(විනීතා එම් ගමගේ)
පාසල්වල අනාරක්ෂිත තත්ත්වයක් නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසද්දීත් එවැනි තත්ත්වයක් ඇතිවිය හැකියැයි පාසල්වලට ගොස් පැවසීමෙන් ප‍්‍රදේශය පුරා නොසන්සුන් වාතාවරණයක් ඇතිකළ කටාන පොලිසියේ නිලධාරීන් ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි ලංකා ගුරු සංගමය පොලිස්පතිවරයාට අද (30) ලිඛිත පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටියේය.
අද පෙරවරුවේ කොන්දගම්මුල්ල රෝමානු කතෝලික විදුහලට හා දෙමංහන්දිය මිරිස්වත්ත ප‍්‍රාථමික විදුහලට ගිය කටාන පොලීසියේ නිලධාරීන් විසින් ප‍්‍රදේශයේ අනාරක්ෂිත තත්වයක් පිළිබඳව දැනුම්දී තිබූ අතර, එම දැනුම්දීම මීගමුව හා මිනුවන්ගොඩ ප‍්‍රදේශ පුරා පැතිර ගොස් තිබුණි.
මේ හේතුවෙන් දෙමාපියන් මිනුවන්ගොඩ දාගොන්න විදුහල, කොන්දගම්මුල්ල රෝමානු කතෝලික විදුහල, දෙමංහන්දිය මිරිස්වත්ත ප‍්‍රාථමික විදුහල යන පාසල්වල සිසුන්ව රැගෙනයාමට පැමිණි අතර, ප‍්‍රදේශයේ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විය. එම පාසල්වල කටයුතු සම්පූර්ණයෙන් අඩපණ වූ බවත් මේ තත්ත්වය යටතේ දරුවන් දෙමව්පියන්ට භාර දීමට විදුහල්පතිවරුනට සිදුවූ බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
අනාරක්ෂිත තත්වයක් සම්බන්ධයෙන් පැතිර යන ආරංචිවල සත්‍යයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසූවද කටාන පොලීසියේ නිලධාරීන් විසින් එවැනි තත්වයක් පිළිබඳ පාසල්වලට දැනුම්දීම බරපතල ගැටලූවක් බවත්, මෙවැනි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, දෙමාපියන් සහ දරුවන් බියපත් කරවන මෙවැනි අසත්‍ය ප‍්‍රචාර වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් පොලිස්පතිවරයාට පැමිණිලි කළ බව ද ස්ටාලින් මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අසත්‍ය ප්‍රචාර පැතිර වූ කටාන පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණයක් ඉල්ලයි