
(විනීතා එම් ගමගේ)
අවිස්සාවේල්ල සිට පෑලියගොඩ දක්වා කැලණි ගඟ දෙපස රක්ෂිත කලාපය ඉක්මණින් ලකුණු කොට ගැසට් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.
ගඟේ රක්ෂිත කලාපයේ මායිම් ලකුණු කොට අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කීය.
මෙම ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් ලෙස පැල්පත් විශාල සංඛ්‍යාවක් පවතින බවත් අනවසර පදිංචිකරුවන් ඉවත්කිරීමට පෙර ඔවුන් වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව නිවාස සංකිර්ණයක් ඉදිකිරීමට පියවර ගන්නා බවත් අමරවීර මහතා ප්‍රකාශ කළේය.
කැලණි ගඟ ඔස්සේ පෑලියගොඩ සිට ඉහළට කළ නිරික්ෂණ චාරිකාවකින් පසු අමාත්‍යවරයා මේ බව හෙළි කළ අතර අඩු ආදායම් ලාභින් පමණක් නොව සමහර ස්ථානවල මහල් දෙක තුනකින් යුත් නිවාස පවා පසුපස කොටස ගඟට සිටින සේ ඉදිකර තිබු ඒවා ද නිරික්ෂණය කළ බව කියා සිටියේය.
රක්ෂිතය නම් කිරීමෙන් පසු පදිංචිකරුවන් ඉවත්කිරීමේ දී තරාතිරම නොබලා කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.
සමහර පිරිස් නිවසේ කසල බෑග්වල දමා ගඟට විසිකරන බවත් තම චාරිකාවේදී ද ගඟේ පාලමක් මත සිට කාන්තාවක් ගඟට බෑගයක් විසිකරනු දුටු බවත් අමාත්‍යවරයා පැවැසීය.
ගඟට අපදියර බැහැර කරන ස්ථාන 1374 ක් හඳුනා ගත් බවත් ඔවුන් වහා එය නතර නොකල හොත් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් කී අමාත්‍යවරයා ලබන වසරේ ගංගා පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව ද කීය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අවිස්සාවේල්ල සිට පෑලියගොඩ තෙක් කැලණි ගඟ දෙපස රක්ෂිතයක් කරන්න යයි‘
පැරකුම් Saturday, 11 December 2021 06:28 AM
මෙය ගඟේ පුුංචි කොටසකට නොව මුලු ගඟටම ක්‍රියාත්මක කළ යුතුයි. එපමණක් නොව සියලුම ගංගාවන්ට අදාල විය යුතුයි...