(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අසාද් සාලි මහතා ඊයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් අතර ඔහුගේ මෝටර් රථය පොලිස් භාරයට ගෙන පරික්ෂා කිරීමේදී එහි තිබී මෙම ගිනි අවි සහ උණ්ඩ සොයාගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
අත්අඩංගුවට ගනු ලැබ ලැබූ අසාත් සාලි මහතා මහතා තස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ තුළ රඳවා තබාගෙන මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.
COMMENTS
ඔය එන්නේ බළලා මල්ලෙන් එළියට ... ඔහොමම ඉදිරියටම යන්... ඒත්, පාස්කු ප්‍රහාරයට දඬුවම් දීම තමයි සැමගේ බලාපොරොත්තුව. මෙයින් ඡන්ද වාසිගන්න බලාපොරොත්තු නම් තියාගන්න එහෙම එපා. පාස්කු ප්‍රහාරයේ පිහිටෙන් ඡන්ද වාසි ගැනීමට සිතන්න එපා. රටේ ජනතාව අවදි බුද්ධියෙන් ඉන්න.... දේශපාලනය, පක්ෂය, පාට නොබලා වැරදි කරුවන්ට දඬුවම් කිරීමයි ජනතාවට අවශ්‍ය. සිදුවිය යුත්තේද එයයි.
අපේ ගිනි අවි අපිට.. ඒවායේ උණ්ඩ එයාලාට..
කඩුවක් තිබ්බේ නැද්ද? චීනෙන් ගෙන්වපු.
ඔය මොනවා අහුවුණත් වැඩක් නැහැ. මෙයා අයියගෙයි, මල්ලිගෙයි හොඳ යාලුවෙක්.. ළඟදී පළාත් සභා නැහැ නේද?
බලපත්‍රයක් ඇතිව ගිනි අවි සහ උණ්ඩ තියාගන්න එක වැරැද්දක් නොවේ. බලපත්‍රයක් තියෙනවද? නැද්ද? කියලා නැහැනේ...
පලි ගැනීම සහ සංදර්ශන. ඒ වුණාට අපි පලි ගන්නේ නෑ. ඒ වුණාට අපි නම් පිළිගන්නේ නෑ. ඔය පිලිකන්නේ වැඩ...
මෙයා බුදුපිළිම කඩපු අපරාධකාරයෝ පොලිසියෙන් බේරගන්න ලොකු බොරුවක් කළා. ඔවුන් පොලිසියට ගෙනත් බාරදෙනවා කියලා. පොලිසිය නොමග යවලා ඔවුන්ට පැනගන්න සැලසුවා.
සීනි වංචාව වහගන්න නියම සංදර්ශනයක් දානවා. දැන් ඉතින් අසාද් සාලිගේ ගෙදරින් කුඩුත් හොයාගනියි. දන්නවනේ ලංකාවේ පොලිසියේ වැඩ...
සති ගාණක් දීර්ඝ විමර්ශනයකට පසුව හෙළිවෙයි.. ගිනි අවියට බලපත්‍රයක් ඇති බව මේ නාට්‍යය යන අතරේ ඔයාලා සීනි කැලෑ අමතක කරන්න බලන්න.
මාර වැඩක්නේ වෙලා තියෙන්නේ.. දැන් එක රටක්, එක නීතියක්නේ.
දේශීය කිසිදෙයක් නැහැ.
මොන දඩුවම්ද? අපතයින් ටිකක් එකතු වෙලා රට පාලනය කරනකොට ඌරන්ට රජ මගුල්... හෙට අනිද්දා වෙනකොට කියයි. ඒ හම්බ වුණ අවිය, උණ්ඩ සැබෑ එ්වා නෙවෙයි කියලා. අවුරුදු හැත්තෑ තුනක් තිස්සේ මෙි රඟපැම් තමයි කලේ. ඒක අපේ රටේ ඉන්න බත් කන හරක්ට තේරෙන්නේ නැහැ. හැමදාමත් වහල්ලු වගේ තමයි.
ඉතුරු ගිනිඅවි සහ උණ්ඩ තියෙන තැන පෙන්වන්න අරගෙන ගියොත් වැඩේ ඉක්මණින්ම කම්මුතු කරගන්න පුළුවන් වෙයි.
ඔහු වරදක් කර ඇත්නම්, චෝදනා ගොනුකර වහාම නඩු පවරා සිර දඬුවම් දීමයි කළ යුතු වන්නේ. අපි බලමු ඉතින් එහෙම නැතිව, බන්ධනාගාර රෝහලෙන් නොමිලේම ප්‍රතිකාර ලබා ගනිමින් එතුමාගේ ලෙඩවලට බෙහෙත් කර ගැනීම සඳහා කැප කරන කාලයක්ද මේ කියලා..? බලමුකෝ ඉතින් ඉදිරියේදී මොකද වෙන්නේ කියලා...?
කාට වෙඩිතියන්න ගියාද දන්නේ නැහැ... දෙකක් ඇනලා අහනකොට කියයි.
මට නම් හිතෙන්නේ මේක හොඳින් සැලසුම් කළ දෙයක් කියලයි. ළඟදී ඡන්දෙ තියන නිසා සිංහල ඡන්ද කඩා ගන්න කරන මගඩියක්... ඊට පස්සේ මෙයාගේ අතට සල්ලිත් දීලා ගෙදර යවයි.
මෙතන කමෙන්ට්ස් දාලා තියෙන කිසිම කෙනෙක්ට මෙහි අන්තර්ගතය තේරෙන්නේ නැහැ. මේ කරන්නේ සීනි, පොල්තෙල් වංචාවන් සහ කැලෑ කපලා ඇණගෙන ඉන්න එකා වෙන පැත්තකට හරවන එක විතරයි. මේවට රැවටෙන්න එපා.