IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


‘අවුරුදු 18 අඩු දරුවන් 6100 ක් හෙරොයින් වලට පුරුදු වෙලා’

(නිමල කොඩිතුවක්කු)

දිවයින පුරා වයස අවුරුදු 18ට අඩු දරුවන් 6,100ක් හෙරොයින් විෂ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී ඇතැයි මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකාය, අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩලය සහ පොලිසිය ඒකාබද්ධව ජනාධිපතිවරයා වෙත බාරදුන් සමීක්ෂණ වාර්තාවක් මගින් දැක්වේ.

එම වාර්තාවට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් 115,000 ආසන්න පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවත් අනාවරණය වේ.

මෙම සමීක්ෂණ වාර්තාව මගින් දක්වා ඇති කරුණූ අනුව එම පිරිස  පුනරුත්ථාපනය වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ වැඩසටහනක් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය වෙත උපදෙස් දී තිබේ.

දිවයින පුරා පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් දිනකයට හොරොයින් මත්ද්‍රව්‍ය සොයා යන බව ද මෙම සමීක්ෂණය මගින් සොයා ගෙන තිබේ.

එම පිරිස අතරින් 1,500ක් පමණ කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 85,000කට ආසන්න වේ.

තවද ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ගංජා භාවිතා කරන බවට මෙම සමීක්ෂණයේ දී අනාවරණය වී ඇත. ඒ අතර කාන්තාවන් 1,500ක් සිටී.

ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන් දිවයින පුරා කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී ඉකුත් මාස 6 තුළ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවෝ 40,846 ක් අත්අඩංගුවට ගනිමින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 3500 කට අධික ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අතර හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 1029 ග‍්‍රෑම් 997 මිලි ග‍්‍රෑම් 170ක ප‍්‍රමාණයක් සමඟ සැකකරුවන් 20309 ක් අත්අඩංගුවට ගෙන ඇත.

ගංජා කිලෝ ග‍්‍රෑම් 2378 ග‍්‍රෑම් 950 මිලි ග‍්‍රෑම් 381 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති පිරිස 20,015 කි.

මෙම අත්අඩංගුවට ගැනීම් තවදුරටත් පුළුල් කරමින් දෛනිකව පවතින ඉල්ලූම අවම කර ඊට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය වෙනුවෙන් ද විශේෂ වැඩසටහන් කි‍්‍රයාත්මක බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ වෙනුවෙන් විශේෂ අන්තර් පාලන ඒකකයක් ද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පිහිටුවීමට කටයුතු කර ඇත.

ඒ අතරතුර රට තුළට මත්ද්‍රව්‍ය ගෙන එන සියලූ මාර්ග පිළිබඳව ද විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මේ අතර මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මේ වන විට ගෙන යන පුළුල් වැඩපිළිවෙළ කාර්යක්ෂම කළ හැකි අන්දමින් සහ ඊට ගැළපෙන අයුරින් සුරාබදු නීති ද සංශෝධනය කර ලබන සතිය වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අදාළ අංශවලට උපදෙස් දී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

සුරාබදු රෙගුලාසී කඩකරන සුරාබදු බලපත් හිමියන්ට එරෙහි නීති දැඩි කිරීමට ද ජනාධිපති සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් නිකුත් කර ඇත.

පළාත් වශයෙන් විෂ මත්ද්‍රව්‍ය සඳහා වැඩිම පිරිසක් ඇබ්බැහි වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව සොයා ගෙන තිබෙන අතර, දකුණ, වයඹ, මධ්‍යම සහ උතුරු පළාතෙන් ද විශාල ප‍්‍රමාණයක් වාර්තා වෙයි.

එම පළාත් ආශි‍්‍රතව විශේෂ පුනරුත්ථාපන වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමටත්, මීට අමතරව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳ දැනුවත් කිරීම් පාසල්, දහම් පාසල්, වැඩබිම් සහ ස්වේච්ඡා සංවිධාන ආශි‍්‍රතව කි‍්‍රයාත්මක කිරීමටත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරමින් පවතී.



අදහස් (0)

‘අවුරුදු 18 අඩු දරුවන් 6100 ක් හෙරොයින් වලට පුරුදු වෙලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27641 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18181 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10881 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 642 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 194 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 850 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site