IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ආගරපතන ඇල්බියන් වත්තේ කොටසක් හුදකලා කරයි

(ශාන්ත චන්ද්‍රසිරි)


තලවකැලේ, ආගරපතන ඇල්බියන් වත්තේ තෝන්ෆීල්ඩ් කොටස සම්පුර්ණයෙන්ම හුදකලා කොට සංචරණ සීමා පැනවීමට අද (09) සිට පියවර ගත් බව  ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා කීය.


තෝන්ෆීල්ඩ් කොටසෙන් ඊයේ (08) හමුව ඇති කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයා තෝන්ෆීල්ඩ් වතු කොටසේ විශාල ප්‍රදේශයක් පුරා සැරිසැරීමත් එම වතු කොටසේ මංගල උත්සවයකට සහභාගිවීම හා තවත්  පුද්ගලයන් විශාල පිරිසක් සමඟ සමීපව ඇසුරු කොට ඇති බවට ලද තොරතුරු අනුව සෞඛ්‍ය අංශ ඉහළ නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින්  පසුව මෙම තීරණය ගත්බව ඒ මහතා පැවැසීය. 


දැනට එම වතු කොටසේ පුද්ගලයන් 150 ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කොට සිටින බවත් එම පිරිසගේ පී. සී. ආර්. පරීක්ෂණ ඉදිරියේදී සිදු කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය.


එසේ ලබා ගන්නා ලද පී. සී. ආර්. පරීක්ෂණ වාර්තාවලට අනුව මෙම වතු කොටසට පනවා ඇති හුදකලා බව සංචරණ සීමා තව දුරටත් පවත්වා ගෙන යාම සම්බන්ධයන් තීරණයක් ගන්නා බවද ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

ආගරපතන ඇල්බියන් වත්තේ කොටසක් හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 249 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1599 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site