(නාලක සංජීව දහනායක)
ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාවට කඩනමින් සහන සැලසීමේදී චක‍්‍රලේඛ සහ අණ පනත් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (23) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
යම් හෙයකින් ජනතාවට සහන සැලසීමට බාධා වන අණපනත් වෙත්නම් ඒවා සංශෝධනය කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දුන්නේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී අද (23) විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
විපතට පත් ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සැලසිය යුතු බවත් කිසිදු පුරවැසියකු අපහසුතාවයට පත්නොකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා ආපදා තත්ත්වය පහව යාමත් සමග පුද්ගලයන් නැවැත පදිංචි කිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙසද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එම සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයා අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත‍්‍රික්කවල අවතැන්වූවන් රැඳී සිටින සුබසාධන මධ්‍යස්ථාන කිහිපයක නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකින් අහපු හොඳම තීරණයක්!