IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අලි රොෂාන්ගේ නඩුව පෙබරවාරි 13 දා සිට විභාගයට

(මනෝප‍්‍රිය ගුණසේකර)

 
වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත‍්‍ර නොමැති අලි ඇතුන් ළඟ තබාගත් බවට චෝදනා ලැබ සිටින අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු  හත්දෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරී මස 13 වැනිදා සිට  දිනපතා විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය (05) තීරණය කළේය.

පැමිණිලි පාර්ශවය විසින් විත්ති පාර්ශවයට බාරදිය යුතු ලේඛන ආදිය නිසි අන්දමට බාරදී ඇති බව මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී අනාවරණය වීමෙන් අනතුරුව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය එලෙස තීරණය කළේය.

විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ත‍්‍රී පුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා නීතීපතිවරයා මෙම නඩුව පවරන ලදී.

2012 ජුනි මස 05 වැනිදාත් 2015 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ මහරගම, නාවල හා බත්තරමුල්ලේදී නීත්‍යණුකූල බලපත‍්‍ර නොමැතිව අලි ඇතුන් සිව්දෙනෙකු ළඟ තබා ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව අලි ඇතුන් සිව්දෙනෙකු ළඟ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 24ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

වන සතත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ, දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ සහ  පොදු දේපළ පනත යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්, උචිත නිශාන් ධම්මික, කේ. චන්දන කුමාර, සෂික චානුක ගම්ලත්, පී. ගමගේ ජයලත්, වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණී ප‍්‍රියංගිකා සංජීවනී සහ වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ (නීතී) උපාලි පද්මසිරි නමැත්තන්ටය.

මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නඩුව දිනපතා විභාග කිරීමට තීරණය කළ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩුව කැදවන ලබන වසරේ පෙබරවාරී මස 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්කිකරුවන්ට නියම කළේය.



අදහස් (0)

අලි රොෂාන්ගේ නඩුව පෙබරවාරි 13 දා සිට විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site