IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


අසර්බයිජාන්හිදී මියගිය සිසුවියන්ගේ සිරුරු ගෙන්වීමට පියවර

(තිළිණි  ද සිල්වා) 

අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ දේහ ලංකාවට ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

අසර්බයිජාන්හි ලංකාවේ තානාපති කාර්යාලයක් නොමැති අතර ටෙහෙරාන්හි පිහිටි තානාපති කාර්යාල නිලධාරීන් විසින් එම රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.
 
එම රජය මේ සම්බන්ධයෙන් ඉතා සංවේදීව කටයුතු කරමින් සිටින බව ද රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළේය.
 
අසර්බයිජාන්, බකු අගනුවර කැස්ෆියන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි ලාංකික ශිෂ්‍යාවන් තිදෙනෙකු විෂ දුමක් ආඝ්‍රහනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබිණි. 
 
එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ ගින්නක් හටගෙන ඇති අතර එහි දුම ආඝ්‍රහණය වීමෙන් ඇති වූ ආසාත්මිකතාවය හේතුවෙන් ශිෂ්‍යාවන් තිදෙනා රෝහල්ගත කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.
 
මියගොස් ඇත්තේ කඩුවෙල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිව සිටි ශිෂ්‍යාවන් තිදෙනෙකි.
මොවුන් වයස අවුරුදු 21, 23 සහ 25 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරියන් බවද වාර්තාවේ.
 
මියගිය මෙම ශිෂ්‍යාවන්ගේ මෘත දේහයන් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.
 
මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් අසර්බයිජාන් රජය ද විමර්ශනයක් ආරම්භ කර ඇත.



අදහස් (8)

අසර්බයිජාන්හිදී මියගිය සිසුවියන්ගේ සිරුරු ගෙන්වීමට පියවර

Dinesh Saturday, 11 January 2020 08:57 AM

මොකටද ඉගෙන ගන්න ඒ රටවල් වලට යන්නේ ?

:       0       123

සෙනෙවිරත්න Saturday, 11 January 2020 10:49 AM

කෙටියෙන් කියතහොත් එකතරා සංගමයක උද්දච්චභාවය හේතුවෙන් සහ අසරන රෝගීන් ඇපයට තබා කරන වර්ජන වලට බියපත් පාලකයන් හමුවේ, රටේ නූගත් අසරණ ගැහැනුන් වහල් සේවයට යවා සහ ඇඟලුම් සේවිකාවන් හොයනා විදේශීය විනිමය වැයකර වෛද්‍යය සිහිනය සෑබැකර ගැනීමට ගොස් මෙවන් අකල් මරණ වලට මුහුණ පා ඇත. මෙවන් ඛේදවාචකයක් විටින් විට අසන්නට සිදුවේ. වහාම ඉහළ මිලකට හෝ විධිමත් වෛද්‍ය උපාධිය දීමේ ක්‍රමයක් ඇතිකළ යුතුයි.

:       25       72

සමන් - ඕමානය Saturday, 11 January 2020 12:44 PM

අකාලයේ දිවියෙන් සමුගත් එම දියණියන් තිදෙනා හට නිවන් සුව පතමු. මතු උපදින කිසිම භවයකදී මෙවැනි අකල් මරණයන්ට ගොදුරු නොවේවා!!! ශෝකයට පත් එම දෙමාපියන්හට අපගේ සාතිශය ශෝකය පළකර සිටිනවා.

:       0       20

Raveendra Saturday, 11 January 2020 04:00 PM

නොසිතු මොහොතක ජිවිතයෙන් සමුගත් මේ අහිංසක දරුවන් සියලු දෙනාටම නිවන් සුව අත්වේවා !!

:       0       15

Sunil gikiyanage Saturday, 11 January 2020 08:36 PM

ඒ ළමයි මේ විශ්වවිද්‍යාලයට ගියේ කොහොමද? කවුද මේ අයව යැව්වේ මේකත් තව ජාවාරමක්ද?

:       82       12

ShehanSunday, 12 January 2020 09:24 AM

කෙනෙක්ට තමන් කැමතිරටක ඉගෙනගන්න කිසිම විධායක බාධාවක් තියෙන්න බෑ. අනික ඒ විශ්ව විද්‍යාලයේ ඇතුළත් කරගැනීමේ සීමාවන් ඉක්මවා ඉගෙනගෙන තියේනම්, වියදම් කරන්න තරම් මුදල් තියේනම් ඕනෑම කෙනෙක්ට යන්න පුළුවන්... අසර්බයිජානය, ජෝර්ජියාව, රුසියාව, චීනය වගේ රටවල අපේ ළමයි ගොඩක් යන්නේ ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලවල දෙන්නේ නැති වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්න. එ්කට ඒ ළමයින්ටයි එයාලගේ දෙමව්පියන්ටයි බැනලා වැඩක් නැහැ.

:       0       134

snimala gunasingha Sunday, 12 January 2020 01:35 AM

විවිධ ආණ්ඩු, රජයන් අවුරුදු 71 ක් තිස්සේ රජකම් කළත් දරුවන්ට තමුන්ගේ රටේ හරි උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදා දෙන්න බැරි වුන එකේ ප්‍රතිඵලයි මේ අහිංසකයන්ට ජිවිතයෙන් ගෙවන්න වෙලා තියෙන්නේ. දෙමව්පියොත් මේකට හවුල් එවැනි ආණ්ඩු /රජයන් පත් කළේ දරුවන්ට මේ ඉරණමට පත් කරන්නද? කල්පනා කර බලන්න අපි කොහෙද ඉන්නේ කියලා ? දරුවනි ඔබලාට නිවන්සුව! නැවත මෙවන් රටක නුපදිවා!

:       37       102

sugath Sunday, 12 January 2020 11:16 AM

අද ලංකාවේ ළමයින්ට වෙන රටවල ගොස් දහ දුක් විඳ ඉගෙනගන්ට සිදුවී තිබෙන්නේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට අකුල් හෙළන කුහක වෛද්‍ය සංගමය නිසයි.

:       0       105

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 984 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1034 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 409 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site