IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ආගමන විගමන නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති

(ටී.කේ.ජී.කපිල)

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සේවා ගැටළු විසදීමට අවශ්‍ය මැදිහත්වීම අද (02) සිට ඉදිරි පැය 48 ක කාලය තුළ සිදු නොවුණ හොත් සියලුම ගුවන් තොටුපළ , වරාය ඇතුළු මෙම නිලධාරීන් රාජකාරී සිදු කරන සියලුම සේවා ස්ථාන ආවරණය කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්.කණුගල මහතා පවසයි.

දීර්ඝ කාලයක් තිස්සේ ආගමන විගමන සේවාවට සිදු වී ඇති අසාධාරණකම් සහ තම සේවාවේ හටගෙන ඇති බරපතල ගැටළු විසදා ගැනීමට අවස්ථා රාශියකදීම බලධාරීන්ගේ අවධානය යොමු කළ ද ඒ සඳහා සාධනීය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කර නොමැති බව කණුගල මහතා පෙන්වා දෙයි.

මේ නිසා 2018 වසරේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට මෙම නිලධාරීන් අවතීර්ණ වූ අතර 2018.05.18 දින ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේදී අප සේවා ගැටළු විසදීමට අදාළ බලධාරීන්ට උපදෙස් දුන් අතර පසුව අග්‍රාමාත්‍යවරයා ද මෙම ගැටළු විසදීම සඳහා කමිටුවක් ද පත් කළේය. එමගින් ද මෙම වෘත්තීය ගැටළු වලට විසඳුමක් නොලැබුණ බවද ඒ මහතා පැවසීය.

ඉන්පසු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද රනුග්ගේ විශේෂ කොමිසම වෙත ද ලිඛිතව සේවා ගැටළු අඩංගු වාර්තාවක් ඉදිරිපත් කළ ද  එම කොමිසම සේවා ගැටළු පිළිබඳව කිසිඳු නිර්දේශයක් ඉදිරිපත් කර නොමැත.

2019.08.01 දින මෙම සේවා ගැටළු පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කළ අතර එහිදී ඔහු ඒ සඳහා මාසයක කාලයක් තුළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවට පොරොන්දු විය.

නමුත් මේ දක්වා එය ඉටු නොවී පවතින අතර 2019.10.02 දින අමාත්‍යවරයා හමු වී මෙම ගැටළු පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී ඉදිරි පැය 48 ක කාලය තුළ ආගමන විගමන නිලධාරීන්ගේ සේවා ගැටළු විසදීමට අවශ්‍ය මැදිහත් වීම සිදු නොවුණ හොත්

ශ්‍රී ලංකාවේ සියලු ගුවන් තොටුපළ , වරාය ඇතුළු ආගමන විගමන නිලධාරීන් රාජකාරී සිදු කරන සේවා ස්ථාන ආවරණය වන පරිදි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් කරා අවතීර්ණ වන බව ද කණුගල මහතා  පැවසීය.

 

 



අදහස් (8)

ආගමන විගමන නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති

thrindu Wednesday, 02 October 2019 09:19 PM

වල් ඌරා කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් ලු **** කල දුටු තැන වල ඉහලන අපේ කට්ටිය මේවා දේශපාලන උවමනා වන රටේ මහ ජනයා දුකේ ....

:       0       5

lalithm Thursday, 03 October 2019 02:56 AM

ඔය ආයතනයේ තිරය පිටුපස වැඩ බොහොමයක් කරන්නේ පිට කොම්පැනිවලින්. මොවුන් කරන ටිකත් කොන්ත්‍රාත් දුන්නා නම් ඉවරයිනේ. මෙයාලත් දුම්රිය සේවකයන් වගේමයි...

:       395       224

sharm warn Thursday, 03 October 2019 04:26 AM

හරි අගෙයි.. අඩුවකට හිටියේ ඕගොල්ලෝ විතරයි.. තැටිය රත්වුණු වෙලේ රොටියක් දෙකක් දාගන්න. අද කාලේ සිංහලයන් මෙහෙම තමයි.

:       0       5

Sudubanda Thursday, 03 October 2019 05:24 AM

පිටරටක සිට අපේ රටට යනකොට පළමුවම රටේ නාමය කෙලසන්නේ මොවුන්.. කම්මැලි, අලසකමින් වැඩ කරන ගමන් පගාව ඉල්ලනවා. අහිංසක මිනිස්සු බය කරලා සල්ලි ගන්නවා. මගේ යාලුවෙක් ජපානයේ සිට එයාගෙ බොස් එක්ක ලංකාවට ගියා. ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් උදව්කරන මනුස්සයෙක්... ජපානයේ හිටියට මොංගෝලියානුවෙක්. එයාට එයාට ඉංග්‍රීසි බැහැ කියලා කොලය පුරවන්න යෙන් 10000ක් රුපියල් 16000ක් ඉල්ලුවලු. මේ වගේ අසමජාතිකයො මේකේ ඉන්නේ. මේ ආයතනය පෞද්ගලික කරානම් හරි.

:       121       171

ගීත් Thursday, 03 October 2019 06:34 AM

මේපාර අර කවුන්ටර් වල සැරවැර දාන අයත් පටං ගත්තද? අපොයි ඒ අයගේ පිහිටෙන් කීදෙනෙක් ලංකාවෙන් මාරුවෙලා ගියාද?

:       0       22

hiran Thursday, 03 October 2019 06:43 AM

අර කෝට් වේ විශ්‍රාමික රණවිරුවන් පසුපස හිටියා.. එයාගේම තවත් වැඩක් .

:       0       1

Asanka Thursday, 03 October 2019 06:58 AM

සීසීටීවී දානවට විරුද්ධව වැඩ වර්ජන කළ අපතයන් ඉන්න තැනක්නේ...

:       0       7

සිරෝමි Thursday, 03 October 2019 11:01 AM

ඔතන ජරාව කන අය තමයි වැඩිපුරම ඉන්නේ. එහෙම නැහැ.. පිටරට සිට පැමිනි මගේ නෑයෙක් ඔතන ඉන්න අය වැඩ කරන හැටි මට කිව්වා. වරුවක් විතර හිටියා. එයාට පස්සේ ආපු හිතවත් අයගේ වැඩනම් ඉක්මණට කෙරුණලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1266 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site