IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අසන්ත තේරීම් කමිටුවත් අතහරී

 

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අසන්ත ද මෙල් මහතා එම තතුරෙන් ඉල්ලා අස්වී ඇත.

මෙල් මහතා ඉකුත් වසරේ (2020) නොවැම්බර් මාසයේදී පිට පිටම තෙවැනි වරටත් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති තනතුරට පත්වූ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ ටෙස්ට් තරගාවලි දෙකම දකුණු අප්‍රිකාව සහ එංගලන්තය හමුවේ 2-0 ක් ලෙස පරාජයට පත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකරු ලෙසද කටයුතු කළ මෙල් මහතා එංගලන්තයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර කියා සිටියේ තරගාවලිය නිමාවීමෙන් පසුව තමා කලමණාකරු තනතුරෙන් පමණක් ඉල්ලා අස්වන බවත්, තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස තවදුරටත් කටයුතු කරන බවත්ය.

පෞද්ගලික හේතුවක් මත කලමණාකරු තනතුරෙන් ඉවත්වන බව පැවසූ මෙල් මහතා, එම අවස්ථාවේදී වැඩිදුරටත් කියා සිටියේ තමා එම තනතුරේ කටයුතු කළේ තාවකාලිකව පමණක් බවය.

මෙල් මහතා 2018 වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා තේරීම් කමිටුවේ සභාපතිවරයා කටයුතු කළ අතර එම කාලවකවානුව තුළ අවිෂ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග සහ ලසිත් ඇඹුල්දෙණිය වැනි දස්කම් අතර සිටි තරුණ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට කැඳවීමට ඔහු පියවර ගත්තේය.

ඔහු සිය ධූර කාලය තුළ ගත් දැඩි තීරණ අතර ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් සහ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ලසිත් මාලිංග එම තනතුරුවලින් ඉවත් කොට ඒ සඳහා දිමුත් කරුණරත්න ආදේශ කිරීම ප්‍රධාන තැනක් ගනී.

කෙසේ වුවත් පසුගිය ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයට දිර්ඝ කාලයක් පුරා එක්දින ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩා නොකළ ක්‍රීඩකයක් කිහිප දෙනෙක් නම් කිරීමට මෙල් මහතා ගත් තීරණය බෙහෝ දෙනාගේ විමතියට හේතුවිය.

එහිදී තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ජීවන් මෙන්ඩිස් සහ මිලින්ද සිරිවර්ධන ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කිරීමට මෙල් මහතා පියවර ගැනීම දැඩි ලෙස මතභේදයට තුඩු දුන් තීරණයක් විය.



අදහස් (13)

අසන්ත තේරීම් කමිටුවත් අතහරී

සිරිබිරි Wednesday, 27 January 2021 04:58 PM

ඇති යාන්තම්. ආපහු තෙල් සංස්ථාවේ සභාපතිකම බාරගන්න වෙන්න බැරිද? මොකද ඔය පුද්ගලයා අරයගේ ළඟ නෑදෑයානේ...

:       0       5

Ruhunu Wednesday, 27 January 2021 06:18 PM

යන යකා කොරහත් බිඳගෙන ගියා කියලා අපි හිතාගනිමු.

:       1       4

Mahesh UK Wednesday, 27 January 2021 06:32 PM

ආයෙත් නම් පළාතක එන්න දෙන්න හොඳ නැහැ. ක්‍රිකට් නැත්තටම නැතිකළා. තව ඉන්නවා සෙට් එකක්.. ඒ අයත් ගෙදර යවන්න ඕනෑ.

:       0       5

de silva Wednesday, 27 January 2021 07:47 PM

නුවන් කුලසේකර කියන්නේ කවුද කියලා දන්නේ නැති තේරීම් කමිටු සභාපති කෙනෙකුගෙන් වැඩක් නැහැ. මෙතුමා තෙල් සංස්ථාවේ සභාපති වෙලා ඉන්න කාලේ හෙජිං ගිවිසුම අත්සන් කිරීම නිසා ලංකාවට ඩොලර් බිලියන කිහිපයක විශාල පාඩුවක් සිදුවුණා. අනේ දැන් 60 පැනලා 70ට කිට්ටු වෙලානේ ඉන්නේ? කරුණාකර විශ්‍රාම යන්න.

:       0       5

Udaya Wednesday, 27 January 2021 07:55 PM

හොඳ නිවුස් එකක්....

:       0       7

RaveendraThursday, 28 January 2021 09:24 AM

අප පන්දුවට පහර දෙනවිට එය බෝලින් විකට්ටුවකි... ප්‍රතිවාදියා පන්දුවට පහර දෙනවිට එය බැටින් විකට්ටුවකි... මේ වගේ තර්ක ඇද බෑවේ කවුද?... මේත් එවැන්නෙකි.

:       0       4

ගයාන් Thursday, 28 January 2021 05:00 AM

අම්මෝ ලොකු දෙයක්... අරවින්ද, අර්ජුන, ජයසූරිය හෝ මහානාම ඕකට සුදුසුයි.

:       1       17

Sk Thursday, 28 January 2021 06:13 AM

අපිට ලැබුණු දුර්වලම කෙනා...

:       2       16

ම්වුබිමේ අනාතයා Thursday, 28 January 2021 07:47 AM

අපට ආයෙත් ක්‍රිකට් වසන්තයක් උදාවේවි !! ආයෙත් ගැම්මෙන් මැච් බලන්න!

:       0       6

fairoos Thursday, 28 January 2021 08:01 AM

බොහෝම ස්තුතියි. තවත් අපේ ක්‍රිකට් කන්නැතුව යන එක හොඳයි.

:       0       5

Kule Thursday, 28 January 2021 08:08 AM

මෙපමණ පරක්කු වුණේ ඇයි කියලා බැලුවේ වැඩබැරි ටාසන් කෙනෙක්...

:       0       6

kamal Thursday, 28 January 2021 08:09 AM

ආයෙමත් සභාපතිකමක්වත් ලැබිලද? කළින් සැරේ හෙජිං විනාසේ මදි නේද?

:       0       5

Raveendra Thursday, 28 January 2021 08:46 AM

මෙයා මහජන මුදල් ඍජුවම කාබාසිනියා කිරීමට වගකිවයුතු තවත් කෙනෙක් බව පෙනෙන්නේ අපට පමණද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31468 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13760 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 147 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site