IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


අවුරුදු 20 ඉක්මවා පැවිදිවූ භික්‍ෂූන්ට තෙදින පුහුණුවක්

(අජිත්ලාල් ශාන්තඋදය)        
                             
වසය අවුරුදු 20 ඉක්මවීමෙන් පසු පැවිදි බවට පත් භික්‍ෂූන් වහන්සේලාට තෙදින පුහුණු වැඩසටහනක් පෙබරවාරි මාසයේ 28 දින පැල්මඩුල්ල පාතකඩ භික්‍ෂූ පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ කිරීමට නියමිතය.

බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ බුද්ධ ශාසන අරමුදලේ උපදෙස් අනුව මෙම භික්‍ෂු පුහුණු වැඩසටහන පැවැත්වෙයි.

භික්‍ෂු විනය, ගිහි සමාජය ඉදිරියේ හැසිරිය යුතු ආකාරය  ඇතුළු භික්‍ෂූවකගේ ඇවතුම් පැවතුම් වත්පිළිවෙත් සම්බන්ධයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.  

එය අවසන් වන්නේ මාර්තු 1දා ය. රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය එම භික්ෂු පුහුණු වැඩසටහන සංවිධානය කරයි.

නිකාය භේදයකින් තොරව අවුරුදු 20 ඉක්මවීමෙන් පසු පැවිදි බිමට පත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන පිරිවෙන් ආදියේ වෙසෙන භික්‍ෂූන් ඊට සහභාගිවීමට නියමිතය.
 



අදහස් (12)

අවුරුදු 20 ඉක්මවා පැවිදිවූ භික්‍ෂූන්ට තෙදින පුහුණුවක්

JCN Wednesday, 26 February 2020 12:45 PM

"නිකාය භේදය.. " හරි ශෝක් නේද? කොයි බුදු හාමුදුරුවන්ගෙ ධර්මයේද දන්නෙ නෑ එහෙම එකක් තියෙන්නේ...? අපි ඉතින් එහෙව් අයගෙන්නේ බණ අහන්නේ...

:       22       71

නන්නාදුනන හාදයා Wednesday, 26 February 2020 01:00 PM

මෙහි ප්‍රධාන උපදේශක කථිකයා උතුවන් කන්දේ දේවදත්ත කියා ආරංචියි.

:       12       112

බද්රානි Wednesday, 26 February 2020 04:41 PM

අවුරුදු විස්සේදී, පැවිදි වූ භික්ෂුන් පමණක් නොවේ.. වර්තමානයේ බොහොමයක් පැවිදි චීවරධාරීන් පුනරුත්ථාපනය කළයුතු තත්වයකයි පසුවන්නේ?

:       0       225

නන්නාදුනන හාදයා Wednesday, 26 February 2020 05:47 PM

පොඩි නමලා මොනවාහරි කරලා හදාගන්න පුළුවන් වේවි. එ්ත් දැනට ජොබ් එක කරන කට්ටියව හදන්න අමාරුයි. ඒ අය දුශ්ශීලයෙන්ම මෝරලා මෝරලා අරටුවටම... අනික ඒ අයගේ නම දැනටමත් අවීචි මහා නරකාදියේ පොතේ ලියවිලා ඉවරයි.

:       0       0

maalakaThursday, 27 February 2020 01:22 AM

හරියට හරි. මොන්ටසොරියෙන් පටන් ගන්න පුළුවන් නම්, වැඩිය හොඳයි

:       0       25

කරුණාපාල Wednesday, 26 February 2020 05:08 PM

පහුගිය කාලේ හොටු පෙරාගෙන අඬපු, අර කොටුවේ පොඩ්ඩා කියලා කෙනෙක් ඉන්නවා. රණවිරුවන්ට අපහාසකරන හාදයාවත් අල්ලලා මොනවා හරි දෙයක් කරන්න බැරිද?

:       6       247

විකුම් රංගන Wednesday, 26 February 2020 08:23 PM

අපේ රටේ නළුවන්ට පවා රඟපෑම ගැන පාඨමාලා කළ හැකි අද්විතීය මට්ටමේ සිටින මේ අයට ආයේ අමුතුවෙන් මොන පුහුණුද? ඔස්කාර් සම්මාන ලැබිය යුතු මේ අයට රාජ්‍ය සම්මාන නොලැබීම ගැනයි අපට තියන දුක...

:       0       1

vidya Wednesday, 26 February 2020 08:47 PM

අස්ගිරි, මල්වතු නායක හාමුදුරුවනේ මතකද වස් වසන කාලයේ පාත්තර අරගෙන අභයාරාමෙන් පටන් ගෙන මුදල් සිඟමනේ ගියා.. ඔය දේශපාලන කඳවරුවලට ගැතිකම් කරන නිවට චීවර ධාරීන් පුනරුත්ථාපනය කළ යුතුයි. ගැහැණුන්ගේ ඇඳුම්වලට ගරහමින් බණ දේශනා කරන ටෙලිවිෂන් චීවරධාරින් පුනරුත්ථාපනය කළ යුතුයි. බුදුන් වැඩි කැළණි විහාරයේ නාග සෙල්ලම කරපු චීවර ධාරීන්, පුනරුත්ථාපනය කළයුතුයි.

:       0       1

.පුෂ්පකුමාර Wednesday, 26 February 2020 09:02 PM

දේශපාලකයින්ට කඩේ යාම වෙනුවෙන් පිනට ලැබෙන වාහන තමන් විසින්ම පදවාගෙන යාම සඳහා රියදුරු පුහුණුවක් හා රියදුරු බලපත්‍රයක් නේද ඔවුනට අවශ්‍ය වන්නේ. එසේ නැතිනම්, රියදුරු ගාස්තුවත් ගෙවිය යුත්තේ අසරණ ජනතාවයි.

:       0       0

rocky Thursday, 27 February 2020 02:38 AM

නායකත්ව පුහුණුව, හමුදා පුහුණුව එහෙම දුන්නොත් හොඳයි නේද?

:       0       2

lalithm Thursday, 27 February 2020 02:55 AM

පුහුණුව කොහොම වෙතත් මේ වයසේ කෙනෙක් මහන වෙන්නේ තේරුම් ගත්තට පස්සේ. කිරිසප්පයෝ මහන කරනවට වඩා වයස 18 පැනපු තරුණ අය මහන කරන එක සාධාරණයි.

:       0       6

athura Thursday, 27 February 2020 06:15 AM

පහුගිය ආණ්ඩු කාලේ මේක කළා නම් හාමුදුරුවන් මේ වෙනකොට පාරේ... මහින්ද මහත්මයා පන්සලේ....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 780 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 912 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 377 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site