැටුප් නොගෙවීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත. කිසිදු වෘත්තීය සමිති භේදයකින් තොරව මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබෙන අතර වැටුප් ලබා දෙනතුරු මෙම වැඩවර්ජනක කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි වතු කම්කරුවෝ පවසති.
ඊට අමතරව, නමුණුකුල වැවිලි සමාගමට අයත් ඇල්ල කිනලන් වතුයායේ වතු කම්කරුවන් ද අද සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
වතු කම්කරුවන්ගේ මාසික වැටුපෙන් ආගමික දේවස්ථානය සඳහා මාසිකව අය කරනු ලබන මුදල් මාස කිහිපයක සිට දේවස්ථානයට ලබානොදීම, කිනලන් වතුයායේ නිෂ්පාදිත අමු දලු තේ කර්මාන්තශාලාවේ ඇඹරීම් නොකර බල්ලකෙටුව හිඳගල තේ කර්මාන්තශාලාවට රැගෙනයාම සහ වතු කම්කරුවන්ගේ අර්ථ සාධක මුදල් එම ගිණුම්වලට බැර නොකිරීම යන කරුණු මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබේ.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
718
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආගරපතන වතු කම්කරුවෝ වැඩ වරති